මේ දේට සඳකිඳුර මූන දුන්නෙ ඕන් හරියටම කියනවනම් සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කාලෙ.ඒ කාලෙදි ඇඟ හිරිවැටෙන තරමෙ ලැජ්ජාවක් මේ සිද්දිය මතක් වෙද්දිත් දැනුනට දැන් දැන් නම් ඒ කාලෙ වුනු ගොන් වැඩ මතකෙට එද්දි තනියම ඇති තරමක් හිනා වුනහැකි.ඇත්තටම ජීවිතේ හැල හැප්පීම් තිබුනට සඳකිඳුරට ගොඩක් දැනෙන දෙයක් තමා මේ ජීවිතේ කියන්නෙ පට්ටම පට්ට ලස්සන දෙයක්.තමාට ජීවිතේ නීරස නම් ඒකට එකම හේතුව තමා ජීවිතය කියල හිතාගෙන ඉන්න රාමුවෙ වරදක් විනා ජීවිතයෙ වරදක් නෙමේ.මොහොතකට හදවතයි ඇහැයි ඒ රාමුවෙන් පිටට දාල බලන්න.ජීවිතේ හැමතිස්සෙම අපිට අඬන්න හේතුවක් දෙද්දි හිනා වෙන්න හේතු දෙකක්වත් අඩුම තරමින් දෙනව.මොහොතක් හිතන්න.
අඬන හිත් වලට ජීවිතේ රහ කියල දෙන්නම්කො පස්සෙ හෙමින් සැරේ.ඉතින් මේ කියන්න ලෑස්ති වුනේ මං කෙල්ලෙක් ඉදිරියේ මුල්ම වරට නිරුවත් වුනු හැටිනෙ.හ්ම්..........
මේකට මුල් වුනු එකම කේස් එක තමා සරම.සරම් කිව්වම එක එක ජාතියෙන් තියෙනව නෙව.අතීතයෙ ඉඳන්ම හෙල මුතුන්මිත්තන්ගෙ බොහොම උජාරු ඇඳුමක් තමා ඕන් සරම කියන්නෙ.ගොඩක් අය දැනුත් සරම් අඳිනව ඒක ඇඳන් ඉන්න හරිම පහසු වගේම සැහැල්ලු නිසා.ඒ වගේමයි හැම දේකටම වගේ ගෝලීයකරණයේ බලපෑම් මත සරමත් දැන් මෝස්තර ආභරණයක් ගානට වැටිල ඇතැම් තැන් වලදි.මේ බලන්නකො,
සමහරු හිතනව සරම කියල කිව්වම අයියෝ ඕක පිරිමි ඇඳුමක්නෙ, ගෑනු සරම් එක්ක අදාලත්වයක් නෑනෙ කියල.අපෝ මොන පිස්සුද.සරම කියන්නෙ පිරිමි වගේම ගෑනුත් ඉස්සර ඇඳපු අඳුමක් දැන් කාලෙ ඉන්න ලමිස්සියො දන්නෙ නැති වුනාට.දැනටත් ඔය ලමයි හම්බුවෙන්න ඉන්න අම්මල එහෙමත් පහසුව නිසා සමහර වෙලාවට සරම් අඳිනව.හැබැයි පිරිමි අය වගේ ඉනෙන් නෙමේ, පපුවට උඩින්.ගෙදර වැඩ කරන වෙලාවට එහෙමත් සමහර විටක සරම අඳින්න පුළුවන්.
