Sunday, April 15, 2012

අපේ සයිබර් සිහිනය මෙන්න හැබෑ වෙනෝ.......... තව චුට්ටයි

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.

1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 16 වන දින (සදුදා) රාත්‍රී 10.00ට පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

cybernewyearfestival2011@gmail.com 

ස්තුතියි




මේ සයිබර් සිහිනය අපේ විතරක් නෙමේ.අපි හැමෝගෙමයි.අපි හැමෝටම මේ සයිබර් පත්තිරු අතර කැටයම් වෙන ලස්සන ලස්සන හිත් එක්ක හිතේ හැටියට ආදරෙන් හිනාවෙන්න පුළුවන්, අළුත් හිත් වලට ලං වෙන්න පුළුවන්, අළුත් හිත් හැඳිනගන්න පුළුවන් අපිටම වෙන් වුනු අපේම සිහින දවස.හිතේ හැටියට තහනමක් නැතුව ඒ ආදරේ බෙදාගන්න ඔයාල හැමෝගෙම ශක්තිය අපිට ඕනි.අපේ ඒ ලස්සන අහිංසක හීනයෙ සතුට බෙදාගන්න ඕන් මේ සඳකිඳුරත් එදාට එනව ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම එක්ක සතුටින් හිනාවෙන්න.මාවත් මුනගැහිල hug එකක් එහෙම දෙන්න ඕන් අමතක එහෙම කරනව නෙමේ :p

දිනය :- 2012 අප්‍රේල් 22


වෙලාව :- පෙරවරු 9.00 සිට පස්වරු 4.00 වෙනකල්


තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය



මේන්න මේකට ගිහින් ලියාපදිංචි වෙලා, ඔළුව ගැනගන්න පොඩි සපෝට් එකක් දෙන්න එන හැමෝම :)


http://cyberfestival.blogspot.com/

අනිවාර්යයෙන්ම එන්නෝ........... මං බලන් ඉන්නවෝ.......... මතකම ඇතුව මට hug එකක් දෙන්නෝ......... :)



Sunday, March 18, 2012

පළමු දියවර - දැන් මම (18ට අඩු එවුන්ට පමනයි)

සෑහෙන කාලෙකට පසු කොතරම් කාර්යබහුල වුනත් එය සුලු මොහොතකට අමතක කරල මෙතෙක් කල් වක්කඩ බැඳි වාග් දහරාවෙහි වක්කඩ අද ඉඳන් කැඩුවෝ.................. මේ එහි පළමු දියවරයි.ලෑස්ති වෙයල්ල සුනාමියකට :D

***



දැන් මම




අත හිත ලඟ
හිත අත ලඟ



ප.ලි. :-  ලඟදීම "පෙට්ටියේ රහස (18+)" බලාපොරොත්තු වන්න           

ප.ප.ලි :- සඳකිඳුරා වල්මත් වී ඇත.යකැදුරෙක් සොයමි

ප.ප.ප.ලි :- සයිබර් සිහිනයට ලෑස්තිද හැමෝම.මේ සැරේ සයිබර් සිහිනය සුපර් හිට් වන ලකුනු.විස්තර පසුවට :)        

ප.ප.ප.ප.ලි :- පපරයක් වගේ පප පප ගාන එක හරිද මන්ද.චැහ් මේ පේලි දෙකේ සත්‍ය කියවන්නෙයි අපි මේකට රිංගුවෙ කියල බොලා බනින්න එපා.මං මේ පෙට්ටියේ රහස ලියනගමන් ;p

Sunday, January 15, 2012

ගාලු පුවත කිඳුරු නෙතින්







හැමෝම පෝස්ටු දාද්දි මටත් හිතුන ඡායාරූප නැතුව උනත් මගේ මේ මංගල බ්ලොග් ගෙට්ටුව ගැන හිතට දැනුනු විදිහ ඔයාල හැමෝමත් එක්ක බෙදාගන්න.මගේ කැමරා පොඩිත්ත කැඩිල තිබුන නෙව ඒ වෙද්දි.ඕගොල්ලො දන්නව මං මේ වෙනකම් මගේ මේ කිඳුරු ඉසව්වෙන් බෙදාගත්තෙ මගේ හිතට එන නොඉඳුල් අදහස් කවි හෝ නිසඳස් වලින් පමනක් විත්තිය.ඒත් මං හිතුව මගේ ඒ නිදහස් අදහස් නිදහස් වචන වලින්ම කියන්නත් ආරම්භයක් ගන්න ඕනි කියල.මේ ඒ නිදහස් වාග් දහරාවෙ ආරම්භය පමනයි.ඉදිරියේදි තවත් කෙටි කතා, නව කතා, ආදර කතා, කින්ඩි කතා, වල් කතා, මල් කතා වගේ එකී මෙකී නොකී හැම කතාවක්ම බලාපොරොත්තු වන්න...............

