Showing posts with label සයිබර් සිහිනය. Show all posts
Showing posts with label සයිබර් සිහිනය. Show all posts

Tuesday, November 20, 2012

සිහින මුතුකැට එකට අමුනන නියමු කැලට එක්වන්න ඔබත් කැමතිද?



සිහින............... සිහින කියන දේ හැම සිතක් තුලම පවතිනව.සතුන්ගෙ මිනිසුන්ගෙ කියල ඊට වෙනසක් හිමිවෙන්නෙ සිහිනයේ තියෙන පරිණත බවිනුත් ඒ සිහින සැබෑ කරගන්න දරන උත්සහයෙනුත් පමණයි.

හිතේ මතු වන මේ පුංචි පුංචි හීන සමහරුන්ගෙ හිතේම ලියලල හිතේදිම මියයනව.ඒකට අපිට ඒ හිත් වලට බනින්න බෑ.ඒ ඔවුන් ඊට මූන දෙන විදිහ.ඒත් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම මේ අතරින් සමහර හිත් වලට මේ හිතේ පිරිල නලියන සිතිවිලි දරාගෙන ඉන්න බැරි වුනා.ඒ හිත් වලට ඕනෙ වුනා මේ පිරිල නලියන සිතිවිලි සමුදාය තවත් ඒ වගේම හිත් එක්ක බෙදාගන්න.

මානව විකාශනයත් සමගම මේ අය අංග චලන ඔස්සේ හා ශබ්ද ලෙස මේ ඇතිවෙන සිතිවිලි අනිත් අයත් එක්ක බෙදාගත්ත.ඒත් මේ විකාශනය මිනිසුන් භාෂාවන් සොයාගැනීමත් සමගම යම් යම් ලෙස දියුණු වී පරිනත වූ ආකාරයකින් අපිට අපේ මේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් උනා.

සලර පින්තූර ඔස්සේ ගොඩ නැගුනු මේ භාෂා, සංකේත, සෙල්ලිපි ඔස්සේ අක්ෂර මාලාවක් දක්වා යොමුවූ තැන මීට අත්පිටපත් ක්‍රමය හා මුද්‍රිත ක්‍රමයන් ද එක්වුනා.

නවීනව දියුනු වෙන ඉලෙක්ට්‍රොනික ලෝකයේ ඩිජිටල්කරණය වූ මාධ්‍යන් තුල මේ සිතිවිලි මෙහෙයුම් කරුවන් යුනිකේත ඔස්සේ නවමු මං මාවත් සොයා ගියා.ඉතින් ඒ ලෝකයක් හසුරුවන සිතිවිලි මෙහෙයුම්කරුවන්ගේ නවතම තෙලිතුඩ තමයි ඔයත්, මමත්, තවත් ගොඩක් අයත් මේ ඉන්න බ්ලොග් අවකාශය.

ඉතින් මේ වගේ මෙහෙයුම්කරුවන් හරියටම බැලුවොත් මාලයක මුතුකැට වගේ.අමුනන්න කලින් ලෝකෙ පුරාම විසිරිලා තැන් තැන් වල.ඒත් සාර්ථක නියමුවන්ට පුලුවන් මේ වගේ මුතුකැට ගොන්නක් ලස්සනට එකිනෙක අමුනන්න.

බොලාව එකාට එකා තියල අමුනන්න නෙමේ බොල යන්නෙ >:(.බයවෙන්නෙපා :p

ඉතින් මේ සිහින මුතුකැට 2011 වසරෙදි පළමුවෙනි සිහින උළෙලෙදි මුලින් එක්කාසු උනාට පස්සෙ 2012 වසරෙ සිහින උළෙලෙදිත්, ඒ අතරතුර අවස්ථා කීපයකත් කීපවිටක්ම එක්කාසු වුනා.ආඩම්භරයෙන් කියන්න ඕනි කාරණයක් නම් ඒ එක්කාසු වුණු හැම අවස්ථාවකදීම අපි සතුටු වුනා වගේම අපිට තව තවත් අහිංසක හිත් වලට සතුටක් දෙන්නත් පුලුවන් වුනා.අදට වගේම මියැදෙන තාක් ඒ සතුට නම් හිතෙන් මැකෙන එකක් නෑ.සැහ්..... කඳුලුත් ආව බොල ඇස් දෙකට ඒව මතක් වෙද්දි .මෙන්න ඒ මතකයෙන් බිඳක්


සයිබර් සිහින උළෙල 2011


සයිබර් සිහින උළෙල 2012


ඉලන්දාරියා වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය බුද්ධි)


ජෙරූෂා දියණිය වෙන්වෙන් එක්වීම (පින්තූර අයිතිය දුකා අයියා)


ගලහිටියාගොඩ විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම

ඉතින් මේ වගේ වැඩක සංවිධායක ක්‍රියාවලිය නම් වගකීම් සහගත, ඒත් සුන්දර අත්දැකීමක්.අදටත් ඒ මතකයන් මතකෙට එද්දි කටට හිනාවක් එන්නෙ හිතටත් නොදැනිමයි.ඉතින් ඒ වගේ දෙයක් කරන්න නම් මේ සඳහා බ්ලොග් නියමුවන් පිරිසකුත් අවශ්‍යයි


මොකාද බොල මේ අමුතු නියමුවා o.O


.
.
.
.
.
.
.
.
.
.