දැන් අපේ ගෑනු පාර්ෂවේ ඕන් බීච් කවර් ස්කර්ට්ස් කිය කිය ලස්සනට වැඩ දාපු ඉන වටේ ඔතන ඇඳුම් ඇන්දට ඒකත් සරම කියන ඇඳුම ගෝලීයකරණයත් සමගම මුසු වීමේ ප්‍රභේදයක් තමයි.මේන් බලමුකො ඒකෙත් හැඩ :)
කොහොමින් කොහොම හෝ අදටත් වැඩි දෙනෙක් කැමතී සරමක් වගේ පහසු ඇඳුමකින් ඉන්න ඇත්නම් ගෙදර ඉද්දි.හැබැයි ඉතින් ඕක හැමෝටම හරියන්නෙ නෑ.ඒ මොකද කියනව නම් සමහරුන්ට සරම් ඇඳගෙන ඉන්න තේරෙන්නෙ නෑ.මටත් ඔය මගුල ඇඳගෙන ඉන්න තේරෙන්නෙ නෑ නෙව.කොහොමහරි දවල්ට කඩන් නොවැටි ඇඳගෙන හිටියය කියමුකො.රෑට නිදාගෙන උදේ නැගිටිද්දි තමා ඇහැරවන්න එන එකාට තොවිල් නටවල නූල් බඳින්න වෙන්නෙ.මොකෝ ඉතින් ඇහැරෙද්දි සරම පැත්තක, ඇඳන් හිටපු එකා තව පැත්තකනෙ.අපේ ගෙදර ඉතින් ඔය නස්පැත්තියට කාලයක් මූන දුන්නෙ අපේ අම්ම.පස්සෙ පස්සෙ ඉතින් අපේ අම්මගෙ බයිට් ඉවසන්න බැරිම තැන මම සරම කියන වචනෙත් මගේ ඩික්ෂනරියෙන් අයින් කලා.ඉතින් ඔන්න දැනුයි මගෙ කතාව පටන් ගන්නෙ............ ;)
මගේ කතාව : සරමක් කරපු නස්පැත්තිය :/
ඒ දවස් ඉතින් සාමාන්‍ය පෙළ ලියල ගෙදර හිටපු කාලෙනෙ.හරිම අමාරුයි ගෙදර ඉන්න.පනුගාය වගේ හැම තැනම දුවනව.එලියට බැහැල යාලුවොත් එක්ක පිස්සුවක් නටන්න ඇත්නම් ඊට වඩා දෙයක් නෑ.
දවසක් ඉතින් ඕන් සඳකිඳුරට ඉස්කෝලෙ හොඳම යාලුවෙක්ගෙන් ආරාධනාවක් ආව " වරෙන් මචෝ ගෙදර.කාල බීල ගේමක් එහෙම ගහල ෆන් එකක් දාමු " කියල.අලේ ඉතින් මටත් ඉස්පාසුවක් නෑ මිටින් හල කුරුල්ල වගේ ක්ෂණිකව නාල කිටක් දාගෙන බස් එකේ නැගල පිටත් වුනා.
යාලුවගෙ ගෙදර ගියාමත් ඉතින් කම්පියුටරේ නිසා කන්න බොන්න වත් සිහියක් නෑ ගිය වෙලාවෙ ඉඳ ගේම් ගේම් ගේම් ඉවරයක් නෑ.යද්දි යාලුවයි එයාගෙ අම්මයි විතරයි ගෙදර හිටියෙ.අක්ක ඔෆිස් ගිහින්.
ගේම් ම ගැහුව කිව්වට ඉතින් කාල බීල බන්ඩිය පුරෝගන්නත් අමතක කලේ හෙම නෑ.හවස් වෙන්න කිට්ටු වෙලා චුට්ටක් එලියට බැහැල ටවුම් පැත්තෙ හෙම වටයක් දාල ඇවිත් ආපහු ගේම් ගහන්න පටන් ගත්ත.කොහොමින් හරි දන්නෙම නැතුව රෑ වුනා.කාමරේ ජනෙල් දොරවල් වහගෙන කන පැලෙන්න සද්දෙ දාගෙන ගේම් ගහද්දි ඉතින් මොන සිහියක්ද.කොහොමහරි ආපහු පියවි සිහියට එද්දි රෑ 9ත් පහු.දඩබඩ ගාල එන්න කියල හදද්දි යාලුවගෙ ගෙදරින් අපේ ගෙදරට කතා කරල කිව්ව දැන් ගොඩක් රෑ නිසා පුතාව උදේ වෙලා එවන්නම් කියල.අපේ අම්මත් හා කිව්ව.ආපහු එන්න බලන් ගිය නිසා මං නවතින්න කියල මුකුත්ම අරන් ගියේ නෑ.