7 වෙනිද ගෙට්ටුවෙන් පස්සෙ මේ දවස් ටිකේම කට්ටියගෙ මඩ පෝස්ටුවෙන් පෝස්ටුවට ඔළුව දම දමා ඇති තරම් හිනා උනා.රැල්ලට යෑමේදී මඩ වලට වැඩි තැනක් හිමිවෙන බව ඇත්ත.මං ඉතින් තාම බ්ලොග් කරලියට බ්‍රෑන්ඩ් නිව් (පැකිං කඩා වත් නොමැති ) පොඩි එකා නිසා මට හිතුන රැල්ලේ මඩ නෑම අපේ සයිබර් සිහින උළෙල දක්වා කල් දමන්න.ආරම්භයේදී මීය වගේ ඉන්න ඕනි.මීයන්ට අහුමුළු වලට රිංගන්න ලේසී කියනවනෙ.උඹල ඕන් දැන් මට කන්න මී පාසානම් එහෙම දෙනව නෙමේ.සිරාවටම මීය මලොත් :O..................

කතාවෙන් කතාවෙන් ට්‍රැක් පැන්න නොවැ.ඕන්න එහෙනම් සඳකිඳුර මායා පොත පෙරලුවා........

ඕන්න එකෝමත් එක කාලෙක හිම මිදෙනා තරම් සීතල උතුරු අත්ලාන්තික් සයුරු තෙර යට පුංචිම පුංචි අහිංසක හුරතල් කිඳුරු පැටියෙක් හිටිය.මෙයාගෙ නම තමා සඳකිඳුර.ඒ කිඳුරා හිටපු ලස්සනම ලස්සන ඉසව්ව තමා ඔයාල හැමෝම දන්න කිඳුරු ඉසව්ව.

දිනක් මේ සඳකිඳුර එයාගෙ වෝටර් ප්‍රෑෆ් ලැප්ටොප් එක අරගෙන සුපුරුදු පරිදි බ්ලොග් පුරා නෙත් යොමද්දි එයාගෙ නෙත ගැටුනලු "පොඩිමෑන්" කියල එකෙක් ලියාපු පෝස්ටුවක්.හරියටම ඒ 2011 උඳුවප් මාසෙ අග හරියෙ දවසක්ලු.විස්තරේ හැටියට නම් තිබ්බෙ ලංකාවෙ දසත පුරා විසිරී සිටින සිංහල බ්ලොග් ලියන ඇත්තන් හා ඇත්තියන් ගාලු පුරේට එක් වන බවයි.

මේක දැක්කම කිඳුරටත් යන්න හිතුනලු.ඒත් කොහොම යන්නද? කිඳුරො ඉන්නෙ මුහුදෙනෙ.......

ඒත් මේ කිඳුර ඉස්සර එහෙම උනාට දැන් මුහුදෙන් ගොඩ බිමට පන්නලලු තියෙන්නෙ මූ මහ අසික්කිත කිඳුරෙක් කියල.දවසින් දවසම මේ ආසාව වැඩිවෙලා අන්තිමේ මේක දොලදුකක් උනාලු.බැරිම තැන දැම්මලු ගෙදරට වචනෙ ඕනෙ *#@ කියල 7 වෙනිද තියෙන වැඩේට කොහොමින් හරි යන්න කියල හිතන්.

හිතුවෙ නම් උදැල්ල වැටෙයි කියලලු.ඒත් කියපු ක්ෂනිකයෙන් ගෙදරින් අහපු දේ නම් "හා එහෙනම් හෙටම උඹේ දඬුමොනරෙ හරියකට හදාගෙන ඉවර කොරගනින්.කීයක විතර තෙල් ඕනිද?" යනුවෙනි.කිඳුරා හට 33000V වැදී ඔටෝ චූන් වූවා වැනිය.

සඳකිඳුරාද එතැන් පටන් ගෙට්ටුවේ ඇඩ්වටයිසින් පටන් ගන්නා ලදී [කොහොමටත් කට්ටියට වැඩිපුරම මාව මතක තිබ්බෙ අර පවනි කෙල්ලගෙ වැඩෙනුයි මම අර "සත් සමුදුර තරණය කර ලෝකයේ ගැට්ටට යන්නාක් මෙන් ගාලු යන්න ඔබත් එක්වන්න" කියල දාපු පෝස්ටුවෙන් නොවැ.මාව හඳුන්වල දුන්නු ගමන් හැමෝගෙම පළවෙනි ප්‍රශ්නෙ උනේ "අඩේ තෝ කාර් එකෙන්දෑ ආවෙ.කෝ කාර් එක" කියලයි.මාද ඉතින් හොඳින් කටහැර "නෑ" යයි කීමි ;).......]

