Showing posts with label කිඳුරු සිතක මහිම. Show all posts
Showing posts with label කිඳුරු සිතක මහිම. Show all posts

Friday, February 28, 2014

ජීවිතය කුලියට දෙනු ලැබේ [අයිතිකරුට නඩත්තුවට හිත් නැත]


වෙලාවකට හිතෙනව ජීවිතෙත් හරියට ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු බාහිරාදිය වගේ කුලියට හරි බද්දට හරි දෙන්න ඇත්නම් කියල. ජීවිතේ ජීවත් වුනා වැඩි නිසාවත්, අතහරින්න හිතිලවත් නෙමේ. එතකොට හොඳට හෝ නරකට කවුරුහරි කෙනෙක් ඒක ටික කලක් බලාගෙන පාවිච්චි කරල දේවිනෙ. ඒකීයව කැරකෙන දින අස්සෙ නඩත්තු කරල බලා කියාගන්න හිත් නැතිවෙලා. කිසිම දෙයක් ජීවිතේ තුල නැතිව හිස් ගන්ධබ්බ අවධියක් තියේ නම් හිතේ හැටියට අගක් මුලක් හොයාගන්න තිබුන. ජීවිතේ දවසින් දවසම කාර්යබහුල වෙලා. සල්ලි නම් අතේ කැරකෙන බව ඇත්ත. ඒත් ජීවිතේ අරමුණු වෙනස් වෙලා. ගමන් මං වෙනස් වෙලා. සමාජෙට සාපේක්ෂව තනාගත්තු පුංචි පුංචි නැවතුම්හල් වල තාවකාලික ලල් එකකින් අවශ්‍යතා වුවමනා සපයගන්නව. 

මේකද ජීවිතේ?.... 
මේ යන විදිහ හරිද?.... 
තව කොච්චර කලක් මෙහෙම යන්නද?.... 
කෝ අරමුණු?.... 
සල්ලිමද ජීවිතේ?.... 
ඔව් නම් තව කොච්චරක් කිට්ටුද එතනට?.... 
නැතිනම් හරි පාර මොකක්ද?.... 
මං අතරමං වෙලාද?.... 
මැරෙද්දි මොනව ඉතුරු වේවිද?.... 
එහෙනම් ජීවිතේ කියන්නෙ හරියටම මොකක්ද?.... 

මං තාම හොයනව. මේ හැම එකක්ම තවමත් මට උත්තර නැති ප්‍රශ්න.

පින්තූර අයිතිය : curious_eyes_by_youngdraws
පසු ලියමන :- මේක වැදගත් සටහනක් නම් නෙමේ. හිතේ කකියන අදහසක් කුරුටු ගෑවෙ ආපහු ඒ අදහස් සයිබර් බ්ලොග් පත්තිරු මත කැටයම් කරන්න හිතාගෙන පුරා වසරකට පසු ගන්නා පුංචි ආරම්භයක් විදිහට.උඹලට වද දෙන්න මං ආපහු ලියන්න ගන්නව :)

Tuesday, November 20, 2012

සිහින මුතුකැට එකට අමුනන නියමු කැලට එක්වන්න ඔබත් කැමතිද?



සිහින............... සිහින කියන දේ හැම සිතක් තුලම පවතිනව.සතුන්ගෙ මිනිසුන්ගෙ කියල ඊට වෙනසක් හිමිවෙන්නෙ සිහිනයේ තියෙන පරිණත බවිනුත් ඒ සිහින සැබෑ කරගන්න දරන උත්සහයෙනුත් පමණයි.

හිතේ මතු වන මේ පුංචි පුංචි හීන සමහරුන්ගෙ හිතේම ලියලල හිතේදිම මියයනව.ඒකට අපිට ඒ හිත් වලට බනින්න බෑ.ඒ ඔවුන් ඊට මූන දෙන විදිහ.ඒත් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම මේ අතරින් සමහර හිත් වලට මේ හිතේ පිරිල නලියන සිතිවිලි දරාගෙන ඉන්න බැරි වුනා.ඒ හිත් වලට ඕනෙ වුනා මේ පිරිල නලියන සිතිවිලි සමුදාය තවත් ඒ වගේම හිත් එක්ක බෙදාගන්න.

