Friday, April 27, 2012

කිරිකෝඩු හාදුව


ඔබේ උණුහුමින් පන ලද
හිතේ ඇඳුනු කෝඩු පැතුම
ඉබේ උඩට ඉපිලි ඉපිලි
එන බව දැනුනා

ඇඟේ දුවන රතු ලේ කඳ
හිතේ පිරුනු ආදරයට
වතේ ලපටි රතු පාටක් 
කාටත් පෙනුනා

වටේ සිටින දෙනෝ දහක්
හිතේ මහිමයෙන් මකලා
අපි අපේම ලෝකෙක බව
හිතටම කිව්වා

සදාතනික සුව පහසක
කුඩෙන් අඳුර පිරෙනා විට 
ඔබේ සිනිදු යටි තොල මම
හෙමිහිට ඉම්බා


Wednesday, April 18, 2012

සයිබර් සිහිනයට තව විනාඩි 5520යි

මීට කලකට ඉහත අභීත කියන අපේ මහා ලොකු මේ හීනෙ අයිතිකරු මේ හීනෙ කුළුදුලේ දකිද්දි නම් හිතන්නෙ නැතුව ඇති මේ තරම් පිරිසක් මේ වටා එකතු වේවි කියල.දැන් මේ හීනෙ උඹෙ විතරක් නෙමේ අභීත අයියණ්ඩි.දැන් මේ හීනෙ අපි හැමෝගෙමයි.


ලෝකෙ වටේම ඉන්න, අපිත් එක්ක අත්වැල් බැඳගත්තු අය දැන් මේ විනාඩි 5520 ගෙවිල ඒ ලස්සන මොහොත එළඹෙනකල් දැන් දැන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නව ඇති.ඔයාල ඇඟිලි ගනින මේ මොහොතෙදිත් මේ පිටිපස්සෙ සංවිධායකයින් තාමත් වෙහෙසෙනව ගොඩක් වැඩ රාජකාරි අස්සෙ උනත් මේ හීනෙ ගොඩක් ලස්සන කරන්න.


ඒ ලස්සන හීනෙ කොටස්කරුවො වෙන්න ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕනි



මතකනෙ
දවස 2012 අප්‍රේල් 22 වෙනිද
වෙලාව උදේ 9 ඉඳන් හවස 4 වෙනකල්
තැන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය


ගොඩක් අය අහල තිබුන කුරේ පිට්ටනියට එන්නෙ කොහොමද කියල.මේ තියෙන්නෙ සිතියම


කිරිබත්ගොඩදෙමටගොඩබොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙවැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන්154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයටආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).

***

එදාට ඔයාල හැමෝටම මෙතෙක් පරිඝණක තිරය මත සිත්තම් වුනු හිත් එකින් එක හිතේ හැටියට මුනගැහෙන්න වරම් ලැබේවි.අපේ මේ බ්ලොග් ඉසව්ව හරිම ලස්සනයි.කිඳුරන්ගෙන්, කිඳුරියන්ගෙන්, මායාකාරියන්ගෙන්, සුපිරි වීරයන්ගෙන් ඇතුලුව ඔබ නොදන්නා ගොඩක් අය ඉඳීවි.එන්න ඒ අයව හැබැහින් අත්විඳින්න

අපිට තවමත් ශක්තියක් වෙන්න කැමති අයට තාමත් අවස්ථාව තියෙනව අපේ සමරු කලාපයට ඔබේ සුභ පැතුම හෝ බ්ලොග් එක ඇතුලත් කරගෙන ඊට දායක වන්නට.මේ ඒකෙ වැඩි විස්තර

දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව

හදිස්සියෙවත් තාමත් සයිබර් සිහිනයෙ පැමිනීම ඔබට දන්වන්න බැරි උනානම් ඉක්මනට මේකට ගිහින් දන්වන්න.නැත්නම් ඔබට ඒ වරම් අහිමි වෙන්නත් පුලුවනි.ඒ නිසා ඉක්මනට දන්වන්න.18 වෙනිද වෙනකල් දන්වන්න පුලුවනි

මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා.

ඔබට මෙහිදී රු100ක වැනි අතිශය සුළු මුදලක ප්‍රවේශපතක් අපි නිකුත් කරනවා.බයවෙන්නෙපා ඒ වෙන දේකට නෙමේ.ඔයාලට දෙන දවල් කෑම වේල සහ වතුර බෝතලය වෙනුවෙන්.