.
.
.
.
.
.
.
.
:/ නෑ නෑ ඌ නෙමේ බොල.ඒ ගුවන් නියමුවා :/

මං එහෙම නියමුවන් කියල කිව්වෙ අර කලින් සඳහන් කරපු සංවිධායක පිරිසට.අපි මේ කතා කරන්නෙ ගමක්, නගරයක්, පලාතක් සම්බන්ධව නෙමේ.ගෝලීයකරණය ඔස්සේ ජාලගත වූ මුලු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සිංහල බ්ලොග් කරුවන් ගැන.ඉතින් මේ බ්ලොග් කරුවො ගොඩක් ඉන්න "බ්ලොග් අවකාශයේ මිතුරෝ" කියන මුතු අහුරෙහි අලුත් වසරක් වෙනුවෙන් තෝරන අලුත් නියමුවන් ගොන්නට එකතුවෙන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියේ.සීමාසහිත පිරිසකට තමයි ඉතින් මේ අමිල වරම ලැබෙන්නෙ.කැමති හැමෝම අයදුම් කරන්න.අයදුම්කරුවන් සියලු දෙනාවම අපි ඉදිරි දිනක් ඔස්සේ එක්කාසු කරල නව නියමුවන්, නියමුවරියන් පිරිස තෝරන්නයි හදන්නෙ.ඔන්න මගහරින්න නම් එපා.ජීවිතේ සුන්දර අත්දැකීමක් වගේම ජීවිතේට ලොකු පන්නරයක් වේවි මේ දේ.


සයිබර් සැනකෙළිය නිල බ්ලොග් අඩවියේ මේ හා සම්බන්ධ විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මෙන්න අයදුම් පත්‍රය.එහෙනම් හමුවෙමු ඉදිරියෙදි.ජය





කලින් අත්දැකීම් තිබුන හෝ නැතා කියල කිසිම අවුලක් නෑ.පොඩ්ඩක් වත් බයවෙන්නෙපා.ඕනිම කෙනෙක්ට අයදුම් කරන්න පුලුවන්.තමුන් සතුව නියමුවෙක් විමේ වාසනාව ඇත්නම් එය කිසිවකට වැලැක්විය නොහැකියි.








Monday, June 11, 2012

සයිබර් සිහිනයේ ඉතුරු මඩ (සොමි ආතල්)

ප.ලි :- අද මට පසු ලියමන කලින් දාන්න හිතුන.එතකොට ඒකට කියන්නෙ පෙ.ලි කියලලු :p

ප.ප.ලි :- මීට සුලු දිනකට කලින් අප අතරින් වියෝ වුනු අපේම ඔබා මාමව ආදරයෙන් මතක් කරනගමන්ම නිවන් සුව පතනවා.
ප.ප.ප.ලි :- මේක ගෙඩි පිටින්ම සයිබර් සමරු කලාප පොතේ පලවුනා.ඒත් තොපි වගේ රිලව් එකෙක් වත් ඒක කියවන්න නැතුව ඇති කියල හිතුන.
පපර පපං පලි :- පෙලි කියල ලියන එක කැතයි වගේ නිසා පලි කියලම ලිව්ව.



මේ වසරේ........... ඒ කියන්නෙ 2012 අවුරුද්දෙ අප්‍රේල් 22 වෙනිද බොහොම තේජවන්ත විදිහට සැබෑ වුනානෙ අපේ සයිබර් සිහිනයෙ මේ වසරෙ දිනය.හොඳටම රහ වැටිල කට්ටිය හිටියෙ.වෙන වෙන කතා වටින් පිටින් ඇහුනත් තාමත් එහෙන් මෙහෙන් හා හූ සද්ද ඇහෙනව මේ ගැන.හැබෑටම සිරා දවස නේ.ආපු නැති උන් දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝපල්ල.කමක් නෑ බොල.එන පාරවත් වර.සයිබර් සිහිනයක් අත්විඳපු නැති බ්ලොග් කරුවෙක් කියන්නෙ හරියට මව් කිරි නොබීපු ළදරුවෙක් වගේ කියලයි මට නම් හිතෙන්නෙ.ඌ ලොකු මහත් වෙයි.හැබැයි මේරීම ප්‍රාථමිකයි.


ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................. ඇත්තටම මේ එකතු වෙන........... මේ අත්විඳින සයිබර් සිහින නම් හිතේ මතක ගොන්නට එකතු වෙන්නෙ වාසනා මහිමයත් එක්කමයි.ලංකාව පුරාම එකම සමානාත්මතාවකින් පිරුනු ලොකු පොඩ්ඩො එකට හම්බුවෙන අපේම දවස.තවත් අරුත් ගන්වනවනම් අපේම පට්ට දවස.ඇත්තටම ඒ මතකම ඇති අවුරුද්දක් පුරාවටම මතක් කර කර හිනාවෙන්න සංවේදී කෙනෙකුට.


කොහොමින් කොහොම හෝ මං මේ දැන්නම් හදන්නෙ උඹලට ප්‍රශ්න පත්තරක් දෙන්න.කොපි කරන්න බෑ.අල්ලපු එකාගෙන් උත්තරේ අහන්න බෑ.ශාලාධිපතිගෙන් අහන්නත් බෑ.කී බෝඩ් එක උකුලට ගනිල්ල.ඕන්න එහෙනම් බෙදුව පේපරේ :p


                    ***


අධ්‍යයන පොදු සහතික පත්‍ර බ්ලොග් සයිබර් සිහින මඩ විභාගය 2012
කාලය :- විනාඩි 15යි (ශාලාධිපති අත්පුඩියක් ගැහුවම පටන් ගනිල්ල හෑ)