මානව විකාශනයත් සමගම මේ අය අංග චලන ඔස්සේ හා ශබ්ද ලෙස මේ ඇතිවෙන සිතිවිලි අනිත් අයත් එක්ක බෙදාගත්ත.ඒත් මේ විකාශනය මිනිසුන් භාෂාවන් සොයාගැනීමත් සමගම යම් යම් ලෙස දියුණු වී පරිනත වූ ආකාරයකින් අපිට අපේ මේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් උනා.

සලර පින්තූර ඔස්සේ ගොඩ නැගුනු මේ භාෂා, සංකේත, සෙල්ලිපි ඔස්සේ අක්ෂර මාලාවක් දක්වා යොමුවූ තැන මීට අත්පිටපත් ක්‍රමය හා මුද්‍රිත ක්‍රමයන් ද එක්වුනා.

නවීනව දියුනු වෙන ඉලෙක්ට්‍රොනික ලෝකයේ ඩිජිටල්කරණය වූ මාධ්‍යන් තුල මේ සිතිවිලි මෙහෙයුම් කරුවන් යුනිකේත ඔස්සේ නවමු මං මාවත් සොයා ගියා.ඉතින් ඒ ලෝකයක් හසුරුවන සිතිවිලි මෙහෙයුම්කරුවන්ගේ නවතම තෙලිතුඩ තමයි ඔයත්, මමත්, තවත් ගොඩක් අයත් මේ ඉන්න බ්ලොග් අවකාශය.

ඉතින් මේ වගේ මෙහෙයුම්කරුවන් හරියටම බැලුවොත් මාලයක මුතුකැට වගේ.අමුනන්න කලින් ලෝකෙ පුරාම විසිරිලා තැන් තැන් වල.ඒත් සාර්ථක නියමුවන්ට පුලුවන් මේ වගේ මුතුකැට ගොන්නක් ලස්සනට එකිනෙක අමුනන්න.

බොලාව එකාට එකා තියල අමුනන්න නෙමේ බොල යන්නෙ >:(.බයවෙන්නෙපා :p

ඉතින් මේ සිහින මුතුකැට 2011 වසරෙදි පළමුවෙනි සිහින උළෙලෙදි මුලින් එක්කාසු උනාට පස්සෙ 2012 වසරෙ සිහින උළෙලෙදිත්, ඒ අතරතුර අවස්ථා කීපයකත් කීපවිටක්ම එක්කාසු වුනා.ආඩම්භරයෙන් කියන්න ඕනි කාරණයක් නම් ඒ එක්කාසු වුණු හැම අවස්ථාවකදීම අපි සතුටු වුනා වගේම අපිට තව තවත් අහිංසක හිත් වලට සතුටක් දෙන්නත් පුලුවන් වුනා.අදට වගේම මියැදෙන තාක් ඒ සතුට නම් හිතෙන් මැකෙන එකක් නෑ.සැහ්..... කඳුලුත් ආව බොල ඇස් දෙකට ඒව මතක් වෙද්දි .මෙන්න ඒ මතකයෙන් බිඳක්


සයිබර් සිහින උළෙල 2011


සයිබර් සිහින උළෙල 2012


ඉලන්දාරියා වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය බුද්ධි)


ජෙරූෂා දියණිය වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය දුකා අයියා)


ගලහිටියාගොඩ විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම

ඉතින් මේ වගේ වැඩක සංවිධායක ක්‍රියාවලිය නම් වගකීම් සහගත, ඒත් සුන්දර අත්දැකීමක්.අදටත් ඒ මතකයන් මතකෙට එද්දි කටට හිනාවක් එන්නෙ හිතටත් නොදැනිමයි.ඉතින් ඒ වගේ දෙයක් කරන්න නම් මේ සඳහා බ්ලොග් නියමුවන් පිරිසකුත් අවශ්‍යයි


මොකාද බොල මේ අමුතු නියමුවා o.O


.
.
.
.
.
.
.
.
.
.