අපි ඔයාල වෙනුවෙන් ගොඩක් තරඟ මේ සඳහා ඇතුලත් කලා.මෙන්න බලන්නකො
















කණා මුට්ටි බිඳීම
    සැගවුණු පෙට්ටියේ රහස
   බනිස් කෑමේ තරඟය
    අලියාට ඇස තැබීම
   සැගවුනු අමුත්තා
   මීටර් 100 පිරිමි
    මීටර් 100 ගැහැණු
    තුන් පා දිවීම
   බැලුම් පිපිරවීම
   යෝගට් කැවීම
    බැලුම් පිපිරවීම
    අවුරුදු කුමාරයා
    අවුරුදු කුමරිය
    සංගීත තොප්පි තරඟය
ඇතුලු තවත් කීඩා

මීට අමතරව DJ සංගීතයක් එහෙමත් තියෙනව අපෙ නැටුමට ගැයුමට බර කොල්ලන්ට කෙල්ලන්ට

ඕන් අපේ ලස්සන කෙල්ලො කොල්ලො ටික අවුරුදු කුමාරය හා අවුරුදු කුමාරි තරඟ වලටත් ඉදිරිපත් වෙන්න අමතක කරන්නෙපා  

සියළුම කරුණු කාරණා මැද හිතේ හැටියට ඒ සතුට අත්විඳින්න ලමයි.ඒත් විනීත බව ගැන සහ අන් අයට හිරිහැරයක් කරදරයක් නොවෙන්නට ෆන් ගන්න වගබලාගන්න

තරයේ දැනුම්දීමයි.අරක්කු, මල්, දුම්වැටි, කසිප්පු [මතක් වෙන්නෙත් නෑ බං නම්.මං ඉතින් පොඩි එකා නෙව.ඔව්ව ගහල නෑ :p] මේ වගේ කිසිම මත් ද්‍රව්‍යක් ක්‍රීඩාංගන භූමිය තුලට ගෙන ඒම තහනම්.

එහෙනම් වරෙල්ල එදාට.අපේ මේ හීනෙදි හීන ආතල් එකක් ගමු :)

ප.ලි :- මතකනේ hug එක :p


Monday, April 16, 2012

පෙට්ටියේ රස රහස [18+ මල් වැස්ස]



මේ පුරන් වෙලා ඉරිතලා ගිය මල් වගේ වල් හිත් පොඩි ටික ඕන් මේ සඳකිඳුරට කලකට පස්සෙ මතක් උනා.ඉතින් කොහොමෙයි....... [අතිශය සීරියස් දැනුම්දීමයි ඕන්.ආපහු නොකීවය කියන්න එපා.කැත හිත් නැති මල් වගේ ලමයි එහෙම මෙව්ව කියවනව නෙමේ.ඩබල් මීනිං දන්නෙ නැත්තං බල්ටි ගහපල්ල.කොරන්න දෙයක් නෑ]


පෙට්ටි.......... මොනාද බොල මේ පෙට්ටි කියන්නෙ........ හප්පේ, ඔහොම කතාවක් අපේ එව්වන්ගෙන් එහෙම ඇහුවනම් උන් පැල් බැඳගෙන කියල දේවි පෙට්ටි ගැන.හික් හික් හික්..........


ලොව පෙට්ටි ජාති ගොඩක් තිබේ.සමහර එව්ව කාඩ්බෝඩ් පෙට්ටි.සමහර එව්ව යකඩ පෙට්ටි.ඇයි එතකොට හම් පෙට්ටි [වටිනා වටිනා හම් වර්ග වලින් හදන එව්ව ගැන මං කිව්වෙ.උඹල වෙන මුකුත් එහෙම හිතුනෙ නෑ නේද], තව එතකොට ලොකු පෙට්ටි, පොඩි පෙට්ටි, හිච්චි පෙට්ටි, කැඩුනු පෙට්ටි, අලුත් පෙට්ටි..............උඹල ඉතින් මොනා නැතත් පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්න නම් දන්නව.ඉතින් ඔය වගේ එකී මෙකී නොකී පෙට්ටි ජාති ගොඩක් ලෝකෙ තියෙනව.