(1) කොහේදෝ සිට පැමිණි පිටසක්වල ජීවියෙකුගෙන් ගානක් කඩාගන්නට සිතාගෙන ඔහු සිය කාරයේ දමාගෙන ගොස් මහරගමින් බැස්සු කෙනෙක් පසුව ඩීසල් පැට්‍රල් ගනන් ගිය මේ කාලයේ පිටසක්වලයන්ට මොන සහනාධාරදැයි පවසමින් බස් ගාස්තුව ඉල්ලා ගත් බවට නිල නොලත් ආරංචි මාර්ග වලින් ආරංචි ලැබී ඇත.සංවිධායක මණ්ඩලය දමන කවර blog post එකක වුවද ඇනෝවෙක් ලෙස කමෙන්ට් කොට map එකක් ඉල්ලා සිටීම මේ දිනවල මොහුගේ ප්‍රියතම රාජකාරිය වී ඇත. අනුන්ට මුවාවී පොටෝ ගැනීමට  විශේෂ දක්ශතාවයක් ඇති මොහුගේ ප්‍රියතම පානය මල් පැණි වන අතර සෑම ‍රැස්වීමක් අවසානයේම
"කෝ මුකුත් නැද්ද.උඹල දැන් මුකුත් ගන්නෙවත් නැද්ද.යකෝ අපිනම් ගිය පාර මීට්න් එකට ආපු ගමන් වැඩ ඉවර කරල යන්නෙ සෙට් වෙන්න.ඒ අතින් උඹල වැඩක් නෑ බං.කුජීතයි ඈ"
අසමින් අනිත් සියළු දෙනාටද මල් පැණි පෙවීමට උත්සාහ දරන බවත්
මල් පැණි කියන්නේ මොනාදවත් කියා නොදත් අනිත් උන් නොදරුවෝ මෙන් හැමදාම ඊට හිස වනා විසිර යනු ලැබූ බව නිල නොලත් ආරංචි මාර්ග තවද පවසයි.මොහු,



1.යැංකියා 2.ජිංජිබිරිසා 3.අභීතයා නොහොත් අඹේපාලයා 4.අවංක පැට්ටා



(2) සයිබර් උළෙලට පැමිනෙන සියළු දෙනාගෙන්(විශේෂයෙන් ගැහැණු ළමුන්ගෙන්) Hug එකක් බලාපොරොත්තුවෙන් සිටින මුහුද යට සිය වාසස්ථානය වන නූතන මල් සරා  කිරිබත්ගොඩ හමුව Cancel වීමෙන් ඉමහත් කනස්සල්ලට පත් වී ඇති අතර එයට හේතුව ලෙස පවසා ඇත්තේ අහල පහල වූ ගැහැණු ළමයෙක් සෙටාර් කරගැනීමේ අවස්ථාව මඟ හැරීමයි.:P
“අක්කේ මේ මම එද්දි අහල පහල ඉන්න කෙල්ලෝ සෙට් එකට පුංචි කිඳුරෙක් එනවා කියලා කියලා තියන්ඩ ඈ.. “මෙසේ කියමින් මොහු අදාල අක්කාට කරදර කළ බවද ආරංචි මාර්ග පවසා සිටී.මොහු,



1.අක්කපාලයා    2.පොඩි මෑන්    3.ඉෂාර    4.සඳකිඳුරා

(3) කාලයක් වීඩියෝවක් නිසා තම ස්‍රී නාමයට කැලලක් වුන බව පවසමින් ඇඬූ කඳුලෙන් කාලය ගෙවූ සෑම විටකම යුවතියන් දැකීමට යුවතියන් හා කල් ගෙවීමට කැමැත්ත දැක්වූ, අඬු 4ක්ම ඇති සිහිනයක් විසින් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය තරඟයේ භාරකාරත්වය තමාට ලබා දෙන ලෙස සංවිධායක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට මරණ තර්ජනය කරමින් ඉල්ලා සිටි බව සැලවේ...තමාට මෙම අවස්ථාව ලබා නොදෙන කවරෙකුට වුවද මිත්‍රද්‍රෝහියෙකු ලෙස සලකන අතරම තමාගේ අතේ නිතරම ‍රැඳුන එනමුත් භාවිතා කිරීමට වැඩිය නොදන්නා ගිටාර් රාජයාගේ පහර කෑමකින් මරණයට ලක්වීමට සිදුවන බව මොහු දිවුරා පැවසූ බවද නිල ආරංචි මාර්ගයන්ගේ සැලවී ඇත.මේකා,



1.සිහිනයා 2.බනියා 3.කොස් කොළයා 4.ස්කූබි ඩූ

(4) වෙනත් සක්වලකින්  කොළඹ රටට මෑතකදි ගොඩ බසින ලද අයෙක් විසින් කොළඹ රටත් ඒ සක්වල මෙන්ම සීතලයැයි සිතාගෙන මුලදී අත් පා දිගට තිබෙන ඇඳුම් ඇන්ද නමුත් මෑතකදි බ්ලොග් අවකාශයේ මල් පැණි වලට ප්‍රිය කරන කෙනෙකු අනුව යමින් කොට කලිසම් වලට හුරු වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. පිටේ හරහට එල්ලා ඇති  ලැපත්, සිංදු අහන බව පෙන්වීමට නිතරම කනේ ඔබාගෙන සිටින headset එකත් මොහුව අඳුනා ගැනීමට හැකියාව ලැබෙන ප්‍රධාන අංග ලක්ශන වේ..තවද බුකියේ ප්‍රොපයිල් පින්තූරය ලෙස නිතරම ගිටාරයක් හරහට එල්ලාගත් පින්තූරයක් තබාගැනීමට ඔහු ප්‍රියතාවයක් දක්වන බව මොහුගේ මිතුරු කැල අපට පවසා ඇත.
මොහු,


1.පවනි    2.පිටසක්වලයා    3.මදුරංග    4.මී ගොඩයා

(5) පොර කථා දමමින් දඟයෙක් නොවූවත් දඟයෙක් වන්නට ගිය ගඳයෙකු කාන්තා පාර්ශවයට කට කැඩිච්ච කථා කියන්නට ගොස් මේ වසරේ මාර්තු මස 31 වෙනි දින නගර සභා භූමිය ඉදිරිපිට වූ කහ ඉර මතදී පිට හරහා අවුරුද්දටම අමතක නොවන කෑමක් ඉල්ලාගෙන කෑ බව කාටත් නොරහසකි.
මොහු,