.
.
.
.
.
.
.
.
:/ නෑ නෑ ඌ නෙමේ බොල.ඒ ගුවන් නියමුවා :/

මං එහෙම නියමුවන් කියල කිව්වෙ අර කලින් සඳහන් කරපු සංවිධායක පිරිසට.අපි මේ කතා කරන්නෙ ගමක්, නගරයක්, පලාතක් සම්බන්ධව නෙමේ.ගෝලීයකරණය ඔස්සේ ජාලගත වූ මුලු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සිංහල බ්ලොග් කරුවන් ගැන.ඉතින් මේ බ්ලොග් කරුවො ගොඩක් ඉන්න "බ්ලොග් අවකාශයේ මිතුරෝ" කියන මුතු අහුරෙහි අලුත් වසරක් වෙනුවෙන් තෝරන අලුත් නියමුවන් ගොන්නට එකතුවෙන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියේ.සීමාසහිත පිරිසකට තමයි ඉතින් මේ අමිල වරම ලැබෙන්නෙ.කැමති හැමෝම අයදුම් කරන්න.අයදුම්කරුවන් සියලු දෙනාවම අපි ඉදිරි දිනක් ඔස්සේ එක්කාසු කරල නව නියමුවන්, නියමුවරියන් පිරිස තෝරන්නයි හදන්නෙ.ඔන්න මගහරින්න නම් එපා.ජීවිතේ සුන්දර අත්දැකීමක් වගේම ජීවිතේට ලොකු පන්නරයක් වේවි මේ දේ.


සයිබර් සැනකෙළිය නිල බ්ලොග් අඩවියේ මේ හා සම්බන්ධ විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මෙන්න අයදුම් පත්‍රය.එහෙනම් හමුවෙමු ඉදිරියෙදි.ජය





කලින් අත්දැකීම් තිබුන හෝ නැතා කියල කිසිම අවුලක් නෑ.පොඩ්ඩක් වත් බයවෙන්නෙපා.ඕනිම කෙනෙක්ට අයදුම් කරන්න පුලුවන්.තමුන් සතුව නියමුවෙක් විමේ වාසනාව ඇත්නම් එය කිසිවකට වැලැක්විය නොහැකියි.








Saturday, August 4, 2012

මට නොතේරුනු ජීවිතේ වෙනසක් අතිශය කෙටියෙන්







ඉස්සර මට මතකයි අපෙ ගෙදර ඉන්ටර්නෙට් නොතිබ්බ කාලෙ හැමදාම හවසට නාල එහෙම ඇඳට ගිහින් ඇලවෙලා ෆෑන් එකත් දාගෙන නින්ද යනකල්ම ෆෝන් එකේ හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ගහගෙන එෆ්.එම් අහ අහ කල්පනා කර කර හිටියෙ හැමදාමත් ඉබේම දන්නැතුව නින්ද යනකල්ම.හිත ගොඩක් සක්‍රීයයි ඒ කාලෙදි.හැම මොහොතකම අලුත් අදහස් වලින් වගේම හිතේ කල්පනා කිරීමෙන්ම ගොඩනැගුනු කළාත්මක බවක් එකතු වෙලා තිබුන.පහුවෙනිදට නැගිට්ටමත් ගොඩක් ප්‍රබෝධමත්.ඒත් දැන් ෆේස්බුක් නිසා හැමදේම කනපිට වෙලා.මේකට ලොග් උනාම අලුත් දේවල් ඔස්සේ කල්පනා කරන්න වෙලාව නැත්තටම නැතිම තරම්.හැමදාමත් වෙන්නෙ නිදිමත ඉවසගන්න බැරුව ඔලුව කැක්කුම හැදිල ඇස් කකියනකම් මේකෙ ඉන්න එක.හරිම විඩාවයි.ඇයි අපේ ජීවිත වලට මෙහෙම උනේ.මේක දෛවයේ වරදක්ද නැත්නම් අපේ තෝරා ගැනීමේ වරදක්ද.මට නොතේරුනු දෙයක් තවත් මේ ගැන ඇත්ද.තීරණය ඔබ සතුයි.හේතුව දන්නේ නම් මටත් කියා දෙන්න.ජීවත් වන බව දනිමි.ඒත් ඒ ජීවිතයමද බව මම තවමත් නොදනිමි....







