Showing posts with label පට්ට කේස්. Show all posts
Showing posts with label පට්ට කේස්. Show all posts

Monday, April 15, 2013

නැගපු හැටි (ටිකක් විතර 18+)


මේ අවුරුදු කාලෙ ඉතින් නිදහස් විවේකී වෙලාවල් වැඩිනෙ. එහෙම වෙලාවක ඉස්සර වුනු සුන්දර මතකයන් මතක් කරද්දි මීට ටික කාලෙකට ඉස්සර වුනු ලස්සන සිද්ධියක් මතක් වුනා. මුලින් දෙබස් ටික කියවල ඉන්නකො. පස්සෙ කතාව කියන්නම්.

එයා :- මොකක්ද ඔය නැවිල බලන්නෙ
මම :- නගිනවද කියල
එයා :- කෝ ඉතින් නගිනවද
මම :- තාම නම් නෑ
එයා :- නගින්නෙ නෑ වගේ නේද
මම :- යන්තම් හෙල්ලෙනව. ටික ටික නගිනව වගේ
එයා :- ඕක ඉතින් මහලොකු දෙයක් යෑ
මම :- හැමදාම ෆුල් නගින්නෙත් නෑනෙ. බලන්න ආසයි ෆුල් නගින හැටි
එයා :- ෆුල් නැග්ගම මොකෝ වෙන්නෙ
මම :- හිතට ගොඩාක් ලොකු අමුතු හැඟීමක් දැනෙනව. ඒක වෙලාවකට හරි පිරුනු හැඟීමක්. වෙලාවකට ලොකු සතුටක්


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනාද හිතුනෙ :D ඇත්තටම මෙන්න මේකයි ඕන් සිද්ධිය. මම දවසක් වාහනේ එළවගෙන ගෙදර එද්දි කාර් එකේ තව දන්න කියන ගෑණු ළමයෙකුත් හිටිය මගෙ පන්තියෙම හිටපු. ඊට පහුවෙනිදට දුර ගමනක් යන්න යෙදිල තිබුන. ඒ හින්ද එදා උදේම ගෙදරින් එද්දි ගෙදරින් ප්‍රතිපාදන ලැබුන ෆුල් ටෑන්ක් කාර් එකට ඩීසල් ගහන්න. ඉතින් ඒ වෙලාවෙ ගෙදර එන ගමන්ම ෂෙඩ් එකකට වාහනේ ඩීසල් ගහන්න නැවැත්තුව. ඒ වෙලාවෙදිම තව අක්ක කෙනෙක්ගෙන් කෝල් එකක් ආව. ෂෙඩ් වල ඉන්න සමහරු එවුන් හොරටත් තෙල් ගහනවනෙ. ඉතින් කෝකටත් කියල අර අක්කට "පොඩ්ඩක් ලයින් එකේම ඉන්න" කියල තෙල් ගහද්දි ඩීසල් මීටරේ දිහා බලන් ඉද්දියි අර ඉස්සෙල්ල කියපු දෙබස් ටික කාර් එකේ උන්නු ගෑණු ළමයයි මායි අතර ඇතිවුනේ. කොහොමින් කොහොමහරි අර අක්කට ඒ ටික ඇහිල එයා හිතල තියෙන්නෙ වෙනම විදිහකට. මං ආපහු ෆෝන් එක අරන් "හෙලෝ" කියපු ගමන් "නෑ කමක් නෑ මල්ලි හදිස්සියකට නෙමේ ගත්තෙ මං පස්සෙ වෙලාවක ගන්නම්කො" කියල ෆෝන් එක තිබ්බ. ඊට පහුවෙනිද කලින්ද කතාකල අක්කට කෝල් එකක් දීල කතා කරද්දි මෙන්න මට කියපි "සොරි ඔය දෙන්නට ඊයෙ ඩිස්ටර්බ් කලාට" කියල. මාව නිකන් කරකවල අතෑරිය වගේ. මං ඉතින් "තේරුනේ නෑ" කියල කිව්වම කියපි "නෑ ඊයෙ රෑ ඔයාල දෙන්න කතාකරපු දේවල් කෝල් කරල ලයින් එකේ ඉද්දි මට ඇහුන ඒකයි මම පස්සෙ ගන්නම් කියල තිබ්බෙ" කියල. ඒත් මට මඤ්ඤං. මීටර් නැති හින්දම මම ඇහුව "මොනාද ඉතින් ඇහුනෙ?" කියල. එතකොට ඉතින් දන්න දන්න වචන එහෙන් මෙහෙන් දාල නොකියා කිව්ව අරක අරෙහෙම වෙන්නෙ නැතිව නේද එහෙම කිව්වෙ කියල. සැහ්........... එතකොටයි බොල තේරුනේ එයාගෙ කුජීත මීටරේට මීටර් වෙලා තිබුනු දේ. ඒ වෙලාවෙ ආපු හිනාවෙ හැටියට සෑහෙන ගේමක් දීල නහර පුපුරවගන්නෙ නැතුව හිනාව වාවගත්තෙ. ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ. තාමත් මතක් වෙද්දි හිනාව වාවගන්නෙ පට්ටම ගේමක් දීල.


අනිවා සෙට් වෙමු එහෙනම් සයිබර් සිහිනයෙදි. අපි වගේ තව දසත විසිරුනු බ්ලොග් ලියන කියවන හැමෝගෙම ලස්සන පුංචි අවුරුදු උත්සවේ. මතකනෙ. හරියටම 2013 අප්‍රේල් 21 වෙනිද උදේ 9 ඉඳන් හවස 4 වෙනකල් මහරගම තරුණ සේවා සභා පිටියෙදි. ඒ ලස්සන දවසෙදි එහෙනම් හම්බුවෙමු. වැඩි විස්තර මෙතැනින්.

Saturday, April 13, 2013

වාජීකරණය ගැන ඔබ නොදත් රහස් 4ක් ( 18+ලු ඈ )

ගොඩක් දවසකට පස්සෙ ඔන්න අද හිතුන අලුතින් කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න. දැන් ඉතින් සෑහෙන කාලෙකින් ලියන්න වුනෙත් නෑනෙ. ඉඳල ඉඳල ලියන්න ගත්තු පෝස්ටුව අපි හැමෝටම ටිකක් වැදගත් ඒත් වැඩිය කතා නොකරන මාතෘකාවක් ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

වාජීකරනය...... වහෙන් ඔරෝ කියනව නම් ලිංගික ශක්තිය නැතහොත් ලිංගික සරුබව වර්ධනය කිරීමේ වේදය පුරාතනයේ ඉඳන් ආයුර්වේදයේ පැවතගෙන එන්නක්.ලොකු ලොකුවට ආයුර්වේදය ගැන දන්නෙ නැති වුනත් මේ සමහර පොඩි පොඩි දේවල් නොදැනුවත්වම සාමාන්‍ය ජීවිතේදි දැනගත්තොත් ඒක බොහෝ විට අපිටම වැදගත් වෙනව. ගොඩක් ලොකුවට හිතන්නෙ නැතුව අපිට අපේ අවට තියෙන සාමාන්‍ය දේවලිනුත් ජීවිතේට උදව් ගන්න පුලුවන්.