කොහොමින් කොහොම හරි ගෙට්ටුවේ දිනය කප්පරක් බලාපොරොත්තු එක්ක උදාවිය.මට ඕනෙ උනේ එන හැම බ්ලොගර් කෙනෙක්වම අඳුනගන්න.[ඔක්කොම නැති උනත් ගොඩක් අයව අඳුනගත්ත o.O මුන් මං හිතුවට වඩා වෙනස්නෙ බොල.ඕන්න සඳකිඳුර නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තූතිම තූති කිඳුරු පැටියෙක් ඕන්.හා බොරුද??????

කෙසේ උනත් අපේ හිතුවක්කාර කෙල්ලවයි දඟමල්ලවයි අරන් යන්න දුන්නු මෙහෙයුම නම් අසාර්ථක උනා.[කෝ ඉතින් දැන් ඒ ලමයි චුට්ටක් J වෙන්න බලන්න :)] බලෙන්ම අරන් යන්න හැදුවෙ කලින් දැන හැඳුනුම් කම් තිබිල නම් නෙමේ.හැමෝමවම අඳුනගන්න ආස හිතුනු නිසයි.

අලේ....... කෙසේ හෝ සෑහෙන ජල්බරි කේස් මැද 6 වෙනිදා අවරින් බැස ගිය හිරු 7 වෙනිදා නැගෙනහිර පැහැදිලි අහසින් එබිකම් කරන්නටත් කලියෙන් සඳකිඳුරා දියබුං ගසා අවසාන වී ලැහැස්ති වී පාන්දර 6 පසුවනවාත් සමගම කුකුළාද [මම නෙමේ අර උදේට කෑගහන එකා] කරපින්නාගෙන මගෙ බ්ලොග් ගුරා වන "චතූමිතූ" නොහොත් චතුරිකා අක්ක [ඔව් ඔව් අර ටැග් පිටින් කලිසම ඇඳපු කෙනා තමයි] මාගේ දඬුමොනරයට නංවා අර පවනි කෙලීව [පස්සෙනෙ දැනගත්තෙ උගෙ ලිංගික විපර්යාසෙ] හා මට කිරිටොපි කැවීමට පොරොන්දු වූත් වීර කාන්තාවක බව පවසා උදේම එන බව අන් දැරිවියන්ට දන්වා සිටියාවූත් කිරිටොපි අක්කා යන නමින් ප්‍රචලිත අපේ වර්ණා අක්කවද බැලීමේ අටියෙන් මා ලෑල්ලටම පාගා කොට්ටාව බලා පිටත් විය.

වැඩිවෙලා නොගොස් අපි කොට්ටාවට ගොස් කට්ටිය උන් තැනට එන්ටෑර් විය.[තව පොඩ්ඩෙන් පොලිස් මාමෙක් අතේ තිබුනු පිච්චියටත් කෙලිනව පොලීසියේ ගේට්ටුව ඉස්සරහම මගේ දඬුමොනරය නවත්තල ආපු නිසා].එතනදි අපේ හසී අක්කවයි, කසුන්වයි, සුලැඟිල්ලවයි, සංකල්පනා මලයවයි, නාකි ඉලඳාරියවයි, දේව අයියවයි, ෂයංගවයි, චතුරංගවයි, අභීත අයියවයි, රාජ් අයියවයි,........ අලේ නම් මතකත් නෑ බොල.අනිත් උන් තරහ වෙන්න නම් එපා නම නෑ කියල ඕන්.අලේ තව ලස්සන සුදු කෙල්ලෙකුත් හිටිය නෙව [පසුව ඒ අපේ සංවිධායක මංඩලයේ උන් පොඩ්ඩාගේ වයිපරේ බව දැනගන්නා ලදී :O.......]

සියල්ල එසේ වද්දී හැමෝම ඇවිල්ල තියෙද්දිත් ඇයි තවම යන්නෙ නැත්තෙ කියල හොයද්දි තමා දැනගත්තෙ හත්දෙයියනේ අපේ කිරිටොපියක් බඳු පාට පාට අක්ක තාම මග විත්තිය.ඒ අතරේ හීනියට නාද වී සඳකිඳුරාගේ ජංගම දුරකතනයට එස්.එම්.එස් එකක් පැමිනේ.අලේ එය අපේ වර්ණා අක්කගෙනි.ඉලක්කම් 10ක නොම්බරයක් දී හදිස්සියක් බවත් කතා කරනා ලෙසත් කියා තිබුනි.බොක්කෙන්ම මතුවූ කිරිටොපි කෑමේ ආසාව ඉහවහා ගිය කල දඩිබිඩි ගා කෝල් එකක් ගතිමි [හිතුවෙ කිරිටොපි ගේන්න උදව්වට බස් හෝල්ට් එකට එන්න කියනව කියල.බැලුවම කොටුවෙලු :O..........]

