මේ පුරන් වෙලා ඉරිතලා ගිය මල් වගේ වල් හිත් පොඩි ටික ඕන් මේ සඳකිඳුරට කලකට පස්සෙ මතක් උනා.ඉතින් කොහොමෙයි....... [අතිශය සීරියස් දැනුම්දීමයි ඕන්.ආපහු නොකීවය කියන්න එපා.කැත හිත් නැති මල් වගේ ලමයි එහෙම මෙව්ව කියවනව නෙමේ.ඩබල් මීනිං දන්නෙ නැත්තං බල්ටි ගහපල්ල.කොරන්න දෙයක් නෑ]
පෙට්ටි.......... මොනාද බොල මේ පෙට්ටි කියන්නෙ........ හප්පේ, ඔහොම කතාවක් අපේ එව්වන්ගෙන් එහෙම ඇහුවනම් උන් පැල් බැඳගෙන කියල දේවි පෙට්ටි ගැන.හික් හික් හික්..........
ලොව පෙට්ටි ජාති ගොඩක් තිබේ.සමහර එව්ව කාඩ්බෝඩ් පෙට්ටි.සමහර එව්ව යකඩ පෙට්ටි.ඇයි එතකොට හම් පෙට්ටි [වටිනා වටිනා හම් වර්ග වලින් හදන එව්ව ගැන මං කිව්වෙ.උඹල වෙන මුකුත් එහෙම හිතුනෙ නෑ නේද], තව එතකොට ලොකු පෙට්ටි, පොඩි පෙට්ටි, හිච්චි පෙට්ටි, කැඩුනු පෙට්ටි, අලුත් පෙට්ටි..............උඹල ඉතින් මොනා නැතත් පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්න නම් දන්නව.ඉතින් ඔය වගේ එකී මෙකී නොකී පෙට්ටි ජාති ගොඩක් ලෝකෙ තියෙනව.
![]() |
| ලමයි මේ තමයි කාඩ්බෝඩ් පෙට්ටිය |
![]() |
| මෙන්න ලමයි කැඩුනු පෙට්ටියක් |
![]() |
| මේකට කියන්නෙ යකඩ පෙට්ටිය කියල |
![]() |
| මෙන්න දරුවනේ හිල් පෙට්ටිය.ඇතුලට බැහැල හුස්ම ගන්නත් පුළුවන් |
පෙට්ටි තියෙන්නෙ ඉතින් ඇතුලට මොනාහරි දාන්න නෙව.මොන වගේ එව්වද දාන්න පුලුවනි........... එහා ගෙදර නැන්ද කියනව ඇහුන "අවුරුද්ද එන්න කලියෙන් ඕන් ඔය පෙට්ටියට බඩු පුරවන්න" කියල.පෙට්ටියට බඩු පිරවීම බලන්න හොඳ නැති නිසා ඕන් මං බලන්න ගියේ නම් නෑ.එව්ව කැත වැඩ නෙව.ගියොත් ඉතින් අපිටත් හවුල් වෙන්න වේවිනෙ.අත් වන වනා බලන් ඉන්න බෑනෙ
සමහරු ඉතින් කියාවි අනිත් එවුන් බඩු පුරවනකල් අපිට අත වනවනා හිටිය හැකිනෙ කියල.අපේ එවුන්ගෙ අත් වැනුවොත් නොවැනිම තියේවි :D
සමහරු කැමති පෙට්ටි දිහා බලන්න විතරයි.සමහරුන්ට අල්ලන්නත් ඕනි.සමහරු ආසයි නියපොත්තෙන් තට්ටු කරල බලන්න.සමහරුන්ට නම් ඉතින් ඇඟිලි නොගහ ඉන්නම බෑ
කොහොම උනත් ලොකු පෙට්ටියකට පොඩි දෙයක් දානවට වඩා මං නම් හිතන්නෙ පොඩි පෙට්ටියකට හෙමි හෙමින් ලොකු දෙයක් පැක් කරන එක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්.