Friday, April 27, 2012

කිරිකෝඩු හාදුව


ඔබේ උණුහුමින් පන ලද
හිතේ ඇඳුනු කෝඩු පැතුම
ඉබේ උඩට ඉපිලි ඉපිලි
එන බව දැනුනා

ඇඟේ දුවන රතු ලේ කඳ
හිතේ පිරුනු ආදරයට
වතේ ලපටි රතු පාටක් 
කාටත් පෙනුනා

වටේ සිටින දෙනෝ දහක්
හිතේ මහිමයෙන් මකලා
අපි අපේම ලෝකෙක බව
හිතටම කිව්වා

සදාතනික සුව පහසක
කුඩෙන් අඳුර පිරෙනා විට 
ඔබේ සිනිදු යටි තොල මම
හෙමිහිට ඉම්බා


Tuesday, January 3, 2012

මගේ සිත


දැනෙයි තේරෙයි
රිදුම්දෙයි
නමුත් නොසසල
උඩින් නැලවෙන
යටින් කැලඹෙන
කෙනෙක් ඇවිදින
කෙනෙක් හැරයන
මටම තේරුම් ගන්න බැරි දේ
ඔව්.....
මේ මගේ සිතයි

Monday, December 19, 2011

පෙර දිනෙක මතකය



එකෝමත් එක කාලෙකට පෙර
ලස්සනම ලස්සන පුංචි දවසක මතකයක්
අදටත් හිත සතුටින් ඉපිලවනව
මතකෙට නැගෙන හැම වරකදිම

හමුවෙලා වෙන්වුනු බව ඇත්ත
ඒත්............

ආදරේ හය හතර නොදත් මට
ජීවිතයක් පුරාවට දකින්න ලස්සනම ලස්සන හීනයක් දුන් ඔබ
කුළුදුලේ මගෙ දිවියට ආවමයි දැනුනෙ
මේ හදවතේ කර්ණිකා කෝෂිකා වලත් ලේ දුවන බව

පුංචි තොල් අපූරුවට තොඳොල් කර
හුරතල් කතා කියමින් මගෙ උණුහුමට ගුලිවෙද්දි
එදයි මං දැනගත්තෙ මගේ තුරුල උණුහුම් බව
මම ජීවත් වෙන බව

ඔය ලස්සන කලු ඇස් දෙකින් මගෙ ඇස් දිහා බලන්
හෙමින් හෙමින් මගේ තොල් සිපගද්දි
එදයි දැනගත්තෙ ඇස් කතා කරන බව
මගේ පෙනහළු වල හුස්ම රැඳී තිබෙන බව

ඒ ලේ වලින් උනුහුම් වුනු හදවතේ නාමයෙන්
ඒ හුස්ම වැටෙන මගේ පණ බිඳෙහි නාමයෙන්
ඒ වගේම ලස්සන අතීතයක ආපහු හමුවෙන්න මං අදටත් හීන දකිනව කෙල්ලෙ
ඒත් ඒ......
එතැනදිමයි......
එලෙසටමයි.......
නමුත් ඒ සදහටමයි