දරු ඵල කියන්නෙ ගොඩක් අයගෙ ලොකු බලාපොරොත්තුවක් වගේම ජීවිතේ සෑහෙන කාලෙක ඉඳල දකින හීනයක්.ඊට වුවමනා මේ ලිංගික සරු බව විවිධ සාමාජීය තත්ත්ව අනුව වෙලාවක මීට සෞභාග්‍යමත් පිරිසිදු බවක් ආරූඩ වෙනව වගේම විටෙක මේක වනචර වුනු කුනුහරුපයක්.

එදි නෙදා කේවල වැඩකිඩ හා හොර වැඩකිඩ පැත්තකින් තිබ්බොත් අපිට මේ වචනය ආපහු වැදගත් වෙන්නෙ කසාදය කියන මාතෘකාවත් එක්ක. කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය.


දැන් බොලා බලන්නෙපා ඇයි මේ පොල්ලක් අල්ලගෙන නටන ගෑනු දැරිවියක් පෙන්නුවෙ කියල. ඕක පෙන්නල කියන්න ඕනි වුනේ පොල්ල හයිය නම් තමා නැටිල්ල කියල. පණ නැති පොල්ලක තව කොහේ එල්ලෙන්නද :p

වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම ගුරු මුෂ්ඨි නැතුවම උඹලට කියන්නම්කො මේ පොඩි රහස් 4. බොලාට වැඩේ රහ වැටෙන්නත් එක්කම පුංචි කතා 4කින්ම කියන්නම්.


1. කිරි බීවොත් කිරි උතුරයි

ඔන්න දවසක් සිංහල පිරිමි ළමයෙක් හින්දු ගෑණු ළමයෙක් එක්ක පෙමින් බැඳිල කොහොමහරි මේක කසාදෙ වෙනකල්ම ආශිර්වාද මැදින් සිද්ධි කාරණා වුනාලු. චාරිත්‍ර වාරිත්‍ර මැද වුනු මේ කසාදෙන් පස්සෙ චාරිත්‍ර පරිද්දෙන්ම මංගල රැය, ඒ කියන්නෙ හනිමූන් එක දෙන්නට ගතකරන්න වුනේ මනාලියගෙ ගෙදරලු. මේ පිරිමි ළමය සාමාන්‍යයෙන් එළකිරි (එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරී) බොන කෙනෙක් නෙමේලු.ඒත් දෙන්න රෑ කාමරේට යන්න කලියෙන් මනාලියගෙ අම්ම, ඒ කියන්නෙ කොල්ලගෙ නැන්දම්ම කටකපල ලොකු එළකිරි වීදුරුවක් ගෙනල්ල තිබ්බලු කොල්ලට බොන්න කියල. කොල්ල බොන්න බෑ කියන හැම වෙලාවකදිම කෙල්ල ඉල්ලල හිටියෙ ඒක කොහොමහරි බොන්න කියලලු. කොල්ල ඒ ඇයි කියල අහද්දි තමයි දැනගෙන තියෙන්නෙ පලවෙනි මංගල රෑ නිදාගන්න කලින් කිරි වීදුරුවක් බොන එක ලිංගික ශක්තිය වැඩි කරන්න උදව් වෙනව වගේම ඒක හින්දු චාරිත්‍රයක් කියලත්. කිරි වල වාජීකරණ ගුණයක් තියෙන බව හැබෑව. ඒත් ඒ බොන කිරි ස්වභාවික කිරි වර්ගයක් වෙන්න ඕනි. (මනාලිගෙන් කිරි ඉල්ලල ගුටිකන්න හෙම යන්නෙප :D). ඒ වගේමයි කිරිත් එක්ක කෑමට දෙන තවත් බෙහෙත් වර්ග වලින් අවුරුදු ගනන් තිබුනු සමහර ලිංගික ආබාදත් හොඳ කරන්න පුලුවන් ක්‍රම තියෙනව ආයුර්වේදයේ.


2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු
ඔන්න සල්ලිකාර පවුලක එකම පුතා වෙච්චි පුන්සිරි (එහෙම කියල හිතමුකො උගෙ නම) වෙඩින් හෝල් එකෙන් යාලුවොන්ගෙ සතුටු ජයඝෝෂා මැද්දෙ මධුසමයට යන්න මංගල රථයට ගොඩ වුනාලු. ජෝඩුව නැගල දෙයියනේ කියල ඉන්න එවුන්ට ටටා බායි කියල වැදගත් වැඩේට පිටත් වෙද්දිම බාගෙට ඇරල තිබුනු ජනේලෙන් කෝලිකුට්ටු ඇවරියක් දැම්මලු යාලුවෙක් කොල කෑල්ලක ලියපු පණිවිඩේකුත් එක්කම. ලියල තිබුනෙ "මධුසමයට ජවය" කියලලු. තරුණ කමට කෙලිලොල් කමට හුදෙක් විහිලුවක් විදිහට මේක කලත් ඇත්තටම කෝලිකුට්ටු ප්‍රෝටීන් බහුල කෑමක්. ඒ වගේමයි හොඳ ශක්තිජනක කෑමක්. වාජීකරණ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ඒක හින්ද ඕන් ගෑණු ළමයි තමුන්ගෙ පිරිමි ළමය බලන්න ගෙදර යද්දි චොකලට් එකක් අරන් යනවට වඩා ඕන් හොඳට ඉදුනු කෝලිකුට්ටු ඇවරියක් අරන් ගියානම් හොඳයි ;)