වැඩේ හරි නොයන නිසා රාජ් අයියවත් කරපින්නගෙන සඳකිඳුර දඬුමොනරෙට ගොඩ වෙලා හරියට මුහුදෙ ගස් ගල් අතරින් කිඳුරියක් පස්සෙ පීනං යනව වගේ වේගයෙන් වාහන මැදින් කොළඹ බලා පිටත් උනා.එච්චර එව්ව අස්සෙ යන පාරෙන්ම රාජ් අයියගෙ ඔෆිස් එකටත් ගොඩවෙලා බොංගො එකක් දාගන්නත් අමතක කලේ නෑ.

අලේ මාර සීන් කෝන් එක කියන්නෙ කිරිටොපි අක්ක ඉන්න තැනට ආවත් මංවත් රාජ් අයියවත් දැනන් උන්නෙ නෑ අක්කගෙ මූන.අක්ක අපිව දන්නෙත් නෑ.අන්තිමේ කලු වීදුරු තියන කාර් එකකින් ඇවිත් ලස්සන කෙල්ලො දෙන්නෙක් දාගෙන ගියා කිව්වොත් හෙම.............

අඩේ කෙල්ලො දෙන්නෙක් නම් සිටී.කෝකටත් කියල ශිෂ්ට සම්පන්න විදිහට වීදුරුව පල්ලෙහාට දාල අහල බැලින්නම් මේ අපේ වර්ණා & sha <ස්පේස්> ni අක්ක නොවැ.දෙන්නවම කුදලගෙන පුලුවන් තරම් වේගෙන් කොට්ටාවට ගියා විතරයි අපේ අම්මගෙන් නිකමටවත් අහන්න බැරි උනා කීපාරක් කිඹුහුම් ගියාද කියලවත්.

වෙලාව 10.30ට විතර ඇති.නමෝවිත්තියෙන් කියල බස් එක ගාලු යන්න පිටත් උනා හැමෝගෙම සතුටු හිනා මැද.මැලවෙලා ඉන්න එවුන් ටික නැගිට්ටවල ගමු මල්ලි කියල රාජ් අයියත් බස් එක අද්දල 10M යන්නටත් කලියෙන් බොංගො එකත් අරන් වැඩ ඇල්ලුව.

කට්ටියම ඕන් සිංදු කියනව.වයසක නාකි උන්දෙක් තමාය ඕන් සිංදු නඩේ මුලසුන හෙබයෙව්වෙ.ඉන්ටැන්ට් නූඩ්ල්ස් වගේ කොළඹ ගමන නිසා මහන්සි අරිමින් මේ සඳකිඳුරත් අත්පුඩියක් දෙකක් ගහමින් හුලඟෙ පහස විඳගෙන ගියා ඕන්.

විනාඩි 5ක් යාමටත් මත්තෙන් අපි අධිවේගී පිවිසුමට ආව.කට්ටියම ඉතින් අධිවේගී එකේ බෙලි එලියට දාන්න බැරි නිසා ඇති පදං බෙලි එලියට දාගෙන පිවිසුමේ සිරි නැරඹුව.සමහරු photo නුත් ගත්ත.

කට්ටියම යටි ගිරියෙන් සිංදු මරනව දැන් ඕන්.බස් එකත් හිටු කියල මහ සද්දෙන් වයිබ්‍රෙට් වෙවී යනව.සමහර වෙලාවට අපි කියන ඒව අපිටම අහෙන්නෙ නැති තරම් සද්දෙ.ඒත් ඉතින් හිනා මූනු මැදින් පුලුවන් සද්දෙන් සිංදු මරාගෙන ගියා අපි.

වෙලාව 11.10ට විතර ඇති ඒ වෙද්දි.හිටපු ගමන් බස් එකේ වේගයත් සද්දෙත් අඩු වීගන යන්න පටන් ගත්ත.අඩේ ඉස්සරහ බැලුවම ඩ්‍රයිවර් අයිය හිටපු තැනින් හීනියට දුමක් එනව.හෑ....... මූ අපිට නොදී විටමින් කූරුවත් ගහනවද? අපි හිතුවෙ බස් එකේ පිටිපස්සෙ ගිය එවුන් විතරයි විටමින් ගත්තෙ කියල [කෝ බස් එකේ පිටිපස්සෙ උන්නු එවුන් අත් උඩට........]

කෝකටත් කියල ඩ්‍රයිවර් අයිය උන්නු පැත්තට ඔලුව දාල බැලුව.අලේ බැලින්නම් හැමෝටම හොරෙන් දුමක් දාල තියෙන්නෙ බස් එක නොවැ.බලද්දිත් එහෙන් මෙහෙන් දුම් පනිනව.බස් එක බොයිල් වෙලා එන්ජිම නැවතිලා.

දැන් මක්ක කොරන්නෙයි.ගිනි කශ්ටකේට අව්ව.අපි දුම් දාන බස් එකේ හයි වේ එකේ අයිනක.පට්ට සොමි............