ලමයි මේ තමයි කාඩ්බෝඩ් පෙට්ටිය



මෙන්න ලමයි කැඩුනු පෙට්ටියක්

මේකට කියන්නෙ යකඩ පෙට්ටිය කියල

මෙන්න දරුවනේ හිල් පෙට්ටිය.ඇතුලට බැහැල හුස්ම ගන්නත් පුළුවන්


















පෙට්ටි තියෙන්නෙ ඉතින් ඇතුලට මොනාහරි දාන්න නෙව.මොන වගේ එව්වද දාන්න පුලුවනි........... එහා ගෙදර නැන්ද කියනව ඇහුන "අවුරුද්ද එන්න කලියෙන් ඕන් ඔය පෙට්ටියට බඩු පුරවන්න" කියල.පෙට්ටියට බඩු පිරවීම බලන්න හොඳ නැති නිසා ඕන් මං බලන්න ගියේ නම් නෑ.එව්ව කැත වැඩ නෙව.ගියොත් ඉතින් අපිටත් හවුල් වෙන්න වේවිනෙ.අත් වන වනා බලන් ඉන්න බෑනෙ
සමහරු ඉතින් කියාවි අනිත් එවුන් බඩු පුරවනකල් අපිට අත වනවනා හිටිය හැකිනෙ කියල.අපේ එවුන්ගෙ අත් වැනුවොත් නොවැනිම තියේවි :D
සමහරු කැමති පෙට්ටි දිහා බලන්න විතරයි.සමහරුන්ට අල්ලන්නත් ඕනි.සමහරු ආසයි නියපොත්තෙන් තට්ටු කරල බලන්න.සමහරුන්ට නම් ඉතින් ඇඟිලි නොගහ ඉන්නම බෑ
කොහොම උනත් ලොකු පෙට්ටියකට පොඩි දෙයක් දානවට වඩා මං නම් හිතන්නෙ පොඩි පෙට්ටියකට හෙමි හෙමින් ලොකු දෙයක් පැක් කරන එක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්.
සමහර පෙට්ටි අළුතින් ගත්ත හරිම අමුතු සුවඳයි.ඉස්සර මට මතකයි අපෙ ගෙදරට අළුතින් පොත් එහෙම ගෙනාවම පිටුවෙන් පිටුවට පෙරලල මන් සුවඳ බලනව.අන්න ඒවගේ තමා සමහරුන්ට කුළුදුලේ පෙට්ටියක් හම්බුනාම.කෝඩුකාර විසේ නෙව.


කතාවෙන් කතාවෙන් උඹලගෙ බලාපොරොත්තු කඩල බිඳල සුන්නද්දූලි කොරන තැනටම ආව ඕන්.හරියට ඇඳුම් පැළඳුම් හදාගෙන අත මේසෙ උඩට අරගනිල්ල.
දැන් මං උඹලට මේ කියන්න යන පෙට්ටිය එකෙක්ටවත් අල්ලන්න, හොල්ලන්න, ලෙවකන්න, උස්සන්න, ඇඟිලිගහන්න වගේ අතවර වලට ලක් කරන්න තහනම්.මඩු වලිගෙකුත් ධීවර අයිය කෙනෙක්ට කියල හොයාගත්ත උඹලට තඩි බාන්නම.ඒ පෙට්ටිය තමා පෙට්ටියේ රහස [නොදන්නා උන්ගේ දැනගැනීම පිනිසයි.ඒක අවුරුදු ක්‍රිඩාවකි :D නැත්නම් උඹල බලයි පෙට්ටියක් දීල ඇතුලෙ තියෙන එව්ව කියන්න කියනවද කියල.හෙහ් හිහ් හිහ් ආසම ඇති ;)]
සඳකිඳුරත් ඕන් මලින් ඵලින් ආභරණින් සරසා පෙට්ටියක් අරන් එනව සයිබර් සිහිනෙට එද්දි.ඉහත නීති රීති වලට අනුගතව හැමෝටම පුළුවනි තරඟෙට සහභාගි වෙලා පෙට්ටිය ඇතුලෙ තියෙන දේ උපකල්පනය කරන්න.පට්ට තරඟයක් තියේවි.මොකද කියනව නම් තරඟේ සංවිධායක සඳකිඳුරවත් දන්නෙ නෑ මොකක්ද ඒකෙ තියෙන්නෙ කියල.ගෙවල් ගාව ඉන්න කිඳුරියක් මටත් හොරෙන් පෙට්ටියට බඩු දාල සීල් තියල :o


කට්ටිය යන එන ගමන මගේ ඉසව්වටත් ගොඩවෙලා උත්තර දෙන්නයි තියෙන්නෙ.ඇතෙක් බරට තෑගි ඕන්.ඇතෙක් බරට කිව්වම උඹල කරත්ත උස්සන් එන්නෙපා තෑගි ගෙනියන්න.සාක්කුවෙ දාන චූටි ඇතෙක්ගෙ බර ගැන කිව්වෙ o.O
නෝ චීටිං ලමායි.මඩු වලිගෙන් ගුටි තමා හොර කලොත් ;) [උඹල කාටවත් කියන්නෙපා.මුහුදෙ හිටියට මොකෝ.මාත් ගූගල් සර්ච් එකෙන් බැලුවෙ මඩු වලිගෙ මොකද්ද කියල]