3. ඇඳ පොල්ලයි අලු කෙසෙලුයි
ඔන්න ජෝඩුවක් කසාද බැන්දලු. එයාල පදිංචියට ගියේ ඒ ගෑණු ළමයගෙ ගෙදරලු. ජෝඩුව ඉන්න ගෙදර තියෙන ටීවී එකට අමතරව තවත් ටීවී එකක් ගෙනාවලු දෙන්නට කාමරේ ඉඳන් නිවීසැනසිල්ලෙ බලන්න. එතකොට ඉතින් කාටවත් කරදරයකුත් නෑනෙ. හිටපු පුංචි කාමරේ ඉඩ අඩු හින්ද ඇඳේ වාඩිවෙලා තමා බැලුවෙ ටීවී එක.අම්මල දන්නෙ නෑනෙ දෙන්න කාමරේ සද්දෙට ටීවී එක දාගෙන දොර වහගත්තම මොකෝ වෙන්නෙ කියල. කොහොම හරි දවසක් දෙන්න ටීවී බල බල ඉද්දි දෙන්නගෙ බරට ඇඳේ පොල්ලක් කඩාගෙන වැටුනලු මහ හයියෙන්. මේක කොහොමහරි අම්මට ඇහිල. පහුවෙනිද අර කොල්ල ඔෆිස් ගිහින් බත් එක දිගහැරල බලද්දි වෙනවද වැඩිය දකින්න නොලැබෙන විදිහට අලුකෙසෙල් වැඩිපුර ගොඩක් බෙදල තිබුනලු. එතකොට තමයි අරූට මීටර් වෙලා තියෙන්නෙ ඇඳපොල්ල වැටුනු සිද්ධිය අම්ම වැරදියට තේරුම් අරන් කියල. අම්ම හිතල තියෙන්නෙ විසේට දඟලල ඇඳපොලුත් පෙරලිලා කියල : . ඇත්තටම ඒත් අලුකෙසෙල් වලින් අන්තර් ලිංගිකව ඇතිවෙන විසේ, දැඟලිල්ල නවත්තන්න බෑ. ඒක බොරුවක්. අලුකෙසෙලුත් ශක්තිජනක කෑමක් බව ඇත්ත. වැඩියෙන් ඔසප් රුධිරය පිටවෙන ගෑණු උදවියට අලුකෙසෙල් ගොඩක් හොඳ කෑමක්. ආයුර්වේදයේ දියවැඩියා රෝගීන්ටත් අලුකෙසෙල් යොදාගත්තු බෙහෙත් වර්ග භාවිතා කරනව. ඒ නිසා අලුකෙසෙල් වලින් පිරිමින්ගෙ ලිංගික ශක්තිය අඩු වෙන්නෙ නෑ. බය නැතුව කාහල්ල :p


4.වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
   අඹු නොතකන එකා - අඹුන් දහසක් වුවද සලකා
දවසක් ඔන්න මල්සිරි කියල එකෙක් හිටියලු. මිනිහට තිබුනලු ලිංගික අප්‍රාණිකත්වය තරමක් දුරට. වැඩේට ලෑස්ති වෙන්නෙ සෑහෙන ආයාසයකින්ලු. මිනිහ පොලේ යන හැම පාරකම කොළ පලා විකුණන තැනට ගිහින් එතනින් ගන්න කොළ මිටියක් කවුරුත් දකින්නත් කලින් වෙනම මල්ලකට තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිවෙන්න අඩුක් කරගන්නවලු. දවසක් ඉතින් මේක ටික කාලයක් තිස්සෙ බලන් හිටපු කොල්ලො රැලක් මේ මොනාද හංගගෙන දුවන්නෙ කියල බලන්නත් එක්කම වැරදීමකින් වගේ අරූගෙ ඇඟේ හැප්පුනාලු අර බඩුටිකත් එක්කම පෙරලගෙන. බැලින්නම් හැමදාම මේ හොරෙන් හොරෙන් අරන් ගිහින් තියෙන්නෙ වැල්පෙනෙල මිටියක්. ඇත්තටම වැල්පෙනෙල ගොඩක් වටින වාජීකරණ ඔසුවක්. කැලෑවල වැවෙන මේ වැල් ජාතියෙ පිරිමින්ගෙ ලිංගික ශක්තිය වගේම සරුබව වැඩවීමටත් පුදුම තරමේ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව. වැල්පෙනෙල ගිතෙල් වලින් මලවල කන්න පුලුවන් නම් තවත් ගොඩක් ගුණයෙන් වැඩී. කොයි විදිහෙන් හරි කෑමට වැල්පෙනෙල් එකතු කරගන්න පුලුවන් නම් ඒක පිරිමින්ට නම් ගොඩක් වැදගත් වේවි. කැලවල් ගානෙ රිංගන්න ඕනිමත් නෑ ඉතින්. හොයාගන්නම බැරිනම් දැන්කාලෙ තාක්ෂනෙත් දියුනුයි නෙව ;)
ලඟදිම දවසකදි ආපහු එකතු වෙමුකො අලුත් වටින දේවල් ගොඩක් එක්ක :) එතකල් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

එහෙනම් 2013 අප්‍රේල් 21 වෙනිදට මහරගම තරුණ සේවා සභා පිටියෙදි හම්බුවෙමු. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම වටා රොද බඳිමු. වැඩි විස්තර මෙතනින්.

....................

Wednesday, October 31, 2012

ඇට දෙක පුපුරලා (අවාසනාවට ඇත්ත කතාවක්)




ඕන්න ඉතින් අද කියන්න හිතුන ජීවිතේ අත්දකින්න ලැබුනු අමුතුම සිද්දියක රසවත් කතන්දරයක්.මේක ඉතින් වුනේ නම් ඉස්කෝලෙ යන කාලෙදිලු.

එදා කොහොමින් කොහොම හෝ වැඩිය උගන්වපු දවසක් නෙමේ.වැඩිමනක්ම තිබුනෙ ෆ්‍රී පීරියඩ්.එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියේ.සමහරු සෙල්ලම් කරනවා, පොත් ගුල්ලො පාඩම් කරනව, වලි කාරයො වලි, ඒ අස්සෙ ඕන් මං තුමයි යාලුවො සෙට් එකයි කලේ අනංමනං ජල්බරි අත්දැකීම් විස්තර කරනගමන් කෑම කාපු එක :p

දන්නවනෙ ඉතින් ඒ කාලෙදි කෑම කන හැටි.බත් මුල මේසෙ උඩින් තියල අරින්න විතරයි ඕනි සටපටස් ගාල වාශ්ප වෙනවනෙ.මාලු කෑල්ල හරි මස් කෑල්ල හරි අහු උන එකාට නම් නියමයි.මැල්ලුම වගේ අතට අහු උනොත් ඉතින් ඉවරයි.ඒකටත් අත දාන්න පරක්කු උනොත් ඉතින් අරන් දුවන්න වෙන්නෙ බත් කොලේ හරි පත්තර කොලේ හරි තමයි :D

එදා ඉතින් වැඩිය කට්ටිය හිටපු නැති එකේ සෑහෙන කාලෙකට පස්සෙ දුගී දුප්පත් යාචකයො රැලක් වගේ බජව්වක් දාගෙන හෙමින් හෙමින් කෑම කන්න අපිට ලැබුන.