Saturday, November 19, 2011

මාර ප්‍රශ්නෙ



අනේ කෙල්ලෙ
මට මාර ප්‍රශ්නයක්නෙ ඇතිවුනේ
රත් නා දල්ලක් වගේ
පිරිල රතු පාටින් පොපියන
නුඹේ ඔය රසවත් දෙතොල් සඟළ
හෙමි හෙමින් මගෙ දෙතොල් වලින්
කිතිකවා සනහන්නට මට හිතෙන තරම්
ඒ සිතුවිල්ලෙහි
මේ තරම් ප්‍රබල බවක්
අනේ මේක ලෝක ධර්මයද?
නැත්නම් මේක ලෙඩක්ද?
එහෙමත් නැතිනම් මේක.........
මං උපතින් ගෙනා කුකුල් කමද?
ලෝකයේ පිලිතුරු නොමැති ප්‍රශ්න ගොන්නට
තවත් එක ප්‍රශ්නයක්
මාර ප්‍රශ්නයක්.........


Wednesday, November 16, 2011

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි



මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි

සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි

ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්

කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
 
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න

මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න

පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න

උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න

දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා

කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ

අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්

උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න

ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න

උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න

පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට

ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න

මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න

අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න

සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම

ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න



Wednesday, November 9, 2011

ප්‍රාර්ථනාව

අනේ මගේ හිතටත්
එන්සයිමයක් වෙන්න ඇත්නම්
කොයිතරම් එහෙනම් මගේ හිත අවට
භාහිර ප්‍රතික්‍රියා චංචල වූවත්
ඒ හැම හිතක් එක්කම පෑහී
මට අදටත් ස්ථාවර ස්වරූපයටම
එලඹෙන්නට තිබුනා
එහෙත් එහෙම නොවූ නියාවෙන්
මගේ ඇස් වල කඳුළු අද
අනේ මටත් එන්සයිමයක් වෙන්න ඇත්නම්.........


ඊයෙ පෝස්ටුව ගැන හැමෝම මට සමාවෙන්න.මීට සඳකිඳුරා

Tuesday, November 8, 2011

දියබරියාගේ ගැහැනු සතා වෙත ආදරයෙන්

මං මහන්සියෙන් මගේ ඇඟිලි වෙහෙසවගෙන ඇස් ඇම් ඇස් නොහොත් කෙටි පනිවුඩයක් එව්වම වටිනව නේද මන් අහන්නෙ රිප්ලයි කොරන්ට බැරිනම් රින්ග් කට් එකක් හරි දුන්නනම්.මොකැයි උඩ බිම බලන්නෙ.උඹට තමයි ඕන් කිව්වෙ.තව වටපිටත් බලනව උඹට නෙවේය වගේ.මාව එපා එකා මටත් එපා.ඕනෙ ප#* කොරගනින්.ඉන්න බැරි කේන්තියෙන් උනත් මේක කියන්න හිතුවෙ වැරදිලාවත් ඒ හැලපි මගේ බිත්තිය පැත්තට ගොඩ උනොත් වරදක් උනු බව හැඟෙන්නයි.හයියෝ මට මතක් වෙන නාමපද නම්.එලදෙන.ගෙම්බි.ඒයි මොකක්ද බොලව් දියබරියගෙ ගෑනු සතාට කියන්නෙ.අන්න ඒකත් එයා තමයි.හරි කෙනාටම වැදේවා.රිදෙන්න නෙමෙයි කිව්වෙ.දුක නිවෙන්නයි බොලව්.මේ හිතනම් පට්ට සිරා දෙයකි.කමක් නෑ කමක් නෑ.මං තරහ නෑ.මොනා උනත් මගේ එක්සෑම් කුප්පිය පුරවන එකානෙ.අයි ලව් යූ සුදූ.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ♥ (හැබැයි ඒකනම් කිව්වෙ සිරාවටම සහෝදර ප්‍රේමයෙන් ඕන්) :/ ඊට වඩා අදහසක් මයෙ තුන් හිතේවත් නෑ ඕන්.......
 