අපිට පිටුපසින් පේනතෙක් මානයේ පොලිස් කාරයක් තිබූ නිසා කට්ටියත් අධිවේගී එකේ වැලී නොපාගා හිත් හික්මවාගෙන හිටිය ටිකක්.පොලිස් කාර් එකේ දොර්වල් 4ම ඇරල්.ටොපි කොලයක් දැම්මමත් අල්ලනවයි කියන අපේ මේ පොලිස් මාමල මේ තරම් තඩි වයිකිං බස් එකක් දකින්න විනාඩි 5කටත් වඩා ගියා.ටොපි කොල දැම්මම මුන් අල්ලන්නෙ අහවල් එකද දන්නෙ නෑ [වැඩිය බනින්න හොඳ නෑ.මේ සඳකිඳුරවත් සුදු සබ්මැරීන් එකකින් දාගෙන ගියෝතින් එහෙම :O......] විනාඩි 5කින් විතර එයා හොරා වගේ ස්ටාට් කරන් සද්ද නැතිව හොරා වගේ එන්න පටන් ගත්ත.අලේ.......... එයා හිතන්න ඇති අපි තේ බීල දොයි කියල.අපිත් බලන් උන්නෙ එයා හොරා වගේ එන හැටි :D.............

එයත් ඇවිත් කොකා වගේ බෙල්ල දාල කියනව වතුර තියේ නම් දැම්මනම් හරි කියල.අලේ ඉතින් ඒක ඕනෙ ගොං මෝඩ හරකෙකුට තේරෙනව නෙව.හොඳ වතුර කෙසේ වෙතත් බීපු වතුර පිටකරගන්න නම් ගොඩක් එවුන්ට උවමනාව තිබ්බ.කට්ටියගෙ පින්තූර එහෙම දකින්න ඇතිනෙ.කට්ටියම ඉතින් තියෙන වතුර [හොඳ ඒව] එන්ජිමට දැම්ම.අන්තිමේ ඉතින් වැඩේ හරි ගියේ නෑ.ආපදා රථේකට කතා කරන්නම උනා.

ඒ අස්සෙ සමහර උන් බිත්තර වගේ එව්ව හොයනව අර එන්ජිමේ නටන වතුරට දාල තම්බගන්න කියල.ඒ අස්සෙ අර අපේ කිරිටොපි අක්කයි sha <ස්පේස්> ni අක්කයි ආව බස් එකේ පිටිපස්සට.ඒ අස්සෙ විටමින් මදි කට්ටිය විටමින් ගන්න අමතක කලෙත් නෑ.කට්ටියම ඉතින් වෙන වැඩක් කරන්නත් නැති එකේ හැමෝගෙම දායකත්වයෙන් කෝප්ප හෝදන්න පටන් ගත්ත.අන්න ඒ මොහොත තමයි අපිට උදව් උනේ හිටපු හැම කෙනාවම වගේ හොඳින් හඳුනන් කතා බහට සෙට් වෙන්න.....

අලේ මට මතක නෑ නොවැ අර ඩබලව අර සුදු මෙව්ව වලින් [බොඩි ලෝෂන් වලින්.නැත්නම් මුන් වැරදියට හිතුවොත් :/ ] නෑව්වෙ කොයි වෙලාවෙද කියල.මතක එකෙක් ඉන්නවනම් කමෙන්ටුවකින් දන්න ඒ ගැනත් හරිය.

හිටපු කට්ටියගෙන් කොහොමහරි සයිලන්ට්ම හිටියෙ පොඩ්ඩගෙ වයිපරේ තමා.කට්ටිය ඒ අක්කන්ඩිවත් හෙමින් හෙමින් කතාවට අල්ලගත්ත ඕන්.

ඔය අතරෙදි නඩේම ගාලු ගමන නම් අතහැරපු බලාපොරොත්තු ගොන්නට දාල හිටිය මුත් විහිලු තහලු කතාබහ මැද ගොඩක් සතුටින් හිටියෙ.ගාලු යන්න බැරි උනොත් රූමස්සල කියල හිත හදන් නගින්න අපි අවටින් කන්දකුත් තෝරන් උන්නෙ.වෙලාව දවල් 12ට විතර ඇති.ආපදා රථෙත් ආව.නඩේම ඉතින් මතක සටහන් හැටියට වටේම ෆොටෝ ගහල බස් එකට ගොඩ උනා.

ආපදා අථෙන් බස් එකට කොක්ක ගහන යන්න පටන් ගත්ත පැයට කිලෝමීටරයක විතර වේගෙන්.පට්ට අත්දැකීම.කව්ද ගොහින් තියෙන්නෙ හයි වේ එකේ ඇදන් යන වාහනේක? ඕන් අපි නම් ගියා :D..........