සමහර පෙට්ටි අළුතින් ගත්ත හරිම අමුතු සුවඳයි.ඉස්සර මට මතකයි අපෙ ගෙදරට අළුතින් පොත් එහෙම ගෙනාවම පිටුවෙන් පිටුවට පෙරලල මන් සුවඳ බලනව.අන්න ඒවගේ තමා සමහරුන්ට කුළුදුලේ පෙට්ටියක් හම්බුනාම.කෝඩුකාර විසේ නෙව.
කතාවෙන් කතාවෙන් උඹලගෙ බලාපොරොත්තු කඩල බිඳල සුන්නද්දූලි කොරන තැනටම ආව ඕන්.හරියට ඇඳුම් පැළඳුම් හදාගෙන අත මේසෙ උඩට අරගනිල්ල.
දැන් මං උඹලට මේ කියන්න යන පෙට්ටිය එකෙක්ටවත් අල්ලන්න, හොල්ලන්න, ලෙවකන්න, උස්සන්න, ඇඟිලිගහන්න වගේ අතවර වලට ලක් කරන්න තහනම්.මඩු වලිගෙකුත් ධීවර අයිය කෙනෙක්ට කියල හොයාගත්ත උඹලට තඩි බාන්නම.ඒ පෙට්ටිය තමා පෙට්ටියේ රහස [නොදන්නා උන්ගේ දැනගැනීම පිනිසයි.ඒක අවුරුදු ක්‍රිඩාවකි :D නැත්නම් උඹල බලයි පෙට්ටියක් දීල ඇතුලෙ තියෙන එව්ව කියන්න කියනවද කියල.හෙහ් හිහ් හිහ් ආසම ඇති ;)]
සඳකිඳුරත් ඕන් මලින් ඵලින් ආභරණින් සරසා පෙට්ටියක් අරන් එනව සයිබර් සිහිනෙට එද්දි.ඉහත නීති රීති වලට අනුගතව හැමෝටම පුළුවනි තරඟෙට සහභාගි වෙලා පෙට්ටිය ඇතුලෙ තියෙන දේ උපකල්පනය කරන්න.පට්ට තරඟයක් තියේවි.මොකද කියනව නම් තරඟේ සංවිධායක සඳකිඳුරවත් දන්නෙ නෑ මොකක්ද ඒකෙ තියෙන්නෙ කියල.ගෙවල් ගාව ඉන්න කිඳුරියක් මටත් හොරෙන් පෙට්ටියට බඩු දාල සීල් තියල :o
කට්ටිය යන එන ගමන මගේ ඉසව්වටත් ගොඩවෙලා උත්තර දෙන්නයි තියෙන්නෙ.ඇතෙක් බරට තෑගි ඕන්.ඇතෙක් බරට කිව්වම උඹල කරත්ත උස්සන් එන්නෙපා තෑගි ගෙනියන්න.සාක්කුවෙ දාන චූටි ඇතෙක්ගෙ බර ගැන කිව්වෙ o.O
නෝ චීටිං ලමායි.මඩු වලිගෙන් ගුටි තමා හොර කලොත් ;) [උඹල කාටවත් කියන්නෙපා.මුහුදෙ හිටියට මොකෝ.මාත් ගූගල් සර්ච් එකෙන් බැලුවෙ මඩු වලිගෙ මොකද්ද කියල]
එහෙනම්.......... හැමෝම ඒවි කියල බලාපොරොත්තු වෙනව අපිත් එක්ක 22 වෙනිදට අත්වැල් බැඳගන්න.මතකනෙ,
දිනය :- 2012 අප්‍රේල් 22
වෙලාව :- පෙරවරු 9.00 ඉඳන් පස්වරු 4.00 වෙනකල්
තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය
පෙට්ටියේ රහස ගැන බලනගමන් මං ගාවටත් ඇවිත් hug එකක් දෙන්න අමතක කරන්නෙපා :))))
එන්න............. සිහිනය සිහිනයක් ලෙසම සැබෑ වනහැටි දකින්නට :)
.jpg)




No comments:
Post a Comment