Saturday, November 19, 2011

මාර ප්‍රශ්නෙ



අනේ කෙල්ලෙ
මට මාර ප්‍රශ්නයක්නෙ ඇතිවුනේ
රත් නා දල්ලක් වගේ
පිරිල රතු පාටින් පොපියන
නුඹේ ඔය රසවත් දෙතොල් සඟළ
හෙමි හෙමින් මගෙ දෙතොල් වලින්
කිතිකවා සනහන්නට මට හිතෙන තරම්
ඒ සිතුවිල්ලෙහි
මේ තරම් ප්‍රබල බවක්
අනේ මේක ලෝක ධර්මයද?
නැත්නම් මේක ලෙඩක්ද?
එහෙමත් නැතිනම් මේක.........
මං උපතින් ගෙනා කුකුල් කමද?
ලෝකයේ පිලිතුරු නොමැති ප්‍රශ්න ගොන්නට
තවත් එක ප්‍රශ්නයක්
මාර ප්‍රශ්නයක්.........


Wednesday, November 16, 2011

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි



මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි

සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි

ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්

කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
 
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න

මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න

පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න

උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න

දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා

කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ

අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්

උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න

ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න

උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න

පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට

ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න

මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න

අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න

සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම

ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න



Wednesday, November 9, 2011

ප්‍රාර්ථනාව

අනේ මගේ හිතටත්
එන්සයිමයක් වෙන්න ඇත්නම්
කොයිතරම් එහෙනම් මගේ හිත අවට
භාහිර ප්‍රතික්‍රියා චංචල වූවත්
ඒ හැම හිතක් එක්කම පෑහී
මට අදටත් ස්ථාවර ස්වරූපයටම
එලඹෙන්නට තිබුනා
එහෙත් එහෙම නොවූ නියාවෙන්
මගේ ඇස් වල කඳුළු අද
අනේ මටත් එන්සයිමයක් වෙන්න ඇත්නම්.........


ඊයෙ පෝස්ටුව ගැන හැමෝම මට සමාවෙන්න.මීට සඳකිඳුරා

Tuesday, November 8, 2011

දියබරියාගේ ගැහැනු සතා වෙත ආදරයෙන්

මං මහන්සියෙන් මගේ ඇඟිලි වෙහෙසවගෙන ඇස් ඇම් ඇස් නොහොත් කෙටි පනිවුඩයක් එව්වම වටිනව නේද මන් අහන්නෙ රිප්ලයි කොරන්ට බැරිනම් රින්ග් කට් එකක් හරි දුන්නනම්.මොකැයි උඩ බිම බලන්නෙ.උඹට තමයි ඕන් කිව්වෙ.තව වටපිටත් බලනව උඹට නෙවේය වගේ.මාව එපා එකා මටත් එපා.ඕනෙ ප#* කොරගනින්.ඉන්න බැරි කේන්තියෙන් උනත් මේක කියන්න හිතුවෙ වැරදිලාවත් ඒ හැලපි මගේ බිත්තිය පැත්තට ගොඩ උනොත් වරදක් උනු බව හැඟෙන්නයි.හයියෝ මට මතක් වෙන නාමපද නම්.එලදෙන.ගෙම්බි.ඒයි මොකක්ද බොලව් දියබරියගෙ ගෑනු සතාට කියන්නෙ.අන්න ඒකත් එයා තමයි.හරි කෙනාටම වැදේවා.රිදෙන්න නෙමෙයි කිව්වෙ.දුක නිවෙන්නයි බොලව්.මේ හිතනම් පට්ට සිරා දෙයකි.කමක් නෑ කමක් නෑ.මං තරහ නෑ.මොනා උනත් මගේ එක්සෑම් කුප්පිය පුරවන එකානෙ.අයි ලව් යූ සුදූ.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ♥ (හැබැයි ඒකනම් කිව්වෙ සිරාවටම සහෝදර ප්‍රේමයෙන් ඕන්) :/ ඊට වඩා අදහසක් මයෙ තුන් හිතේවත් නෑ ඕන්.......
 

Tuesday, November 1, 2011

තනි වූ මොහොත



 ජීවිතේ
ගොඩක් දෙනෙකු මා හා හිනැහුනත්
මං දන්නව මං හැමදාමත්
තනිවෙලා කියලා