ඉතින් ඔහොම ඉන්න අතරෙ ඔන්න ඉතින් දැන් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ම එදා ඇවිත් තිබුනෙ නෑ ඉස්කෝලෙ.ඒ අතරෙ කොහොම හරි අපේ එකම බොක්කක් හිටියෙත් නෑ පේන්න.අපි දැනට මෑන්ස්ට ප්‍රියාන් කියල කියමුකෝ.කොහොම හරි දහසකුත් කතා මැද්දෙ ඇයි අද ප්‍රියානය ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ කියන තැනට වෙනකල් කතාව ආව.ඒත් එක්කම පැනපු ගමන් එකෙක් කියපි............

මිනිහ මැච් එකකට ගිහින්.මැච් එකෙන් පස්සෙ පොඩි වලියක් ගිහින්.වලියෙදි කාපු පාරකට මුගෙ ඇට දෙක පුපුරල කියල.

අහපු ගමන් අපිට හිතාගන්න බැරි උනා මොකෝ උනේ.යකෝ එහෙනම් සැර පාරක් වැදිල ඇති කියල අපිට හිතුනෙ.මෙන්න මේ වගේ රූපයක් තමා හරියටම හිතේ මැවුනෙ


ඒ අස්සෙ කට්ටියගෙ කටවල් ඇරිල.බලාගත් අත බලං ඉන්නව සෙට් එකම දැන් මුකුත් හිතාගන්න බැරිව.ඒ අස්සෙ මට එහා පැත්තෙ හිටපු එකා හෝ ගාල කහිනව.බැලින්නම් ඌට කෑම හිරවෙලා


ඇහුන දේ හරිමද මන්ද කියල හිතුනු නිසා මං ආයෙත් ඇහුව " ආපහු කියපිය බලන්න " කියල.බැලින්නම් මූ කියල තියෙන්නෙ ඇට දෙකක් පුපුරල කියල.මූ බත් කටක් ගිලින ගමන් කියපු නිසා අන්තිම අල් කයන්න "ක්" ශබ්ද වෙලා නෑ.


පස්සෙ තමා මූ කීවෙ මැච් එක ඉවර වෙලා ගිය වලියෙන් බෙල්ලට වැදුනු පාරක් නිසා බෙල්ලෙ ඇට (අස්ථි) දෙකක් බිඳිල අරූව ඉස්පිරිතාලෙ නවත්තල කියල :p


කොහොමින් කොහොම හෝ අපිට අන්තිමේ වුනේ අර කෑම හිරවෙච්ච එකාව ඉස්පිරිතාලෙ අරං යන්න :D

Monday, July 23, 2012

ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් ඉතින් කොහොමද ඉලන්දාරියන්ටයි මේ අපේ ගැටිස්සියො රැලටයි.මට උදේ හවහ උඹලව මතක් වෙනව බං.කන්න ගියත් මතක් වෙනව.බොන්න ගියත් මතක් වෙනව.වැසිකිලියට ගියාමත් මට උඹලව මනෙ මතක් වෙන්නෙ :/


ඒ නිසාම ඕන් ලස්සන කතාවක් මතක් වෙලා ඉක්මනට මේ දුවගෙන ආවෙ ඒක ඔයාලටත් කියන්න.මට මේක යාලුවෙක් එවපු මේල් එකකින් ලැබුනෙ.මොකටෙයි නැට්ට අල්ලං වටේ කැරකෙන්නෙ.මේන්න මේකයි ඕන් කතාව :p


ගුරුතුමිය - ළමයි ඊයේ රෑට මොනවද කෑවේ.....

සුනිල් - මම කෑවේ පාන්

නිමල් - මම කෑවේ බත්

සිරිපාල  - මමනම් කෑවේ රොටි හැබැයි එහා ගෙදර අක්කානම් ලාම්පුත් කනවා

ගුරුතුමී - ලාම්පුත් කනවා! කොහොමද?

සිරිපාල - මට ඇහුනා ඒ අක්ක ලාම්පුව නිමලා කටට ගන්නම් කියනවා





ප.ලි :- කවුද කැමති මාත් එක්ක එහා ගෙදර අක්කව හොයාගෙන යන්න (වෙන මොහොකට වත් නෙමේ ලාම්පු ගිලින හැටි බලන්න :p)

Wednesday, July 4, 2012

පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණයී)



පියයුරු.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් පුරාතනයේ ඉඳන්ම ඉතින් ගෑණු උදවියගෙ, ගැටිස්සියන්ගෙ, ලමිස්සියන්ගෙ එහෙම පියයුරු කියන්නෙ ඉතින් කවියන්ට, සාහිත්‍යධරයන්ට පේන්න බැරි වුනු රසවත් අංගයක් නෙව.පිරිල පෘෂ්ඨිමත්ව තියෙන තරමට ඕනෙම ලෞකික පිරිමි හිතක් සලිත කරන්න අනිවා ඩෙෆා පියයුරු වලට පුලුවන්.

ශිෂ්ඨසම්පන්න විදිහට කියනව නම් අපිට මේව පියයුරු, පයෝධර වගේ නම් වලින් අරුත් ගන්වන්න පුලුවනි.ඔය ගැමි වහරෙදි නම් ගැටය, ලැම වගේ නම් වලින් හඳුන්වන අතරම සාමාන්‍ය වහරෙදි පපුව, තන් යන ලෙසද හඳුන්වන්න ඇහැකි.ඇතැමුන් කුක්කු කියාද හඳුන්වන අතර අපි වැනි සුට්ටි එවුන් කිරි වලට මෙන්ම පියයුරු වලටද ඒ නම භාවිත කරයි.කිරි තිබේදැයිද කියා පිරික්සා බැලීමට ආරාධනාවක් ලැබුනොත් එපා කියන එකෙක් හොයාගන්න නම් අපිට ආපහු නොමල කෙනෙක් ඇති ගෙදරකින් අබ ඇට හොයන්නත් වේවි සමහරවිට :p

සාහිත්‍යයෙදි වල් කමේදි වගේම ජීවිතේ අති උතුම් ස්ථානයකුත් මේ පියයුරු වලට හිමිවෙනව.ඇත්තටම අපි හැමෝම අද මේ ලෝකෙ සතුටින් ජීවත් වෙන්නෙ අපේ අම්මල ලේ කිරි කරල අපිට පොවපු නිසයි.කෙනෙක් හිතාවි ඉතින් ඒක ලෝක ධර්මයනෙ කියල.පිස්සුද බං.චුට්ටක් හිතපං