එහෙනම්.......... හැමෝම ඒවි කියල බලාපොරොත්තු වෙනව අපිත් එක්ක 22 වෙනිදට අත්වැල් බැඳගන්න.මතකනෙ,
දිනය :- 2012 අප්‍රේල් 22
වෙලාව :- පෙරවරු 9.00 ඉඳන් පස්වරු 4.00 වෙනකල්
තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය

පෙට්ටියේ රහස ගැන බලනගමන් මං ගාවටත් ඇවිත් hug එකක් දෙන්න අමතක කරන්නෙපා :))))
එන්න............. සිහිනය සිහිනයක් ලෙසම සැබෑ වනහැටි දකින්නට :)

ප.ලි :- උඹල බලයි කෝ මූ 18+ මල් වැස්සක් කිව්වට ගොරවල වත් නෑනෙ කියල.හික් හික් හික් එහෙම තමා බං.උඹල වල් උනාට මං තාම මල් නෙව ;)

Sunday, April 15, 2012

අපේ සයිබර් සිහිනය මෙන්න හැබෑ වෙනෝ.......... තව චුට්ටයි

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.

1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 16 වන දින (සදුදා) රාත්‍රී 10.00ට පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

cybernewyearfestival2011@gmail.com 

ස්තුතියි




මේ සයිබර් සිහිනය අපේ විතරක් නෙමේ.අපි හැමෝගෙමයි.අපි හැමෝටම මේ සයිබර් පත්තිරු අතර කැටයම් වෙන ලස්සන ලස්සන හිත් එක්ක හිතේ හැටියට ආදරෙන් හිනාවෙන්න පුළුවන්, අළුත් හිත් වලට ලං වෙන්න පුළුවන්, අළුත් හිත් හැඳිනගන්න පුළුවන් අපිටම වෙන් වුනු අපේම සිහින දවස.හිතේ හැටියට තහනමක් නැතුව ඒ ආදරේ බෙදාගන්න ඔයාල හැමෝගෙම ශක්තිය අපිට ඕනි.අපේ ඒ ලස්සන අහිංසක හීනයෙ සතුට බෙදාගන්න ඕන් මේ සඳකිඳුරත් එදාට එනව ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම එක්ක සතුටින් හිනාවෙන්න.මාවත් මුනගැහිල hug එකක් එහෙම දෙන්න ඕන් අමතක එහෙම කරනව නෙමේ :p

දිනය :- 2012 අප්‍රේල් 22


වෙලාව :- පෙරවරු 9.00 සිට පස්වරු 4.00 වෙනකල්


තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය



මේන්න මේකට ගිහින් ලියාපදිංචි වෙලා, ඔළුව ගැනගන්න පොඩි සපෝට් එකක් දෙන්න එන හැමෝම :)


http://cyberfestival.blogspot.com/

අනිවාර්යයෙන්ම එන්නෝ........... මං බලන් ඉන්නවෝ.......... මතකම ඇතුව මට hug එකක් දෙන්නෝ......... :)



Sunday, March 18, 2012

පළමු දියවර - දැන් මම (18ට අඩු එවුන්ට පමනයි)

සෑහෙන කාලෙකට පසු කොතරම් කාර්යබහුල වුනත් එය සුලු මොහොතකට අමතක කරල මෙතෙක් කල් වක්කඩ බැඳි වාග් දහරාවෙහි වක්කඩ අද ඉඳන් කැඩුවෝ.................. මේ එහි පළමු දියවරයි.ලෑස්ති වෙයල්ල සුනාමියකට :D

***



දැන් මම




අත හිත ලඟ
හිත අත ලඟ



ප.ලි. :-  ලඟදීම "පෙට්ටියේ රහස (18+)" බලාපොරොත්තු වන්න           

ප.ප.ලි :- සඳකිඳුරා වල්මත් වී ඇත.යකැදුරෙක් සොයමි

ප.ප.ප.ලි :- සයිබර් සිහිනයට ලෑස්තිද හැමෝම.මේ සැරේ සයිබර් සිහිනය සුපර් හිට් වන ලකුනු.විස්තර පසුවට :)        

ප.ප.ප.ප.ලි :- පපරයක් වගේ පප පප ගාන එක හරිද මන්ද.චැහ් මේ පේලි දෙකේ සත්‍ය කියවන්නෙයි අපි මේකට රිංගුවෙ කියල බොලා බනින්න එපා.මං මේ පෙට්ටියේ රහස ලියනගමන් ;p