ටික ටික ස්පීඩ් එක වැඩි කලා.අලේ...... මේක ෂෝයි වැඩක් නොවැ.කිසි සද්දයක් බද්දයක් නෑ, වයිබ්‍රේට් නෑ.ටිකෙන් ටික පැයට කිලෝමීටර් 40ක විතර වේගෙට වැඩි කලා.හිත හදන් හුලං වැදි වැදි යන්න ගත්ත විතරයි කියල හිතද්දිම ඉස්සරහින් දඩ බඩස් ගෑව.අලේ බස් එක මග දමා ආපදා රථය යයි.වැඩේ අත් හලේ නෑ.ආපහු ඇදගෙන ටික දුරක් යද්දිම කොහොමින් කොහොම හෝ බස් එක ස්ටාර්ට් උනි.ඒත් ඉතින් ෂුවර් නැති නිසා ඊලඟ එක්සිට් එකෙන්ම එලියට දැම්ම බස් එක.

ඒ වෙද්දිත් අභීත අයියල ගිය බස් එක ආපහු එතනට එවල තිබ්බෙ අපිට ගාලු එන්න.අලේ ටොප් බස් පොඩ්ඩ.වන්දනාවෙ යද්දි අහන සිංදුවකුත් අහගෙනම නඩේ ගාලු ගියා.

තව පොඩ්ඩෙන් අමතක වෙනව නෙව.බට්ටි වගේ උන්නට අපේ හසී අක්කත් හෙනම ලොකුයි කතාවට සෙට් උනාම.හරියට පුංචි කතා පෙට්ටියක් වගේ හික් හික් හික්.........

ආපු බස් එක ඔන්න මහ හිච්චි මුත් රළු පාරක් දිගේ ගොහින් නැවැත්තුව.එතකොටනම් වෙලාව 2ට විතර ඇති.යකෙකුත් තවත් භාගයක් පමන කෑ හැකි තරම් බඩගින්නෙ හිටියෙ.කට්ටියම කැලේ මැදින් වැටී තිබූ පොඩි අඩිපාරක් දිගේ බැහැගෙන බැහැගෙන යන්න උනා.වෙලාවෙ ගැටලු නිසා රූමස්සල නොගිහින් අපි කෙලින්ම ගාලු වෙරලට ඇවිත් උන්නෙ.හරිම ලස්සන තැන.හරියට නිදන් දූපතක වෙරලක් වගෙ :)..............

වැල්ලත් පෑගුව.බැලුව වට පිට කෝ කියල අපේ කට්ටිය.අලේ....... අපේ එවුන් කෙසේ වෙතත් ආහාර රුචිය වඩවන තරමේ ඇඳුම් ටිකක් ඇඳගෙන පිටරටින් ආපු සුදු අක්කන්ඩිල ටිකක් නම් උන්න.සිංහල තේරෙන්නැතිවෙයි කියල මං කතා කොලේ නෑ :p........

ඊට ටිකක් එහායින් ගස් වලින් හෙවන වූ හරියක හිටියෙ නැතෑ අපේ බ්ලොග් සේනාව.60ක් 70ක් විතර හිටිය මතක විදිහට.පැනපු ගමන් කරට අත දැම්මෙ අභීත අයිය.මෙන්න ඒ දෙබස,

අභීත අයියා - මල්ලි ෂොට් දානවද?

සඳකිඳුරා - [අහිංසකයෙකු සේ] හා

අභීත අයියා - හා එහෙනම් මල්ලි කෙලින්ම අතනට යන්න.එතන තමයි බඩු

හික් හික් හික්..... මල් පැනි ටිකක් තොල ගෑ මම හෙමින් සැරේ විටමින් කූරක් පත්තු කිරීමට සැරසුනි.එතකොටම අයියෙක් මැද්දට පැන "ආ මචන්, මම තමයි චාමික.ඔයා කවුද මචන්?" කියා ඇසුවේය.අයියෙ මං තමයි සඳකිඳුර කියල මාත් ඉතින් හඳුන්වල දුන්න.

ඒ ගමන්ම එහෙට මෙහෙට පැනල විනී අයියව, මාතලන් අයියව, මගේ මරනය අයියව, සෝඩ ගුනේ අයියව, ගෝල්ඩ් ෆිෂ්ව, සිහිනයව, බනියව, රංග අයියව, පැනි දොඩම් අයියව, හිම හංසි නංගිව, බලන්න ගොඩක් ආසාවෙන් හිටපු අපේ මංතරකාරිව ඇතුළු ගොඩක් අයව අඳුනගත්ත.පොඩ්ඩටත් ලගටම ගොහින් අතදීල කතාකොලා.මොනා උනත් පොඩ්ඩ අඩෝ උඹ නම් එල කොල්ලෙක්නෙ කියද්දි නම් පට්ට ගටක් එනව ලියන්න.ඇත්තටම කියනව නම් පොඩ්ඩගෙ බ්ලොග් නිසා තමයි මං බ්ලොග් කියවන්න ආස උනේ.කොහොමින් කොහොම හෝ මගේ බ්ලොග් ගුරත් ටැග් පිටින් ඡායාරූප වලට වැඩිය නෑ චුට්ටක් විතර පෙනී හිටිය ඕන්.සුමිත් අයිය ලස්සනට මගෙ පින්තූරෙකුත් ඇඳල තිබුන.