1.දඟමල්ල    2.කිඩෝ    3.දඟයා පවර්    4.නාකියා

(6) නම ඇසීමෙන්ම දුක ගැන හිතට හිතෙන උතුමෙක් ඕන් මේ පාර තේරෙන රාජකීය අවුරුදු ජෝඩුවට අනුග්‍රහය දක්වයි.මෙහි යටින් රියලිටීකරණය වූ මාෆියාවක් තිබේදෝහෝයි ගමේ තේ කඩේ පැත්තේ කතා වෙන බව දැනගන්නට ලැබුනි.
මේ උතුමා,


1.හිමහංසි    2.ප්‍රාර්ථනා    3.දුකා    4.සිහින මධාරා

(7) විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට වූ තරාදියකින් බර කිරන්නට ගිය අක්කා කෙනෙක් නිසා දුප්පත් වෙළෙන්දෙකුගේ ආදායම් මාර්ගයටද උදැල්ලක් වැටී ඇති බවත් බර කිරන්නට ගොස් තරාදි කට්ට පිස්සු නටා ඇති බවත් වටේ බලාගෙන සිටි අයගේ මාර්ගයෙන් සයිබර් රහස් ඔත්තු සේවයට ආරංචි වී ඇත. 
මැය,


1.දුෂ්    2.හසී    3.ප්‍රාර්ථනා    4.චතූමිතූ


(8) ජීවත් වුවත් එසේ නොවන්නෙකු පිළිබඳ නමෙන් ඉඟි කරන කෙනෙක් ඕන් පහු ගිය ටිකේ නිතර නිතර අහල පහල ගැවසී ඇතිමුත් මෙම වසරේ මාර්තු 31 දින නිතරම හිස පසෙකට නමාගෙන ඇති ඡායාරූප භාවිතා කරන යුවතියක සමග කඩේ යාමෙන් පසුව අතුරුදහන් වී ඇත.
මොහු,


1.අභීතයා    2.මාරයා    3.මරණයා    4.මලියා

(9) තම සිරුරේ හැඩය හා ශක්තිය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්නෙක් රාත්‍රී 7සිට 8 වෙනතෙක් කාලය gym එකක කාලය ගත කිරීමට ‍තෝරාගෙන ඇත. ඉඩ ඇති බස් සොයාගෙන ගොස් ඒවායේ හිටගෙන යාම මොහුගේ ප්‍රියතම විනොදාංශය වේ. කොයිතරම් ඇඟ හදාගෙන සිටියත් මොහු මල් පැණි වලට ලොබ වූ පුද්ගලයාට දැඩි බියක් දක්වන අතර මුහුද යට ජීවත් වන නූතන මල් සරාට දැඩි ආදරයක් දක්වයි. කොහේ ගියත් මොන දේ කලත්
"........... හිටියා නම් හොඳයි නේද?" කියමින් නූතන මල්සරා සිහිකිරීම මොහුගේ පුරුද්ද වී ඇත.
"මල්සරා I miss you always" :o.
මොහු,


1.ජනරංග    2.පිටසක්වලයා    3.රාජ්    4.පවනි

(10) ටිකක් වයසක ගතියේ නමක් තිබුනත් බ්ලොග් අවකාශයේ චූටිම එකා ලෙස තමාව හඳුන්වා ගන්නෙක් තමාට වඩා වැඩිමහලු අක්කා කෙනෙගෙන් ටී ශර්ට් එකක් තෑගි ලෙස ලබාගෙන එය හැමතැනම කියමින් යන බව ආරංචි මාර්ග පවසයි.
අක්කලා සමඟ ඉතා දැඩි සම්භන්ධතා ඇති මේ පුංචි මල්ලියා තවත් අක්කා කෙනෙක්ගෙන් සොරකම් කල සිංදුවක් කවියක් කරන්නට ගොස් අමාරුවේ වැටී දැන් එය අතරමඟ නතර කොට ඇත.
දත් මැදීමටත් වඩා ........ කිරීම හොඳ පුරුද්දක් ලෙස සිතාගෙන සිටින මොහු සෑම රාත්‍රියකම සමු දෙන විට දත් මැද නිදාගන්න කියනවා වෙනුවට රෑට චූ කොට නිදාගන්නයැයි කියමින් සමුදෙන බව මොහු සමඟ නිතර දෙවේලේ chat කරන තවත් අක්කා  කෙනෙක් ප්‍රකාශ කොට ඇත.. 
මොහු,


1.සඳකිඳුරා    2.ඉෂාර    3.අක්කපාලයා    4.කොස් කොලයා


(11) මල්ලිලාට තෑගි අරන් දීමට ස්වකීය කාලය හා ධනය නොමසුරුව වැය කරන තවත් අක්කා කෙනෙක් බම්බලපිටිය හන්දියේ වූ කඩයක විශාලත්වය දැක මුහුද වාසස්ථානය වූ කෙනෙකු සමඟ එයට ඇතුල් වී එහි වූ අයිස්ක්‍රීම් කඩයකින් රුපියල් දහයක අයිස් ක්‍රීම් එකක් කා එළියට බැස පැමිණි බව ආරංචි මාර්ග පවසයි.  මැය වෙන කිසිවෙකුටත් නොමැති අන්දමේ පිස්සුවක්.. එනම් google doc පිළිබඳ ඉතා දැඩි පිස්සුවකින් පෙලෙන බව ඇගේ හැසිරීම කාලයක් තිස්සේ අඳුරන සියළු දෙනා පවසයි. මීටින් වලට පැමිණෙන විට සිය සොයුරිය සහ සොයුරියගේ පෙම්වතාද කැඳවාගෙන විත් මල් කැඩීමට අවස්ථාව ලබා දී පින් අතේ වැඩද සිදු කරගන්නා බව ප්‍රසිද්ධ රහසකි.
මැය,