වොෂ් එකකුත් දාගෙන ආව.දැන් ඉතින් අඳින්න ඇඳුමක් නෑ.මගෙ යාලුවත් අඳින්නෙ සරම් ගෙදරට.සැක්........ කරන්න කිසිම දෙයක් නෑ.යාලුවගෙ ගෙදර එවුන්ට කියන්නත් බෑනෙ ඇහැරෙද්දි සරම පැත්තක මම පැත්තක කියල.යාලුවත් එහෙම තමා.ඒත් ඉතින් ඌ ගෙදර එකානෙ.
ඕනෙ එකක් වෙච්චදෙන් කියල නාල සරමට බැහැල රෑ කෑමත් ගත්ත.ඊට පස්සෙ ඉතින් නිදිමත එනකල් ආපහු ගේමක් ගහල යාලුවගෙ අක්කත් එක්ක ඉගෙනගන්න වැඩ ගැන පොඩි චැට් එකකට බැහැල උන්නෙ.හොඳ වෙලාවට ගෙදර හිස් කාමරයක් තිබුන.ඉතින් ඕන් සඳකිඳුර යාලුවට අනිත් එවුන්ට කලින් ඇහැරවන්න වරෙන් කියල සැනසිල්ලෙ නිදාගන්න ගියා.කොහොමහරි සැපටත් නින්ද ගියා
ඒ දවස් ඉතින් සීතල දවස් නෙව.සැපට ගුලිවෙලා හීන දැක දැක නිදාගත්ත.උඹල දන්නවනෙ මේ මිනිස් ඇඟ තාප සමායෝජන ගුණයෙන් යුක්තයි කියල.ඒ කියන්නෙ ශරීරයෙ තාපයෙ නිශ්චිත අගයක පවත්වා ගැනීම උදෙසා ශරීරයේ යම් යම් අනුවර්ථනය වීම් හා ක්ෂණික වෙනස් කම් ඇති වෙනව.ඒ වගේ වෙන එක දෙයක් තමා සීතල වෙලාවට හිරිගඩි පිපිල ඇඟේ මවිල් කෙලින් වෙන එක.එහෙම වුනාම ඒ මවිල් අතර වාතය තුනී ලෙස රැඳෙනව.වාතය කියන්නෙ දුර්වල තාප සන්නායකයක්.එතකොට ශරීරයේ තාපය පිටතට හානි වෙන්නෙ නෑ.
ඉතින් ඒ සඳහා ශරීරය විසින් සමේ මතුපිටට ආසන්න රුධිර ධමනි පවතින මට්ටමට වඩා තරමක් දුරට විස්ථාරණය කරල ශිරා තරමක් දුරට සංකෝචනය කරනව.එතකොට ඇඟේ සම මතුපිටට කිට්ටුවෙන් වඩා හොඳ රුධිර සැපයුමක් ඇතිවීම මගින් මස්පිඩු වලට සීතල දරාගැනීමට ඕනෙ කරන ශක්තිය ලබා දෙනව.වැඩේ කියන්නෙ ඉතින් ඕක ඇඟේ අත පය වලට විතරක් බල පැවැත්වෙන දෙයක් නෙමේ නෙ.ඕක වෙන්නෙ මුළු ඇඟටමයි.එතකොට ඉතින් ඕනෙ මස්පිඩු වගේම ඕනෙ නැති ඒවත් දරදඬු වෙනව.සැහ් මේව හුනුහරුප නෙමේ බං.උඹලට සීතල දවස් වලට වෙන සීන්කෝන් එක මේක තමයි.
වැඩේ කියන්නෙ ඉතින් එතකොට හරියට අර කූඩාරම ගැහුව වගේ තමයි :D
වැඩේ කියන්නෙ ඉතින් සරම ඇඳන් නිදාගත්තම සරම පැත්තක මම තවත් පැත්තකනෙ.එතකොට ඉතින් කූඩාරමත් නෑ.සැක් මට ඒක අර්ථ දක්වන්න තේරෙන්නෙ නෑ බං.හරියට මෙන්න මේ වගේ
මක්ක කොරන්නෙයි ඉතින්.මං දන්නවද.හොඳ සැපට නිදි මං.වැඩේ කියන්නෙ යාලුවත් මං වගේම හෙන ගැහුවත් ඇහැරෙන එකෙක් නම් නෙමේ.වෙන කියන්නම එකෙක් නැති නිසා උට කිව්වෙ අනිත් එවුන්ට කලින් මාව ඇවිත් නැගිට්ටවපං කියල.ආන්ටියි අන්කලුයි හිටියෙ පල්ලෙහා තට්ටුවෙ.එයාල උඩට එන්නෙම නැති තරම්.උඩ තට්ටුවෙ කාමර ලඟ ලඟ කාමර 3ක තමා මමයි, යාලුවයි, යාලුවගෙ අක්කයි හිටියෙ.