අහිංසකයා සේ බනියා වෙත දෑතම දිගු කොට බත් එකක් අරන් කට්ටිය එක්ක ගල් උඩ [බිම තියෙන එව්ව බොල.මොකැයි කැත හිතින්ම බලන්නෙ :/........] එලාගෙන බත් කෑව.

හැමෝවම නැති උනත් ගොඩක් අයව අඳුනගත්ත.ඇත්තටම ගොඩක් සතුටු ලස්සනම දවසක් ඒක මේ සඳකිඳුරට නම්.ගොඩක් විස්තර කතාබහ කලා [එව්වත් කියන්න බෑ බං.උඹල දැනුත් මට අමු තිත්ත කුනුහරුපෙන් බනිනව ඇති මූ ඔක්කොම ලියන්න ගිහින් පෝස්ටුවෙ රස මරල කියල.දැනටමත් මාගල් 10ක් 15ක් තරම් දික් වෙලානෙ].සතුටු සිනා මැද අන්තිමේ පොඩ්ඩගෙ සහ මංතරකාරිගෙ ඒ සතුටින් ගෙවුනු මොහොතත් එක්කම හවස 4 වෙද්දි ආපහු පිටත් වෙන්න කියල දුක් සිතින් වුනත් හැමෝටම සමුදෙන්න පටන් ගත්ත.

අර බැහන් ආපු කන්ද නගිද්දි නම් හිතුන අඩේ අපි මෙච්චර කන්දක් බැහැගෙන ආවද කියලත්.කන්ද නැගපු ගමන් පොඩි මෑන්ගේ සාදර අනුග්‍රහයෙන් තැඹිලි සංග්‍රහයක් ලැබුන හැමෝටම.හම්මේ මහන්සියට ඒක බිව්වම හරියට නිවන් ගියා වගේ දැනුනෙ.ඊට පස්සෙ හෙමින් හෙමින් සැරේ වර්ණ අක්කයි, ශානි අක්කයි, කුමාරය අයියයි පොඩි චැට් එකක් දාගෙන ඇවිත් බස් එකට ගොඩ උනේ නම් පාන් කියගන්න බැරිවයි.

උදේ කැඩුනු බස් එකම ආපහු හදන් ඇවිත් තිබුන.බස් එකේ ආපහු යද්දිනම් විශේෂම සිද්දිය නම් අපේ නාකියගෙ කතා සහ සිංදු තමයි ඉතින්.කට්ටියගෙ උගුරවල් එහෙම නෑල්ලු කොට්ටාවට එද්දි.

මමයි, සුළැඟිල්ලයි, ශානි අක්කයි, වර්ණ අක්කයි, කුමාරය අයියයි, පොඩ්ඩගෙ වයිපරෙයි කොට්ටාවට ටිකක් විතර මෙහායින් බැස්ස.දරුණු වැස්සෙ උනත් කට්ටියම ගොහින් පොඩ්ඩගෙ වයිපරේව බස් එකට නැග්ගුව පරිස්සමින්.

ඉතුරු අපි එකෙක් ගාවවත් කුඩයක් කියල එකක් නම් තිබුනෙ නෑ.බද්ද වැස්ස.බවලත් උදවිය තෙමීම හොඳ මදිය කියා සිතූ මම අමු වැස්සෙම එහෙට මෙහෙට පනිමින් 3 රෝද රථයක් නැවතීමට අත්පුඩි ගසමින් සැර ගේමක් දුන්නෙමි.පාරෙ ගිය එවුන් බලන්න ඇති මූට මයියොක්කද කියල මේ වැස්සෙ හරියට නිකන් අව්වෙ වගේ පැන පැන අත්පුඩි ගහන්න.

කට්ටියම පැය භාගෙකින් විතර, ඒ කියන්නෙ 8.30ට විතර 3 වීල් එකක් අල්ලගෙන අභීත අයියලගෙ ගෙදර ගියා.එහෙ තමයි සඳකිඳුරගෙ දඬුමොනරෙ නවත්තල තිබුනෙ.අන්තිමට කාර් එකට ගොඩවෙද්දි කස්ටියම නිකන් තෙමිච්ච කුකුලො වගේ.මගෙ නම් අහවල් එකත් තෙමිල උන්නෙ වැස්සට :O..............