1.ප්‍රාර්ථනා    2.චතූමිතූ    3.හිමහංසි    4.දුෂ්


(12) කාලයක් තිස්සේ උත්සාහ දැරුවද එකම කෑල්ලක්වත් සෙට් කරගැනීමට නොහැකි වීමේ දුකින් පෙලෙන තවත් අයකු බැරිම තැන චූටි මල්ලිගේ cousinලා වෙත බැල්ම දැමූ බවට විස්වාසදායී ආරංචි මාර්ග වලින් ආරංචි වී ඇත. චූටි මල්ලිගේ ප්‍රොෆයිල් පින්තූරයක සිටි තමාට වඩා හත් හත්දිනේ වයසින් බාල cousin කෙනෙකු සෙට් කර දෙන ඉල්ලමින් කඳුළු පෙරමින් හැඬූ වග සයිබර් රහස් ඔත්තු සේවයට දැනගැනීමට ලැබී ඇත. ඉන්පසුව දුරකථන අංකයද ලබා දෙන ලෙස වැ ද වැටී ඇත. පසුව චූටි මල්ලියාට මොහු බැන වැදී ඇති බව ප්‍රසිද්ධ රහසකි. මොහුට එකම අවුල චූටි මල්ලි මස්සිනා වීම බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. 
මොහු,


1.රාජ්    2.ගයාන්    3.ජනරංග    4.සඳකිඳුරා


(13) මේ වසරේ අප්‍රේල් මාසයේදි බ්ලොග් එකට අවුරුද්දක් පිරුණු අක්කා කෙනෙක් චූටි මල්ලි ලෙස නිතරම කියා ගන්නා කෙනාට ඒ අක්කාව මුන ගැසීමට තුන්මුල්ල මහා විද්‍යාලය අසලට පැමිණෙන්න යැයි පවසා පොල්ලක් තබා ඇත. තවද බටර් තලියක් චූටි මල්ලිගේ ගා තමන් විසින් ලියන ලද සින්දුවකට මියුසික් දමා දෙන ලෙස ඉල්ලා ඇත. මල් ගැනීමට ස්ථානයක් නොමැති නිසා මුහුද යට වාසස්ථානය වූ රෝද හතරේ දඬු මොනරණයක් භාවිතා කරන කෙනෙකුට මල් ගැනීමට කැළණි යමු යැයි යෝජනා කර ඇති බව විශ්වාසනිය ආරංචි මාර්ග සඳහන් කරයි. තවද අප්‍රේල් 8 වෙනිදා බ්ලොග් ලියන කිහිප දෙනෙකුටද පාටියක් දෙන බව පවසා එයටත් පොල්ල තබා ඇති බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. යාලුවන්ට කියා ඉතා සැලසුම් සහගතව තමන්ගේ ඡායාරූප ලබා ගැනීමට විශේෂ හැකියාවත් දක්වයි. පසුගිය දින කිහිපය තුල Ek Diwana Thaa නැමැති චිත්‍රපටය බාගැනීමට සැමගෙන්ම ලින්ක් ඉල්ලා සිටි බව ප්‍රසිද්ධ රහසකි. නමින් නිතරම කුමක් හෝ දෙයක් පතන බව හැඟවේ. බටර් ගෑමට උපන් හපන්කමක් ඇත්තියක් බව දන්නෝ දනිති.
මැය,


1.හිමහංසි    2.හසී    3.චතූමිතූ    4.ප්‍රාර්ථනා


(14) නිතරම හිස පසෙකට ඇල කරගෙන සිටින ෆොටෝ භාවිතා කරයි. මේ වසරේ අප්‍රේල් 31 වන දින විහාර මහා දේවි උද්‍යානය තුලදී පිරිමි ළමුන් දෙදෙනෙකුට තර්ජනය කර එක් අයෙකුට පහර දී ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. මදක් ටියුබ් ලයිට් ගතියක් පෙන්නුම් කරන අතර චූටි මල්ලියාගේ සංගීත වැඩ හා සම්බන්ධ අක්කා කෙනෙකුට චූටි මල්ලිගේ ආදරවන්තිය යැයි රැවටුණු බව අදාළ පුද්ගලයන් පැවසීය. මැය සමග කඩේ ගිය නිතරම මරණය ගැන කතා කරන පුද්ගලයෙකු දින කිහිපයක් අතුරුදන්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි. ලව් සික් එක උපරිමේටම ඇති බව කතා කරන සෑම දෙනාටම තේරුණත් මැය නිතරම කතා කරන්නේ උස සපත්තු හා දුක පිලිබඳ බව සැමගේ අත්දැකීමයි. බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා පවසන්නේ මැයගේ දුක් ගැනවිලි කියවා හෙම්බත්වී ඇති බවයි. සයිබර් සිහින උළෙලට දින දෙකකට පෙර මැගේ අවසන් කැමති පත්‍රය ද බ්ලොග් අඩවිය ඔස්සේ නිල වශයෙන් ප්‍රසිද්ධ කල බව දන්නෝ දනිති.
මැය,


1.වර්ණා    2.සුදු පැංචි    3.දුෂ්    4.නෙත්පානි


(15) විහාර මහා දේවි උද්‍යානයේ තිබූ හමුවේදි සිය මිතුරන් හඳුනා ගැනීමට නොහැකිව වටා පිටාවේ ඉන්න සියලු දෙනාගෙන් නංගි ඔයා බ්ලොග් ලියනවද? අයියේ බ්ලොග් එකක් ලියනවා නේද? අසමින් ගිය අයෙක් ගැන ආරංචි පැතිර ගොස් ඇත. කැන්ටිමේ සිටි සියලු දෙනා බ්ලොග් කරුවන් යැයි සිතූ මොහු කැන්ටිමට වී එක් අයෙකු හෝ තමා සමඟ කතා කරන්නට එන තුරු මඟ බලාගෙන හිටි බව සැලවේ.. මෙම කොටස සමරු කලාපයෙන් ඉවත් වුවහොත් එයටද වගකිවයුත්තා ඔහු බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.
මොහු,