Tuesday, November 1, 2011

තනි වූ මොහොත



 ජීවිතේ
ගොඩක් දෙනෙකු මා හා හිනැහුනත්
මං දන්නව මං හැමදාමත්
තනිවෙලා කියලා



Monday, October 24, 2011

නමක් නොමැති හැඟීමක්



     
කිඳුරිය :- 
ගං දෑල ඉකිබිඳින හඬ ඇසුනි දෝ 
නැතිවද ඔබ අද මා සිහිනයේ 
ඔබෙ මතකයේ සුවඳ තවරන්න ඒ සිහිනේ 
සැනසෙන්න ඉඩදෙන්න විඳගනිමින් ඒ සුවඳ

 
සඳකිඳුරා :-
නෑ මගේ රත්තරං 
සැනසෙන්නට නොදෙමි නුඹට මතකයේ සුවඳේ පමනක් 
එන්න මගේ තුරුලට 
අපි එකට එක්වී පියමන් කරමු 
අපි අපේම වූ ඉසව්වක අපි අපේම වූ මොහොතකට 
සනසවන්නම් ඔබව මා හොඳටම හති වැටෙන තුරු 
හුස්ම ගන්න අමතක වෙලා කතා කරගන්න බැරිවෙන තුරු 
සියොලඟම වෙවුලා පනනැති වෙනතුරු 
අපි අපේම චූටියෙක්ගෙන් සැනසෙන තුරු 
එතකොට අපේ මුලු ලෝකෙම වෙයි එයා



Wednesday, October 19, 2011

අම්මා


දස මස කුස දරා
ලේ කිරි කර පොවා
හෙලු නිල්මිනි කඳුලු
සයුරකට පෙරලිලා

හොඳ නොහොඳ පෙන්වා
මාව දිරිමත් කලා
මතු මතු අම්මේ
ඔබ බුදු වේවා

Sunday, October 16, 2011

පිටු පෙරලෙන ජීවිතේ



මගේ සිතෙහි ලැගුම් ගත්තු ඒ දඟකාරී
මගේම වෙයි කියා පැතූ පැතුමන් තනිවී
නොසිතූ ලෙස හැඬවූවා මා පෙර දිනෙහී
හිතන්නෙපා මා සිත හඬවන්න ඔබ යලි

අහින්සක ලෙසයි ඔබ මගෙ දිවියට ආවේ
නොසිතූ ලෙස කිමද චන්ඩ සුලඟක් වූයේ
එපා බැලුම් ලන්නට යලි හදවතට මගේ
මම වෙන කෙනෙකුගෙ වූයේ ඔබ හැරගිය දවසේ

සොඳුරු සිහින මාලිග දිවියෙහි මා පැතුව
සුනුවිසුනු කලේ ඔබ එක මොහොතකින්ය සොඳුර
ඔබ පමා වැඩී නිවැරදි කරනට වූ වරද
මට සමාවෙන්න මන් දැන් වෙන කෙනෙකුගෙව ඇත


Tuesday, September 20, 2011

ආදරය


සිටින විට මා පාලුවේ
ඔබ මා ලගින් ඉන්නා වූ යාමයේ
පෙම් සිහින දෑසට යා කලා
ආදරේ මල් මාවතේ
මල් පියලි මතුපිට පා වුනා
හරි සුන්දරයි ජීවිතේ
මා සිත පිරෙව්වා රෑ දිවා

Friday, September 9, 2011

සමුගනිමි සදහටම


මේ නිසල රෑ සද එලියත් පාලුවත් තුරුලු කර
බැලිමි අහසේ දඟකරන තරු දිහා
බලාපොරොත්තුවක් සොයන්නට
ඒත් කවුරුන්හෝ කියාදෙන්න මට
මෙතරම් තරු තිබුනත් අහසේ
ඇයි මම විතරක් තනිවෙලා