මවක් කියන්නෙත් අතීතය යම් දිනයක අම්මෙකුගෙ බඩින් ඉපදුනු චූටි කෙලි පැටික්කියෙක්.මාතෘත්වය උපන්දා සිට කෙනෙක් අත්විඳින දෙයක් නෙමේ.මොකද පුංචි කාලෙදි අපි අත්විඳින්නෙ ජීවිතය.අපි හිතන්නෙ හැමදේම දෙමාපියන්ගෙ යුතුකම් පමනක් කියල.අපිට නමුත් යතාර්ථය තේරෙන්නෙ ටිකෙන් ටික ඉහ නිකට පැහෙන්න ගද්දි.අපේ අම්මත් අපි වගේම පුංචි කාලෙදි හුරතල් වෙන්න ඇති.බෑ කිය කිය උදේම නැගිටල අඬ අඬ ඉස්කෝලෙ යන්න ඇති.ඉගෙනගන්න ඇති.පිස්සු නටන්න ඇති.හැකි තරමින් විභාගත් පාස් කරන්න ඇති.අපි වගේම දවසින් දවස ජීවිතේ ගැන හීන දකින්න ඇති.ජීවිතේත ආදරය කියන වචනය යම් දිනයක ඇතුල් වෙන්න ඇති.යම් දිනයක අපි මේ ලෝකෙ එළිය දකින්න ඇති.හිතපන් හිතපන්.මේක කියවන උඹලටත් වැඩි කාලයක් නෑ ඔය සන්තෑසිය වෙන්න.කොහොමින් කොහොම හෝ මං කියන්න ලෑස්ති උනේ මේ එක දෙයක් ගැනවත් නෙමේ.වෙනම කතාවක්.

පිරිමි ඇහැ කියන්නෙ හරි පුදුම දෙයක්.ගැහැනියක් කොයිතරමින් හැඩ වැඩ උනත්, ලස්සන උනත්, සෙක්සි උනත් පිරිමියෙක් එක හෙලා මුල් වරට බැලෙන්න ගැහැනියකගෙ මූන, ඇස්, තොල්, පපුව, ඉන, ඇඟිලි වගේ දේවල් වලට.එතනිනුත් ඉතින් බොහෝ වෙලාවටම ඇස් නතරවෙන්නෙ එක්කො මූනෙන් නැත්නම් පපුවෙන්.නිරුවත් පියයුරු වගේම තදව ආවරන‍ය කෙරුනු පියයුරු ගැනත් අපිට සාහිත්‍යයෙදි ඕනෙ තරම් දැක ගත හැකියි.මං නම් හිතන්නෙ පිරිමියෙක්ට ලස්සනටම පෙනෙන්නෙ ගැහැනියකගෙ ලැම.වල් හිතින්ම නෙමේ එහෙම බැලෙන්නෙ.ඇතැම් විටක ඒක තරමක් සදාචාරය ඉක්මවා ගිය කළාත්මක නොහොත් රැඩිකල් හැඟීමක්.කියන්න තේරෙන්නෙ නෑ.පපුව නම්බර් වන් කියල හිතාගන්නකො.

හැඩතල ගැන මොන්සෝරි තරමේ හෝ දැනුමක් හැමෝටම ඇතිනෙ.බලන්නකො මේ දෙකේ සමාන කමක්



පේනවද හංසයින්ගෙයි මේ තනපටෙයි හැඩයන්ගේ සමාන බවක්.තනපට කියන්නෙ කොහොමත් තන රෙදිපටකින් ආවරන‍ය කරන එකනෙ.ඒ කියන්නෙ තන ආවරණය කරන රෙදිපට තමා තනපට කියන්නෙ.කොහොමත් අපේ කවියො හොඳින් පිරුනු පෘෂ්ඨිමත් පියයුරු අර්ථ දක්වල තියෙන්නෙ හංස පැටවුන්ට.නිරුවත් පියයුරු නිදහසේ චලනය වීම ඇතැම් තැන් වලදි අත්තටු ගසා ඉගිලෙන්න වෙර දරන හංස පැටවුන්ටත් සමාන කරල උපමා කරල තියෙනව.ඉතින් මං අද කියන්නෙ ඒ හංසයින්ගෙයි, පිරුනු ලැමකයි සුන්දර බව ගැන තියෙන මිත්‍යා සුරංගනා කතාවක්

ගොඩාක් ඉස්සර කාලෙ, ඒ කියන්නෙ ඉස්සර රජකාලෙ තිබුනු සිටු ගෙවල් වල නොවරදවා තිබුනු අංගයක්ලු ගේ ඉස්සරහ මිදුලෙ පුංචි පොකුනක් හදන එක.ඉතින් ඒ පුන්චි පොකුනු වල හංස පැටව් ඇතිදැඩි වුනාලු හරිම සතුටින්.


ඉතින් මේ පුංචි පැටවුන්ව බලාගත්තෙ ඒ ගෙවල් වල හිටපු පුංචිම පුංචි කුමාරිකාවන්ලු.හරිම ආදරෙන් මේ පුංචි කුමාරිකාවො මේ හංස පැටවුන්ව බලාකියා ගන්නවලු පණ වගේ.



ඉතින් හෙමින් හෙමින් දවසින් දවස වසරින් වසර ගෙවෙද්දි මේ හංස පැටව් චුට්ටෙන් චුට්ට ලොකු වෙන්න පටන් ගත්තලු.එයාල ලොකු වෙද්දි හරිම ලස්සනයිලු.සියුම්ව අත්තටු දිග හැරල හරිම උජාරුවෙන් ඒ අත්තටු හෙමින් සළල ඒ හංසයො හරිම ආඩම්බරෙන් අනිත් අයට පේන්න හිටියලු සතුටින්.

වැඩේ කියන්නෙ ඉතින් ලොකු වෙන්නෙ විලේ ඉන්න හංස පැටව් විතරක් නෙමේනෙ.අර පුංචි කුමාරිකාවනුත් ලොකු වෙනවනෙ.ඒ කාලෙදි ඉතින් කුමාරිකාවො තනපටක් ඇන්දෙ නෑලු.ඉතින් මේ කුමාරිකාවන්ගෙ හොඳින් වැඩුනු පපුව නිරුවත්ව නිදහස්වලු තිබුනෙ.