1.යැංකි    2.ගයාන්    3.රාජ්    4.සඳකිඳුරා




විභාගය ඉවරා.................යි.දැම්මනං බලන්න කොල්ලො කෙල්ලන්ගෙ උත්තර ටික පල්ලෙහායින්.හික් හික් හික් :D
[ මේ සමරු පොතේ පලවූ මඩ.සමරු පොතේ පල නොවූ මඩත් අරන් ළඟදිම එන්නම් ;) ]
සමරු පොත් හම්බුනේ නැති එවුන් තව ඉන්නව නම් මුනගැහෙන මොහොතක දෙන්නම් හොඳේ.අස්ථාන ගතව තිබුනු සමරු පොත් පිටියක් කවුරුහරි ඉදිබුවෙක් මම නිළ ප්‍රවාහන සහකරු නිසා කාර් එකේ ෆ්‍රිජ් එකට දාල මේ ලඟදි මට හම්බුනේ :p........ කල් තියාගන්නද දන්නෙ නෑ ෆ්‍රිජ් එකට දැම්මෙ.එහෙම නරක් වෙන්නෙ නෑ පුතේ පොත් :D

Wednesday, April 18, 2012

සයිබර් සිහිනයට තව විනාඩි 5520යි

මීට කලකට ඉහත අභීත කියන අපේ මහා ලොකු මේ හීනෙ අයිතිකරු මේ හීනෙ කුළුදුලේ දකිද්දි නම් හිතන්නෙ නැතුව ඇති මේ තරම් පිරිසක් මේ වටා එකතු වේවි කියල.දැන් මේ හීනෙ උඹෙ විතරක් නෙමේ අභීත අයියණ්ඩි.දැන් මේ හීනෙ අපි හැමෝගෙමයි.


ලෝකෙ වටේම ඉන්න, අපිත් එක්ක අත්වැල් බැඳගත්තු අය දැන් මේ විනාඩි 5520 ගෙවිල ඒ ලස්සන මොහොත එළඹෙනකල් දැන් දැන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නව ඇති.ඔයාල ඇඟිලි ගනින මේ මොහොතෙදිත් මේ පිටිපස්සෙ සංවිධායකයින් තාමත් වෙහෙසෙනව ගොඩක් වැඩ රාජකාරි අස්සෙ උනත් මේ හීනෙ ගොඩක් ලස්සන කරන්න.


ඒ ලස්සන හීනෙ කොටස්කරුවො වෙන්න ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕනි



මතකනෙ
දවස 2012 අප්‍රේල් 22 වෙනිද
වෙලාව උදේ 9 ඉඳන් හවස 4 වෙනකල්
තැන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය


ගොඩක් අය අහල තිබුන කුරේ පිට්ටනියට එන්නෙ කොහොමද කියල.මේ තියෙන්නෙ සිතියම


කිරිබත්ගොඩදෙමටගොඩබොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙවැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන්154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයටආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).

***

එදාට ඔයාල හැමෝටම මෙතෙක් පරිඝණක තිරය මත සිත්තම් වුනු හිත් එකින් එක හිතේ හැටියට මුනගැහෙන්න වරම් ලැබේවි.අපේ මේ බ්ලොග් ඉසව්ව හරිම ලස්සනයි.කිඳුරන්ගෙන්, කිඳුරියන්ගෙන්, මායාකාරියන්ගෙන්, සුපිරි වීරයන්ගෙන් ඇතුලුව ඔබ නොදන්නා ගොඩක් අය ඉඳීවි.එන්න ඒ අයව හැබැහින් අත්විඳින්න

අපිට තවමත් ශක්තියක් වෙන්න කැමති අයට තාමත් අවස්ථාව තියෙනව අපේ සමරු කලාපයට ඔබේ සුභ පැතුම හෝ බ්ලොග් එක ඇතුලත් කරගෙන ඊට දායක වන්නට.මේ ඒකෙ වැඩි විස්තර

දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව

හදිස්සියෙවත් තාමත් සයිබර් සිහිනයෙ පැමිනීම ඔබට දන්වන්න බැරි උනානම් ඉක්මනට මේකට ගිහින් දන්වන්න.නැත්නම් ඔබට ඒ වරම් අහිමි වෙන්නත් පුලුවනි.ඒ නිසා ඉක්මනට දන්වන්න.18 වෙනිද වෙනකල් දන්වන්න පුලුවනි

මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා.

ඔබට මෙහිදී රු100ක වැනි අතිශය සුළු මුදලක ප්‍රවේශපතක් අපි නිකුත් කරනවා.බයවෙන්නෙපා ඒ වෙන දේකට නෙමේ.ඔයාලට දෙන දවල් කෑම වේල සහ වතුර බෝතලය වෙනුවෙන්.