ඒ වුනත් ඇසීමට කිසිවෙක් හමුනොවූ නියාවෙන්
ඇහුවා මන් හෙමීට මගේම හදවතින්
"ඇයි මම විතරක් තනිවෙලා"

ඔවු ලැබුනි මට පිලිතුරක්
කිසිදු අනුකම්පාවක් නැති
"උඹ තනිවිය යුතුයි කල වරදට දඬුවමක් ලෙස
විඳින්න එපා මේ ලෝකය
මේ ලොව අයිති නෑ ඔබ හට
පිලිතුරු දුන්නත් ඔබට
මාවත් අයිති නෑ ඔබ හට
මාව අර ඈත පෙනුනු තරු නෙතකත දුන් දවසේ
සිතුවෙ නැහැ නේද ඔබ තනිවෙයි කියා
මාවත් ඔබ ලග තියා නොගෙන දුන්නනම්
විඳවපන් දැන් ඉතින්
කදුල පමනයි ඉතිරි උඹ හට"

ඉතින් ඒ කඳුල පමනක් තුරුලු කර
ඒ තරුවේ මතකයත් රැගෙන
සමුගනිමි ලෝකයෙන්
මරනයේ උනුසුම සොයා


 

Monday, September 5, 2011

කදුල

අතෙක ලොව සියලු දේ ලද පෙම්වතෙක්
අතෙක ලොව සියලු දේ අහිමි වූ පෙම්වතෙක්
හරි මැද පෙමක් නොලද කුලුදුලේ සිහින මවන පෙම්වතෙක්

සියල්ල ලද කෙනා පතද්දී
"අහෝ කදුල නුඹ එන්නෙපා අප අතරට
කඳුලකට ඉඩ නෑ අප අතර
මේ තොල් පෙති අග තෙත් බවත්
දෙහදෙහි උණුසුමත්
හැමදාම ඇති අප හට
පොඩි එකෙක් එයි ලගදිම
අපේ උණුසුම විඳින්නට"

 
 

එය එසේ වෙද්දී
දෙලොවක අතරමන් වී මැද සිටින කෙනා සිතයි.....

"ගජමන් තතුනම් සත්‍යමැයි
පෙර නොවිඳි රසයක පහසනම් කඳුලැල්ලකත් හසරැල්ලකත් මුහුවයි
ජීවිතේ නම් හරිම සුන්දරයි එය මා වෙත තාම නොආවත්
කෙදිනක හෝ ආදරය ලද දිනෙක
රැකගනිමි එය දිවිහිමියෙන්
කැපවෙමි සියල්ල අභිබවා
විඳිමි එය මැනෙවින්"
ගොඩගසයි ඔහු සිහින මාලිග
ඉටු වුවහොත් නම් හොදයි
කුමක් වේවිද නොවුවහොත්????


 
සියලු කාරන එසේවද්දී
සියල්ල අහිමි වූවා සිතයි.....

"අනේ මට මුකුත්ම නෑ
මට හැමදේම අහිමි වෙලා
අනිත් හැමෝටම හිතක පහසක් ලැබෙනවා
ඒත් ඇයි මට විතරක් නැත්තෙ"
ඔහුට තම සිතද අහිමි වූවාසේය
විටෙක හේ සිතූවත්
මේ ඇසේ පිරී නලියන කඳුලුවත් ඔහුව හැරනොයාවි කියලා
හේ එතැන්හිද වැරදිය
නිරන්තරයෙන් දිවිය පුරා
කඳුලෙහි පහස අත්වින්දද
ඒ කඳුලු බිඳුත්
හනි හනිකට කම්මුල් දිගේ බැස ගමන් කරයි
ඔහු නොපෙනෙන ඉමක් වෙත
එහෙත් හේ සතු එකම උරුමයද කඳුලම පමනක් බව හේ දනී

 
 

අහෝ තිදෙනෙක් කඳුලක් දකින අයුර....................