ඉතින් මේ කුමාරිකාවො මිදුලෙ සෙල්ලම් කරද්දි දකින් ඕනෙම කෙනෙකුට හිතුනෙ මේ පෘෂ්ඨිමත් පියයුරු හරියට හොඳින් ලොකුවෙලා අත්තටු ගහල ඈත ඉමක් කොනක් නොපෙනෙන අහසට යන්න වෑයම් කරන හංසයින් වගේලු.ඉතින් මේ විල් වල හිටපු හංසයින්ට මේ කුමාරිකාවන්ගෙ දඟකාර පියයුරු ගැන ඊරිසිය හිතුනලු.මොකද කියනවනම් ඉස්සර ඒගොල්ලන්ගෙ ලස්සන බලපු හැමෝම දැන් බලන්නෙ මේ ඉගිලෙන්න වෙර දරන හංසයින් දිහාලු.

ඉරිසියාවත් දුකත් වාවන්න බැරිම තැන මේ හංසයො කුමාරිකාවන්ටත් කියලම ඒ විල් අතහැරල ඈතම ඈත මිනිස්සු කවදාවත් නොගිය අඳුරු කැලෑ වල තිබුනු පාළු විල් වෙතට පි‍යාඹල ගියාලු ආපහු නොයෙන්නම.




ඉතින් මේ කුමාරිකාවන්ට හොඳටම දුක හිතුනලු.කරකියාගන්න බැරි දුකින් ඇඬෙන්න පටන් ගත්තලු.ඒ වෙනකල් සතුටින් දුවල පැනල සෙල්ලම් කරපු කුමාරිකාවන් දුක වැඩි කමින් හොඳටම හෙම්බත් වෙලාලු හිටියෙ.ඒ අතරෙදි මේ කුමාරිකාවන්ට නියම අදහසක් ආවලු.

පණිවිඩ යවන පරෙවියන් ගෙන්වා හංසයින් වෙත ලියුමක් යැවුවලු.එහෙම යවපු කුමාරිකාවන් රෙදිපටවල් අරගෙන තම තමන්ගෙ පියයුරු හොඳට තදින් නොසෙල්වෙන විදිහට බැන්දලු කාටවත් නොපෙනෙන පරිද්දෙන් සම්පූර්ණයෙන්ම වැහෙන්න.

ඉතින් අර හංසයො ආපහු ආවම ඒගොල්ලන්ට හරිම සතුටු හිතුනලු.ආපහු මිනිස්සු එයාල දිහා බලන්න ගත්තලු.ඊට පස්සෙ හැමදාමත් මේ කුමාරිකාවනුයි හංසයොයි ගොඩක් ගොඩක් ගොඩක් සතුටින් ජීවත් වුනාලු.

ඕන්න ඔහොමයිලු ඉතින් වර්ථමානෙ තියෙන තනපට කියන සංකල්පෙ ලෝකෙට ඇතිවුනේ.දැන් නම් ඉතින් එක එක විච්චූරන එව්ව තියෙනව නෙව.


මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව.අලේ මන්ද.තීරනය ඔබ සතුයි.හැබැයි තවත් දෙයක්..........







කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ.ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ ;)

Wednesday, June 13, 2012

හොග්වට්ස් මායාකරුවන් ලංකාවේ (සුට්ටක් විතර 18+ ලූ)

හොග්වට්ස් මායා පාසල යනු ඔබ අපි සැවොම හොඳින් දන්නා හඳුනන, වරම් ලැබේනම් අපිත් යාමට කැමති, සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ මායා පාසලයි.ඉතින් ඉතින් මමත් මෙතෙක් කල් හිතන් හිටියෙ ඇත්ත ජීවිතේ දේවල් හා සසඳා මායාව ඊට ගැලපූ නිසාම මෙය අපිට මේතරම්ම හුරු පුරුදු වුනා විනා මෙහි සත්‍යක් නොමැති බවයි.ඒත් දන්නවද වැඩක්????


මෙතෙක් බොරුයි කියල හිතපු එව්ව ඕන් ඇත්ත වෙලා.නිකන් කිචි කිචි වගේ නේ.මෙතෙක් කල් ගමේ කෙල්ලන්ට පැණි හලපු, නගරෙ කෙල්ලො දැකල කටේ කෙලත් හිඳුනු අපිට කොහොමෙයි චෑන්ස් එකක් ලැබුන නම් මායාකාරියක් එක්ක ලඟින් වාඩි වෙලා අත් අල්ලං හිනා වෙවී අපි මායා දස්කම් ගැන කතා කරන්න.නැත්නම් අනිත් එවුන්ගෙ කටවල් වැහෙන්නත් එක්ක හවසට එයත් එක්ක අත් අල්ලං අහසෙ පියඹගෙන යන්න.හ්ම්ම්ම්......... මටත් ආසයි ඒ ලස්සන අඳුරු මාවත් දිගේ මායා යශ්ඨියෙන් එලිය මවාගෙන, තෙත කොල වැටුනු මඩ තියෙන පාරෙ ගස් වලින් එන සුවඳත් එක්ක අහස දිහා බලන් ඇවිදින්න.හවසට ගඟ ගාවට ගිහින් කිඳුරො කිඳුරියොත් එක්ක කතා කරන්න.හොල්මන් එක්ක පිස්සු කෙලින්න.අකමැති ලෙක්චර්ස් වලදි කොස්සෙ නැගල පැනල යන්න....... පට්ට හීන කෝටියයි.






දැනගන්න ලැබුනම මෙහෙම දෙයක් මුලින් මමත් හිතුවෙ පට්ට පල් ටොම් පචයක් කියල.අඩේ බැලුවම මුංගෙ තර්කෙ ඇත්තකුත් තියෙනව.හා බොරුද බලපල්ලකො නරි රැල :/


මේ පිළිබඳව මෙතෙක් දීර්ගව පරීක්ෂන සිදු කලත් මේ ලඟදි තමා ඕන් මහා කිඳුරු බලකාය විසින් මේක සනාත කොරගත්තෙ.මහින්ද මාම ඇතුලු රජය කකුල් දෙක අල්ලල නොසෑහෙන්න අඬපු නිසාම පොරොන්දු උනා මේක කාටවත් නොකියන්න.ගෝඨ මාම මට කිවුව අපේ රට ආසියාවෙ ආස්චර්යෙ උනාම උංගෙ ගෙදර රෑ කෑමකට එන්න කියලත්.මං ඇහුව රෑ නැතුව දවල් එන්න බැරිද කියලත්.නෑ රෑටම එන්න කිවුව.මං උඹලට විතරක් හොරෙන් කියන්නම් සිද්දිය.උඹල කාටවත් කියන්නෙපා.මං රෑ කෑමට ගිහින් එද්දි ඉතිරි වෙන එව්ව දාල උඹලටත් බත් මුලක් බැඳගෙන එන්නම්.හරි හරි.තෑන්ක්ස් කරන්න ඕනි නෑ.තුන් හතර පොලකින් ඉඳගත්තනම්.මේන්න මේකයි ඕන් සිද්දිය.






