Friday, April 27, 2012

කිරිකෝඩු හාදුව


ඔබේ උණුහුමින් පන ලද
හිතේ ඇඳුනු කෝඩු පැතුම
ඉබේ උඩට ඉපිලි ඉපිලි
එන බව දැනුනා

ඇඟේ දුවන රතු ලේ කඳ
හිතේ පිරුනු ආදරයට
වතේ ලපටි රතු පාටක් 
කාටත් පෙනුනා

වටේ සිටින දෙනෝ දහක්
හිතේ මහිමයෙන් මකලා
අපි අපේම ලෝකෙක බව
හිතටම කිව්වා

සදාතනික සුව පහසක
කුඩෙන් අඳුර පිරෙනා විට 
ඔබේ සිනිදු යටි තොල මම
හෙමිහිට ඉම්බා


No comments:

Post a Comment