අපි ඔයාල වෙනුවෙන් ගොඩක් තරඟ මේ සඳහා ඇතුලත් කලා.මෙන්න බලන්නකො
















කණා මුට්ටි බිඳීම
    සැගවුණු පෙට්ටියේ රහස
   බනිස් කෑමේ තරඟය
    අලියාට ඇස තැබීම
   සැගවුනු අමුත්තා
   මීටර් 100 පිරිමි
    මීටර් 100 ගැහැණු
    තුන් පා දිවීම
   බැලුම් පිපිරවීම
   යෝගට් කැවීම
    බැලුම් පිපිරවීම
    අවුරුදු කුමාරයා
    අවුරුදු කුමරිය
    සංගීත තොප්පි තරඟය
ඇතුලු තවත් කීඩා

මීට අමතරව DJ සංගීතයක් එහෙමත් තියෙනව අපෙ නැටුමට ගැයුමට බර කොල්ලන්ට කෙල්ලන්ට

ඕන් අපේ ලස්සන කෙල්ලො කොල්ලො ටික අවුරුදු කුමාරය හා අවුරුදු කුමාරි තරඟ වලටත් ඉදිරිපත් වෙන්න අමතක කරන්නෙපා  

සියළුම කරුණු කාරණා මැද හිතේ හැටියට ඒ සතුට අත්විඳින්න ලමයි.ඒත් විනීත බව ගැන සහ අන් අයට හිරිහැරයක් කරදරයක් නොවෙන්නට ෆන් ගන්න වගබලාගන්න

තරයේ දැනුම්දීමයි.අරක්කු, මල්, දුම්වැටි, කසිප්පු [මතක් වෙන්නෙත් නෑ බං නම්.මං ඉතින් පොඩි එකා නෙව.ඔව්ව ගහල නෑ :p] මේ වගේ කිසිම මත් ද්‍රව්‍යක් ක්‍රීඩාංගන භූමිය තුලට ගෙන ඒම තහනම්.

එහෙනම් වරෙල්ල එදාට.අපේ මේ හීනෙදි හීන ආතල් එකක් ගමු :)

ප.ලි :- මතකනේ hug එක :p


Monday, April 16, 2012

පෙට්ටියේ රස රහස [18+ මල් වැස්ස]



මේ පුරන් වෙලා ඉරිතලා ගිය මල් වගේ වල් හිත් පොඩි ටික ඕන් මේ සඳකිඳුරට කලකට පස්සෙ මතක් උනා.ඉතින් කොහොමෙයි....... [අතිශය සීරියස් දැනුම්දීමයි ඕන්.ආපහු නොකීවය කියන්න එපා.කැත හිත් නැති මල් වගේ ලමයි එහෙම මෙව්ව කියවනව නෙමේ.ඩබල් මීනිං දන්නෙ නැත්තං බල්ටි ගහපල්ල.කොරන්න දෙයක් නෑ]


පෙට්ටි.......... මොනාද බොල මේ පෙට්ටි කියන්නෙ........ හප්පේ, ඔහොම කතාවක් අපේ එව්වන්ගෙන් එහෙම ඇහුවනම් උන් පැල් බැඳගෙන කියල දේවි පෙට්ටි ගැන.හික් හික් හික්..........


ලොව පෙට්ටි ජාති ගොඩක් තිබේ.සමහර එව්ව කාඩ්බෝඩ් පෙට්ටි.සමහර එව්ව යකඩ පෙට්ටි.ඇයි එතකොට හම් පෙට්ටි [වටිනා වටිනා හම් වර්ග වලින් හදන එව්ව ගැන මං කිව්වෙ.උඹල වෙන මුකුත් එහෙම හිතුනෙ නෑ නේද], තව එතකොට ලොකු පෙට්ටි, පොඩි පෙට්ටි, හිච්චි පෙට්ටි, කැඩුනු පෙට්ටි, අලුත් පෙට්ටි..............උඹල ඉතින් මොනා නැතත් පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්න නම් දන්නව.ඉතින් ඔය වගේ එකී මෙකී නොකී පෙට්ටි ජාති ගොඩක් ලෝකෙ තියෙනව.


ලමයි මේ තමයි කාඩ්බෝඩ් පෙට්ටිය



මෙන්න ලමයි කැඩුනු පෙට්ටියක්

මේකට කියන්නෙ යකඩ පෙට්ටිය කියල

මෙන්න දරුවනේ හිල් පෙට්ටිය.ඇතුලට බැහැල හුස්ම ගන්නත් පුළුවන්


















පෙට්ටි තියෙන්නෙ ඉතින් ඇතුලට මොනාහරි දාන්න නෙව.මොන වගේ එව්වද දාන්න පුලුවනි........... එහා ගෙදර නැන්ද කියනව ඇහුන "අවුරුද්ද එන්න කලියෙන් ඕන් ඔය පෙට්ටියට බඩු පුරවන්න" කියල.පෙට්ටියට බඩු පිරවීම බලන්න හොඳ නැති නිසා ඕන් මං බලන්න ගියේ නම් නෑ.එව්ව කැත වැඩ නෙව.ගියොත් ඉතින් අපිටත් හවුල් වෙන්න වේවිනෙ.අත් වන වනා බලන් ඉන්න බෑනෙ
සමහරු ඉතින් කියාවි අනිත් එවුන් බඩු පුරවනකල් අපිට අත වනවනා හිටිය හැකිනෙ කියල.අපේ එවුන්ගෙ අත් වැනුවොත් නොවැනිම තියේවි :D
සමහරු කැමති පෙට්ටි දිහා බලන්න විතරයි.සමහරුන්ට අල්ලන්නත් ඕනි.සමහරු ආසයි නියපොත්තෙන් තට්ටු කරල බලන්න.සමහරුන්ට නම් ඉතින් ඇඟිලි නොගහ ඉන්නම බෑ
කොහොම උනත් ලොකු පෙට්ටියකට පොඩි දෙයක් දානවට වඩා මං නම් හිතන්නෙ පොඩි පෙට්ටියකට හෙමි හෙමින් ලොකු දෙයක් පැක් කරන එක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්.
සමහර පෙට්ටි අළුතින් ගත්ත හරිම අමුතු සුවඳයි.ඉස්සර මට මතකයි අපෙ ගෙදරට අළුතින් පොත් එහෙම ගෙනාවම පිටුවෙන් පිටුවට පෙරලල මන් සුවඳ බලනව.අන්න ඒවගේ තමා සමහරුන්ට කුළුදුලේ පෙට්ටියක් හම්බුනාම.කෝඩුකාර විසේ නෙව.