උඹලට කියන්න නගේ මලේ.......... ආහ් ඇන්ටිලව අංකල්ලව අමතක උනානෙ.හරි හරි.බොලාට කියන්න දවසක් මං වැස්සකට අහුවෙලා තෙමි තෙමි දුවද්දි ලඟපාතක ඉස්කෝලයක් අහු උනා.හප්පොච්චියේ............ බැලින්නම් ඒ හොග්වට්ස් නෙව.සුට්ටි සුට්ටි ගවුම් පොඩි ඇඳගත්තු මායාකාරියො රොතු බුරුතු පිටින්.ආසාවේ බැරුව.හිරිකඩ වදින නිසා සුට්ට සුට්ට ඇතුලට උනා ඉතින්.එහෙදි ඒ ලමිස්සියො මට නොසෑහෙන්න දේවල් කියල දුන්න.මායා යශ්ඨිය පාවිච්චි කරන හැටි, බෝලෙ රතුපාටට හැරෙද්දි දේවල් මතක් වෙන හැටි, 2ක් මදිවට 3ක් තියෙන බල්ලො........ සැහ් ඔය මොකක් කියල දුන්නත් පට්ටම වැඩේ තමා ඕන් අර රෙද්ද අස්සට රිංගල හැංගෙන එක.රෙද්ද උස්සල රිංගපු ගමන් පොර මිසිං.උන්නද මලාද කියලවත් හොයන්න බෑ.හෑ.......... නෑ නෑ ගවුම් පොඩි ගැන නෙමේ කිවුවෙ අර ඉන්විසිබිලිටි ක්ලෝක්ද මොකද්ද මන්ද එක.ඇයි උඹල හිතුවෙ ගවුම අස්සට රිංගුවහම අතුරුදහන් වෙයි කියලද.නොසෑහෙන්න ගුටි කන්න නම් පුලුවන්.හප්පේ කියනකොටත් මයෙ මේ උරහිස නිකන් උලුක්කු උනා වගේ :/






මං පහුවදා දවලුත් ගියාම නම් එතන එහෙම මුකුත් තිබුනෙ නෑ.පස්සෙ මං හිත හිත හිටියෙ මේක දැකපු හීනයක් වෙන්නැති කියල මේ ටික දවසකට කලින් ලංකාවෙ ප්‍රධාන මුහුදු ප්‍රදේශ කීපයකින්ම මීට අදාලව මයා කරුවන් කාරියන් හම්බුවෙන තුරු.එක තැනම දෙකක නම් මක්කෙයි.මුංව එකපාර ගෝල්ෆේස්, මීගමුව බ්‍රව්න්ස් බීච්, ගල්කිස්ස මුහුදු තීරය, වැල්ලවත්ත මුහුදු තීරය, පානදුර මුහුදු තීරය ඇතුලු ගොඩක් තැන් වලින් හම්බුනා.ගාල්ල පැත්තෙන් එහෙමත් හම්බුවෙලා.මෙන්න ඉන්නව පින්තූරෙත් එක්කම..........






වැඩේ කියන්නෙ මායා පාසලේදි කට්ටිය අනිත් අයට නොපෙනී යන්නෙ මායා ලෝගුව නිසා.අපේ කට්ටිය ලෝගු අරන් හැමතැනම යන එක ලේසි වැඩක් නොවන නිසා නව සොයාගැනීමක් ලෙස ඒ සඳහා පාවිච්චි කරන්නෙ කුඩේ.කෙසේ නමුත් මොවුන් කියනා විදිහට නම් කොපමන පිරිසක් ඉදිරියේ වුනත් කුඩේ ඉහලා ඔලුව වසාගත්තට පස්සෙ මොවුන් කිසිම කෙනෙක්ට පේන්නෙ නෑලු.බක් ගාල අතුරුදහන් වෙනවලු.කාරනේ ඇත්තද කියල බලන්න මාත් උගෙ මායියත් එක්ක කුඩේ යටට ගිහින් මූන වහගත්ත.හෙමි හෙමින් මං එයාට ලං වෙද්දිම ඕයි ඕයි ඔය මොකද තමුසෙ කරන්නෙ කියල ඌ මාව ඇදල අරං දෙකක් ඇන්න.ඉතින් මං ඇහුව තමුසෙට පෙනිලනෙ ඕයි කියල.ඌ මුකුත් නොකිය යන්න ගියා.


තවත් මේ සඳහා මම පරීක්ෂණයේ නියුතු අතර වාරයකදී පෙනී ගිය දෙයක් නම් සමහරු කිස් එකක් දෙන්න වත් දන්නෙ නෑ.කුඩේ ඉහලගෙන වටේ පිටේ එවුන් කරන විදිහ බලං ඉඳල තමා උනුත් ක්‍රමේ අල්ලගන්නෙ.එවන් විටකදි මං ඒ ජෝඩුවක් උන්නු කුඩේකට පොල් ලෙල්ලකින් ගහල ඇහුව "මේ අයියෙ.ඔයාල මායාකාරයොද ඈ?" කියල.එතකොට ඌ කියපි "නෑ අපි ප්‍රේමවන්තයො.මායා කාරයින්ට වඩා ලොකු සයිස්" කියල.මං ඊලඟ ප්‍රශ්නෙ අහන්න කට අරිද්දිම ඌ අපෙ අම්ම මතක් කරපු නිසා මං චුත වුනා :D


මේ අතර මට තවත් වර්ගයක් අහු වුනා.




මොවුන් කුඩයක් හෝ එවැනි කිසිදු උපකරණයක් භාවිතා නොකරයි.හොඳින් හෙවන ඇති නිස්කලංක තැනක් මේ සඳහා යොදාගනී.හෙවනේ වාඩි ගත් කල අතුරුදහන් වන මොවුන් නැවත මතුවන්නේ පැය 2, 3කට පසු එතැනින් නැගිටින විටය.අනේ සංසාරේ කියා මා ඇතුලු පරීක්ෂක පරීක්ෂිකාවන් රැල ටිකට් නැතුවම සිත්තරපටියක් නැරඹුවෙමු.


