Wednesday, November 16, 2011

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි



මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි

සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි

ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්

කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
 
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න

මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න

පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න

උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න

දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා

කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ

අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්

උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න

ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න

උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න

පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට

ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න

මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න

අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න

සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම

ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න



No comments:

Post a Comment