කතාවෙන් කතාවෙන් උඹලගෙ බලාපොරොත්තු කඩල බිඳල සුන්නද්දූලි කොරන තැනටම ආව ඕන්.හරියට ඇඳුම් පැළඳුම් හදාගෙන අත මේසෙ උඩට අරගනිල්ල.
දැන් මං උඹලට මේ කියන්න යන පෙට්ටිය එකෙක්ටවත් අල්ලන්න, හොල්ලන්න, ලෙවකන්න, උස්සන්න, ඇඟිලිගහන්න වගේ අතවර වලට ලක් කරන්න තහනම්.මඩු වලිගෙකුත් ධීවර අයිය කෙනෙක්ට කියල හොයාගත්ත උඹලට තඩි බාන්නම.ඒ පෙට්ටිය තමා පෙට්ටියේ රහස [නොදන්නා උන්ගේ දැනගැනීම පිනිසයි.ඒක අවුරුදු ක්‍රිඩාවකි :D නැත්නම් උඹල බලයි පෙට්ටියක් දීල ඇතුලෙ තියෙන එව්ව කියන්න කියනවද කියල.හෙහ් හිහ් හිහ් ආසම ඇති ;)]
සඳකිඳුරත් ඕන් මලින් ඵලින් ආභරණින් සරසා පෙට්ටියක් අරන් එනව සයිබර් සිහිනෙට එද්දි.ඉහත නීති රීති වලට අනුගතව හැමෝටම පුළුවනි තරඟෙට සහභාගි වෙලා පෙට්ටිය ඇතුලෙ තියෙන දේ උපකල්පනය කරන්න.පට්ට තරඟයක් තියේවි.මොකද කියනව නම් තරඟේ සංවිධායක සඳකිඳුරවත් දන්නෙ නෑ මොකක්ද ඒකෙ තියෙන්නෙ කියල.ගෙවල් ගාව ඉන්න කිඳුරියක් මටත් හොරෙන් පෙට්ටියට බඩු දාල සීල් තියල :o


කට්ටිය යන එන ගමන මගේ ඉසව්වටත් ගොඩවෙලා උත්තර දෙන්නයි තියෙන්නෙ.ඇතෙක් බරට තෑගි ඕන්.ඇතෙක් බරට කිව්වම උඹල කරත්ත උස්සන් එන්නෙපා තෑගි ගෙනියන්න.සාක්කුවෙ දාන චූටි ඇතෙක්ගෙ බර ගැන කිව්වෙ o.O
නෝ චීටිං ලමායි.මඩු වලිගෙන් ගුටි තමා හොර කලොත් ;) [උඹල කාටවත් කියන්නෙපා.මුහුදෙ හිටියට මොකෝ.මාත් ගූගල් සර්ච් එකෙන් බැලුවෙ මඩු වලිගෙ මොකද්ද කියල]



එහෙනම්.......... හැමෝම ඒවි කියල බලාපොරොත්තු වෙනව අපිත් එක්ක 22 වෙනිදට අත්වැල් බැඳගන්න.මතකනෙ,
දිනය :- 2012 අප්‍රේල් 22
වෙලාව :- පෙරවරු 9.00 ඉඳන් පස්වරු 4.00 වෙනකල්
තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය

පෙට්ටියේ රහස ගැන බලනගමන් මං ගාවටත් ඇවිත් hug එකක් දෙන්න අමතක කරන්නෙපා :))))
එන්න............. සිහිනය සිහිනයක් ලෙසම සැබෑ වනහැටි දකින්නට :)

ප.ලි :- උඹල බලයි කෝ මූ 18+ මල් වැස්සක් කිව්වට ගොරවල වත් නෑනෙ කියල.හික් හික් හික් එහෙම තමා බං.උඹල වල් උනාට මං තාම මල් නෙව ;)

Sunday, April 15, 2012

අපේ සයිබර් සිහිනය මෙන්න හැබෑ වෙනෝ.......... තව චුට්ටයි

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.

1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 16 වන දින (සදුදා) රාත්‍රී 10.00ට පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

cybernewyearfestival2011@gmail.com 

ස්තුතියි




මේ සයිබර් සිහිනය අපේ විතරක් නෙමේ.අපි හැමෝගෙමයි.අපි හැමෝටම මේ සයිබර් පත්තිරු අතර කැටයම් වෙන ලස්සන ලස්සන හිත් එක්ක හිතේ හැටියට ආදරෙන් හිනාවෙන්න පුළුවන්, අළුත් හිත් වලට ලං වෙන්න පුළුවන්, අළුත් හිත් හැඳිනගන්න පුළුවන් අපිටම වෙන් වුනු අපේම සිහින දවස.හිතේ හැටියට තහනමක් නැතුව ඒ ආදරේ බෙදාගන්න ඔයාල හැමෝගෙම ශක්තිය අපිට ඕනි.අපේ ඒ ලස්සන අහිංසක හීනයෙ සතුට බෙදාගන්න ඕන් මේ සඳකිඳුරත් එදාට එනව ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම එක්ක සතුටින් හිනාවෙන්න.මාවත් මුනගැහිල hug එකක් එහෙම දෙන්න ඕන් අමතක එහෙම කරනව නෙමේ :p

දිනය :- 2012 අප්‍රේල් 22


වෙලාව :- පෙරවරු 9.00 සිට පස්වරු 4.00 වෙනකල්


තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය



මේන්න මේකට ගිහින් ලියාපදිංචි වෙලා, ඔළුව ගැනගන්න පොඩි සපෝට් එකක් දෙන්න එන හැමෝම :)


http://cyberfestival.blogspot.com/

අනිවාර්යයෙන්ම එන්නෝ........... මං බලන් ඉන්නවෝ.......... මතකම ඇතුව මට hug එකක් දෙන්නෝ......... :)