මේ සැකකරුවන් ලඟ තිබී අමුතු අමුතු උපකරණ අපිට ලැබුනි.ලැබුනු එක වටිනා උපකරණයක් ටොපියක යැයි සිතා අපේ එකෙක් විසින් ගිල දැමීම නිසා එය අපිට අහිමි විය.නමුත් ඔහු කියූ පරිදි නම් එහි ස්ට්‍රෝබෙරි රසයක් තිබී ඇත :D


මොවුන් සතුව තිබී අපට ලැබුනු උපකරණ වලින් කීපයක් පහතින් දක්වා ඇත.ඔය තියෙන්නෙ


සැක සහිත ලෙස බෑගයේ සවිකර තිබූ බැජ් අංක 1

පෙනේද මේ සුට්ටි මායා යශ්ඨිය.මූ කන හාරන්නත් ගන්නවලු මේක :o


හොග්වට්ස් පාසලේ තේ බෝතලයක්


හොග්වට්ස් පාසලේ නිල පාසල් බෑගය.මුං අවලමේ යද්දිත් මේව ගේනවනෙ.බලපිය රට යන අත :/


සැක සහිත ලෙස බෑගයේ සවිකර තිබූ බැජ් අංක 2


හොග්වට්ස් කීඩා කවයේ නිල වතුර බෝතලය.දෙකක් තුනක් අනින විට ඌ කණ්ඩායමේ වතුර කොලුවා බව අනාවරනය විය


ලවර් එකෙන් ගත්තා කියා අපිව නොමග යවන්න හැදූ කී ටැගයක්

තවද මොවුන් සතුව විවිද වර්ගයේ පැණි රස කෑම තිබී සොයාගෙන ඇත.මානසික ආතතිය වැලකීමට පැනිරස මායාකරුවන් ගන්නා බව හැරී පොටර් 3 වන කොටස කියවූ හෝ බැලූ ඔබ හොඳින්ම දනී.ඒත් මුං මානසිකව වැටෙන්නේ නැති බවත් මේ දෙස බලනා තනිකඩයින් මානසිකව වැටෙන බවත් අපිට පසක් වූ කරුණයි.

තවද උපකරණ අතර දීර්ග ලෙස විශ්ලේෂනය කලයුතු උපකරණ 4ක් වෙත අපේ කුරිරු ඇහැ යොමු විය


1.දිග කං සහිත තොප්පිය.මෙය බැලූ බැල්මටම අමුතු සයිකො තොප්පියකි.මොකාටද යකෝ මේ තරම් දිග කන් තොප්පි දාල වහන්න ඕනි.මේ ස්වීට් ලිට්ල් අක්ක නම් මට කිව්වෙ ලඟදිම එයාල පැටියෙක් හදන්නලු ඉන්නෙ.මං ඇහුව බලුද කියල.නෑ දරු කියල කිව්ව.බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ අතපය වගේම හැමදේම දිග නිසා බබාට දිග කන් තියෙන තොප්පියක් දැන්ම ඉරිද පොලෙන් අරගත්තලු.ඒ සැකසහිතයි o.O


2.අමුතු කොල පාට දිග මෙව්ව එක.මේක මොකද්ද දන්නෙ නෑ.හිතන්නෙ යශ්ඨියක් කියල.අමුතු හැඩේ නිසාම මං ගෙදර ගෙනාව.අල්ලපු ගෙදර ඉන්න ලඟදි ඩිවෝස් වුනු අක්ක ඕන් මේක ඉල්ලගෙන ගියා.මොකෝ දල්ලෙ ලෑ :o




3.මිනිහ මේක කුඩේ යටදිම ගලවල එලියෙන් තියද්දි තමා ඕන් අතටම අල්ල ගත්තෙ.ඒක කුඩයක් කිව්වට අර අයිස් ක්‍රීම් කුඩයක්.අමුතු ජාතියේ සතෙක් මෙහි වසා ඇති බව ඔබටත් පෙනෙනව ඇති.මුං කොයි ලෝකෙන් සත්තු ගේනවද මන්ද


4.මේක තමයි දැනට අපි ලැබ් එකේ පරීක්ෂන කරන්නෙ.සැකකරු කිවුවෙ නම් මේක දත් බුරුසුවක් කියල.දත් බුරුසුවක් එක්ක තියල අපි ඒ නිසාම මේක සංසන්දනය කලා.බොලා මේකට කියන්නෙ දත් බුරුසවක් කියලද.අපිට නම් පේන්නෙ මේක කොස්සක් වගේ.බැලූ බැල්මට දෙකට නැවී #* කසාගැනීමටත් මෙය මදි බව හැඟේ.නමුත් සැෂේ කොස්සක් බෑගයේ දාගෙන යාම නිසා ඔහුව සිරගෙට නියම කොට ඔහුගේ මායියා මා භාරයට ගතිමි ;)


අවසන් ලෙස මොවුන්ගෙන් දෙදෙනෙකුගෙ සිරුරු මත මායාකරුවන්ට අදාල පින්තූර ටැටූ ගතකොට තිබෙනු මගේ එක්ස් මායියා දැක මට සැල කිරීමෙන් පසුව අපි ඒ ගැන බැලුව.එතකොට කරපු මරණ තර්ජනයක් නිසා තමා ඕන් මහින්ද මාමටත් කියල මම මේ වගේ දීර්ග පරීක්ෂණ වාර්ථාව වහල දැම්මේ.




අක්කා කෙනෙකුගේ පශ්චාත් භාගයේ වම් අර්ධයට මදක් ඉහලින් පිහාටු සහිත ඇටයක් වැනි යමක් අපිට දැකගත හැකි විය."අක්කෙ අක්කෙ මේ මොකක්ද" කියල ඇසූ සඳ "ඒ තොගෙ ඇටේ" යයි ඇය කීවේය.මගේ ඇටේට පිහාටු තිබේදැයි එවෙලේම පිරික්සා බැලූ මට එවැන්නක් සොයාගත හැකි නොවීය.එහෙයින් මා ඇයගේද සහය පැතීමි.පැය කීපයක් පසු වුවත් සොයාගත නොහැකි විය.ඊලඟට ආවේ මට මරණ තර්ජනේ එල්ල කල "තුම්මුල්ලේ කිඩ්නැප් පුතා" යැයි කියූ මායාකරුවෙක් බවට උපකල්පනය කරන එකාය.




"අයියෙ ඇයි අයියෙ කුරුල්ලො අතේ ගහල" කියල පමනක් මං ඇසූ පසු ඔහු මදක් සිනාසුනු බව මතකය.සිහිය එන විට මරණ තර්ජනේ ලිඛිතව ලියා සාක්කුවේ දමා තිබුනි.තවමත් ඇවිදීමට නම් සුට්ටක් අමාරුය.චැහ්........


ප.ලි :- හුදෙක් විනෝදය තකාම ලිවුවෙමි :D
ප.ප.ලි :- ලිපිය දිග වැඩි නෑ නේදෝ.......... :p