ලෝකෙ වටේම ඉන්න, අපිත් එක්ක අත්වැල් බැඳගත්තු අය දැන් මේ විනාඩි 5520 ගෙවිල ඒ ලස්සන මොහොත එළඹෙනකල් දැන් දැන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නව ඇති.ඔයාල ඇඟිලි ගනින මේ මොහොතෙදිත් මේ පිටිපස්සෙ සංවිධායකයින් තාමත් වෙහෙසෙනව ගොඩක් වැඩ රාජකාරි අස්සෙ උනත් මේ හීනෙ ගොඩක් ලස්සන කරන්න.
ඒ ලස්සන හීනෙ කොටස්කරුවො වෙන්න ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕනි
මතකනෙ
දවස 2012 අප්‍රේල් 22 වෙනිද
වෙලාව උදේ 9 ඉඳන් හවස 4 වෙනකල්
තැන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය
ගොඩක් අය අහල තිබුන කුරේ පිට්ටනියට එන්නෙ කොහොමද කියල.මේ තියෙන්නෙ සිතියම
කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙවැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.
138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන්154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.
120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත HSBC ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.
ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.
වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව " FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.
හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).
***
එදාට ඔයාල හැමෝටම මෙතෙක් පරිඝණක තිරය මත සිත්තම් වුනු හිත් එකින් එක හිතේ හැටියට මුනගැහෙන්න වරම් ලැබේවි.අපේ මේ බ්ලොග් ඉසව්ව හරිම ලස්සනයි.කිඳුරන්ගෙන්, කිඳුරියන්ගෙන්, මායාකාරියන්ගෙන්, සුපිරි වීරයන්ගෙන් ඇතුලුව ඔබ නොදන්නා ගොඩක් අය ඉඳීවි.එන්න ඒ අයව හැබැහින් අත්විඳින්න
අපිට තවමත් ශක්තියක් වෙන්න කැමති අයට තාමත් අවස්ථාව තියෙනව අපේ සමරු කලාපයට ඔබේ සුභ පැතුම හෝ බ්ලොග් එක ඇතුලත් කරගෙන ඊට දායක වන්නට.මේ ඒකෙ වැඩි විස්තර
දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව
හදිස්සියෙවත් තාමත් සයිබර් සිහිනයෙ පැමිනීම ඔබට දන්වන්න බැරි උනානම් ඉක්මනට මේකට ගිහින් දන්වන්න.නැත්නම් ඔබට ඒ වරම් අහිමි වෙන්නත් පුලුවනි.ඒ නිසා ඉක්මනට දන්වන්න.18 වෙනිද වෙනකල් දන්වන්න පුලුවනි
මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා.
ඔබට මෙහිදී රු100ක වැනි අතිශය සුළු මුදලක ප්‍රවේශපතක් අපි නිකුත් කරනවා.බයවෙන්නෙපා ඒ වෙන දේකට නෙමේ.ඔයාලට දෙන දවල් කෑම වේල සහ වතුර බෝතලය වෙනුවෙන්.
අපි ඔයාල වෙනුවෙන් ගොඩක් තරඟ මේ සඳහා ඇතුලත් කලා.මෙන්න බලන්නකො
කණා මුට්ටි බිඳීම
සැගවුණු පෙට්ටියේ රහස
බනිස් කෑමේ තරඟය
අලියාට ඇස තැබීම
සැගවුනු අමුත්තා
මීටර් 100 පිරිමි
මීටර් 100 ගැහැණු
තුන් පා දිවීම
බැලුම් පිපිරවීම
යෝගට් කැවීම
බැලුම් පිපිරවීම
අවුරුදු කුමාරයා
අවුරුදු කුමරිය
සංගීත තොප්පි තරඟය
සැගවුණු පෙට්ටියේ රහස
බනිස් කෑමේ තරඟය
අලියාට ඇස තැබීම
සැගවුනු අමුත්තා
මීටර් 100 පිරිමි
මීටර් 100 ගැහැණු
තුන් පා දිවීම
බැලුම් පිපිරවීම
යෝගට් කැවීම
බැලුම් පිපිරවීම
අවුරුදු කුමාරයා
අවුරුදු කුමරිය
සංගීත තොප්පි තරඟය
ඇතුලු තවත් කීඩා
මීට අමතරව DJ සංගීතයක් එහෙමත් තියෙනව අපෙ නැටුමට ගැයුමට බර කොල්ලන්ට කෙල්ලන්ට
ඕන් අපේ ලස්සන කෙල්ලො කොල්ලො ටික අවුරුදු කුමාරය හා අවුරුදු කුමාරි තරඟ වලටත් ඉදිරිපත් වෙන්න අමතක කරන්නෙපා ♥
සියළුම කරුණු කාරණා මැද හිතේ හැටියට ඒ සතුට අත්විඳින්න ලමයි.ඒත් විනීත බව ගැන සහ අන් අයට හිරිහැරයක් කරදරයක් නොවෙන්නට ෆන් ගන්න වගබලාගන්න
තරයේ දැනුම්දීමයි.අරක්කු, මල්, දුම්වැටි, කසිප්පු [මතක් වෙන්නෙත් නෑ බං නම්.මං ඉතින් පොඩි එකා නෙව.ඔව්ව ගහල නෑ :p] මේ වගේ කිසිම මත් ද්‍රව්‍යක් ක්‍රීඩාංගන භූමිය තුලට ගෙන ඒම තහනම්.
එහෙනම් වරෙල්ල එදාට.අපේ මේ හීනෙදි හීන ආතල් එකක් ගමු :)
ප.ලි :- මතකනේ hug එක :p















No comments:
Post a Comment