ඊට පස්සෙ කියව කියව යන අතරතුර කුමාරය අයියව අතුරුගිරියෙන් දැම්ම.වර්ණ අක්කවයි ශානි අක්කවයි දාන්න කඩුවෙලත් පාස් කරන් කිරිබත්ගොඩ පැත්තට ගියා.අලේ කැලෑ පාරක් පෙන්නල යමු කිව්ව.මාත් යන්නෙ කොහෙදැයි කියල වත් නොදැන ගියේ.ගෙයි ගේට්ටුව ගාවින්ම දාල කොච්චර එපා කිව්වත් හීනියට හෝන් පාරකුත් ගහලමයි සුළැඟිල්ල මල්ලිව දන්න කිරිබත්ගොඩ ටවුමට ගියේ.

දැං ඕන් සඳකිඳුර විතරයි ඉතුරු.තනියම ඉඳල මේ චූටි කොලු පැටියට කවුරුහරි ලිංගික අතවරයක් වත් කලොත් කියල ඉක්මනට ලෑල්ලටම [ලෑල්ලටම කිවුවට මයෙ හිතේ 130ට 140ට විතර.වැඩිය නෑ එක 3 වීල් කාරයෙක්ට විතරමයි වෙට්ටුවක් දැම්මෙ] පාගල කඩුවෙල හරහා බෝමිරියෙ මගෙ පුංචි ගේ පොඩිත්තට ආව.එද්දි නම් රෑ 10ට විතර ඇති.

රසබර සුන්දර මතක ගොඩක් මැදින් ගෙවුනු ඒ දවස නම් ඇත්තටම ලස්සනම ලස්සන දවසක් උනා.කවදාවත් මතකෙන් නොගිලිහෙන තරමින්............ සයිබර් සිහින උළෙල වෙනකම් ගොඩක් ආසාවෙන් ආදරයෙන් බලන් ඉන්නව.මේ බ්ලොග් අවකාශයට ගොඩක් ආදරේ මම.......... සඳකිඳුරා

************

පසු සටහන් 1 - දඟමල්ල හොඳ වෙලාවට වීර කාන්තාවයි මායි එක්ක යන්න නොආවෙ.නැත්නම් දඟමල්ල ගෙදරින් සම්බෝල වේ.වැඩි විස්තර කිරිටොපි අක්කා නොහොත් වර්ණ අක්කගෙන්

පසු සටහන් 2 - අලේ සමාවෙන්න මේ තරම් දිගට ලිව්වට.ඊලඟට ලියන ඒව පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්

පසු සටහන් 3 - සුදු පැංචි බැලීමට ආසාවෙන් හිටියෙ.අනේ සුදු පැංචි මේක දැක්කොතින් සයිබර් සිහින උළෙලටවත් අනිවාර්යයෙන් එන්න හොඳේ :)

Tuesday, January 3, 2012

මගේ සිත


දැනෙයි තේරෙයි
රිදුම්දෙයි
නමුත් නොසසල
උඩින් නැලවෙන
යටින් කැලඹෙන
කෙනෙක් ඇවිදින
කෙනෙක් හැරයන
මටම තේරුම් ගන්න බැරි දේ
ඔව්.....
මේ මගේ සිතයි

Monday, December 19, 2011

පෙර දිනෙක මතකය



එකෝමත් එක කාලෙකට පෙර
ලස්සනම ලස්සන පුංචි දවසක මතකයක්
අදටත් හිත සතුටින් ඉපිලවනව
මතකෙට නැගෙන හැම වරකදිම

හමුවෙලා වෙන්වුනු බව ඇත්ත
ඒත්............

ආදරේ හය හතර නොදත් මට
ජීවිතයක් පුරාවට දකින්න ලස්සනම ලස්සන හීනයක් දුන් ඔබ
කුළුදුලේ මගෙ දිවියට ආවමයි දැනුනෙ
මේ හදවතේ කර්ණිකා කෝෂිකා වලත් ලේ දුවන බව

පුංචි තොල් අපූරුවට තොඳොල් කර
හුරතල් කතා කියමින් මගෙ උණුහුමට ගුලිවෙද්දි
එදයි මං දැනගත්තෙ මගේ තුරුල උණුහුම් බව
මම ජීවත් වෙන බව

ඔය ලස්සන කලු ඇස් දෙකින් මගෙ ඇස් දිහා බලන්
හෙමින් හෙමින් මගේ තොල් සිපගද්දි
එදයි දැනගත්තෙ ඇස් කතා කරන බව
මගේ පෙනහළු වල හුස්ම රැඳී තිබෙන බව

ඒ ලේ වලින් උනුහුම් වුනු හදවතේ නාමයෙන්
ඒ හුස්ම වැටෙන මගේ පණ බිඳෙහි නාමයෙන්
ඒ වගේම ලස්සන අතීතයක ආපහු හමුවෙන්න මං අදටත් හීන දකිනව කෙල්ලෙ
ඒත් ඒ......
එතැනදිමයි......
එලෙසටමයි.......
නමුත් ඒ සදහටමයි