කොහොමහරි ඉතින් යාලුවගෙ අක්ක තමයි යාලුවවත් හැමදාම නැගිට්ටවන්නෙ.සුපුරුදු පරිදි ඉතින් අක්ක ගිහින් ඌව නැගිට්ටවල.මිනිහටත් මං තාම නිදි කියල මීටර් වෙලා නෑ.මිනිහ ඉතින් තුවායත් අරන් බාත් රූම් එකට රිංගල.අරූ බාත් රූම් ගිය නිසා මාව නැගිට්ටවන්නෙයි කියල අක්ක ඇවිත් කාමරේට.මල ගිනි විජ්ජුම්බර ජංජාලයයි
කොහොමින් හෝ අක්ක මාව නැගිට්ටුව.ඇහැරෙද්දි කවදාවත් නැතුව මං නිදාගත්දි පෙරවගත්තු රෙද්ද මගේ මුලු ඇඟම වැහෙන්නයි තිබුනෙ.පොඩ්ඩක්වත් රැලි ගැහිල තිබුනෙ නෑ.හැබැයි සරම නම් කකුලෙ මායිමෙන් යන්තමට වගේ අහු උනා.සට පට ගාල අත් දෙකින් කූඩාරම බාගෙන ඇඳේ පැත්තට හැරුන මම.සැහ්.......... එතකොටත් පරක්කු වැඩී.කතාකරනවට වඩා අක්ක හිනා වුනු එකෙන් මං දැනගත්ත වැඩේ චාටර් වෙලා ඉවරයි කියල.
අක්ක කාමරෙන් එලියට යනකම් ඉඳල සටපට ගාල පෙරවන රෙද්ද ඇතුලට බැහැල සරම හෙව්ව.
ඇඟත් ලැජ්ජාවෙන් හිරිවැටිල.ඇඳෙන් බැහැල ගිහින් ආපහු මූන බලන්නෙ කොහොමද.හිතාගන්න බෑ.
සරම ඇඳගත්තු ගමන් පාප මිත්‍රයව හොයාගෙන ගියේ.ඒත් මගක් දුර යද්දි හිතුන ඌ ඉස්සරහත් ආපහු චාටර් වෙනවට වඩා අක්ක ගාවට ගිහින් මේක කාටවත් කියන්නෙපා කියල නාහෙන් අඬන එක හොඳයි කියල.පස්සෙ හැරෙන තැපෑලෙන් අක්ක ගාවට ගිහින් කිව්ව කාටවත් කියන්නෙපා වුනු දේ කියල.අක්ක ආපහු හිනා වෙලා හා කිව්ව.
කෑවෙත් නෑ බිව්වෙත් නෑ සටපටාර් ගාල ලෑස්ති වෙලා ආපහු ගෙදර ආව.කොහොමහරි අක්ක පස්සෙ කියපු විදිහට නම් අක්ක මාව ඇහැරවන්න කාමරේට එද්දි මගෙ ඇඟේ සරමවත් පෙරවපු රෙද්ද වත් තිබිල නෑ.සරම කකුලට යටවෙලා තිබුනු නිසා ගත්දි ඇහැරුනොත් කියලලු පොරවන රෙද්දෙන් පෙරවල ඇහැරුවෙ.එදායින් පස්සෙ නම් ආයිත් මලාට සරමක් ඇන්දෙ නෑ.
අවුරුදු 4ක් විතර ගිය නිසා දැන් නම් ඒ ගැන එච්චර හිතට අවුලක් නෑ.ඒත් යාලුවගෙ අක්ක නම් තාමත් දකිද්දි මහ කින්ඩි චාටර් හිනාවක් දානව.
සැහ්........ එතකොට තමයි පැස්බරා වගේ වත් ඔලුව හංග ගන්න හිතෙන්නෙ :/















No comments:
Post a Comment